මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

යම් රාජ්‍යයක් තුළ ආණ්ඩුවෙන් ස්වාධීනව ඇති සියලුම ආයතනවලින්  සිවිල් සමාජය සමන්විතය. එවන් ආයතනයන්ට  ස්වේච්ඡා සංවිධාන, සමාජයීය සහ ක්‍රිඩාසමාජ සිට විරෝධතා ව්‍යාපාර, දෙවස්ථාන  ආගමික සභා දක්වා  පුලුල් පරාසයක සිට විරෝධතා ව්‍යාපාර, දෙවස්ථාන  ආගමික සභා දක්වා සංවිධාන රැසක් ඇතුළත්ය. මේ අන්දමේ ආයතනවලට පුද්ගලයන් එකතුවන්නේ අන්නොන්‍ය එකඟතාවෙන් සහ නිදහසේ සම්බ්න්ධවිමෙනි. අතැම් අවස්ථාවල සිවිල් සමාජය, ඊට දේශපාලන මානයක් එක්කරමින් ‘සමාජය’ යන්නෙන් වඩාත් පොදු ආකාරයකට වෙන්කොට හඳුනාගනු ලැබේ. ඉන් දක්වන්නේ රාජ්‍යයේ අනුමතිය නොමැතිව සාමූහික ක්‍රියාකාරකම්වල නිරතවන සංවිධනායන්ය.

Related image

සිවිල් සමාජයේ වර්ධනය බොහෝවිට  ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවක් ලෙස සැලකේ. මීට පටහැනිව,   ඒකාධිපතිවාදයේදි එය පිළිකෙව් කෙරේ. එහිදී සැලකෙන්නේ සියලු කටයුතු රජය මගින් පලනය කළ යුතුය යනුවෙනි. කලින් කොමියුනිස්ට් රටවල සිවිල් සමාජ යළි මතුවී ඇත. එසේ වුවද, චිනයේ මෙවා ඇත්තේ කලල වස්ථාවේ මෙන්ම අවදානමට ලක්වෙමිනි. තවද, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත රටවල පවා, රජයේ වගකිම විය යුත්තේ කුමක් ද, සිවිල් ස්මාජයට පැවරිය යුත්තේ කුමක්ද යන්න ගැන දිගටම වාද විවාද පවතී.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ එන Civil society කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending