අත් කහ, කුරුඳු, කර්දමුංගු ආදී අපේ ආහාර වේල තවත් රස කර ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍ය වනාහී දිය වැඩියාවේ සිට සංකීර්ණ මානසික රෝගී තත්ත්වයක් වන ඩීමෙන්ෂියාව දක්වා දහසකුත් එකක් රෝග නිවාරණය කරන, මිලෙන් අඩු එමෙන්ම පහසුවෙන් සොයා ගත හැකි ‘සර්ව රෝග නිවාරක‘ හෙවත් සෑම රෝගයක්ම සුව කරන විශ්ව ඖෂධ ලෙස අධික ප්‍රචාරයක් ලැබුවත් අප ඒ ඇම කෙළින්ම ‘ගිල‘ දැමිය යුතු ද?

උදේ ආහාර වේල සඳහා පාන් සමග කහ සාමාන්‍යයෙන් සැපයෙන ආහාර වේලක් නම් නොවෙයි තමයි. ඒත්, තායිවානයේ, තායිපේ ජාතික සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ මාර්ක් වහ්ක්විස්ට් වැඩිහිටි කණ්ඩායමකට මෙවන් පාතරාසයක් පිළිගන්වුයේ පර්යේෂණයක් සඳහායි. කහ වල ප්‍රජානන ගුණ අඩංගු බව අසා තිබූ ඔහු එය කෙතරම් දුරට කාර්යක්ෂම ද, නැතිනම් සාර්ථක ද යන්න සොයා බැලිමටයි එකී වයසක පිරිසට කහ සමග පාන් පිළිගැන්වුයේ. ” කහ මොළයේ ආරාක්ෂාව සැලසිමට උපකාරී වෙනවා යන්න අළුත් අදහසක්” වහ්ක්විස්ට් කියා සිටී. දිය වැඩියාව මොළයේ හැකියාවන් කෙරෙහි බලපෑම් කරන බව ඔහු දැන සිටියේය.මේ පිරිස දියවඩියා රෝගයට ගොදුරුවෙමින් සිටිනා බවට කලින් වෛද්‍යවරුන් විසින් තීරණය කර තිබුණි.
කෙසේවෙතත්, ස්වාභාවික ද්‍රව්‍යවල රෝග සුවකිරීමෙ මෙතෙක් සොයා නොගත් බලයක් ඇතැයි තරයේ විශ්වාස කරන්නනන්ට නම් කහ වල මොළයේ හැකියාවන් ඉහළ දැමිමට ඇති ඉඩකඩ ගැන නම් සෑහිමකට පත් වන්නට නොහැකිය. ඒ වුණාට කහ වලින් ලැබෙන ගුණයන්ගේ දීර්ඝ ලැයිස්තුවට එය ද එක්කර අද ගුන ආහාර අතරේ ප්‍රධාන තැනක් ගැනීමට සමත්වී තිබේ. GOOGLE TRENDS. US දක්වන අන්දමට 2012 සිට 2016 දක්වා කහ(turmeric) ගැන ගූගල් සෙවිම් සියයට තුන්සියකින්(300%) වැඩි වී තිබේ.
මේ උනන්දුව කහ ගැනම පමණක් නොවෙයි. කුළු බඩු බොහොමයක රෝග සුව කිරීමේ බලය හුවා දක්වන වාර්තා අන්තර් ජාලයේ ඉතාමත් සුලබය. විශාදය(depression) සිට හෘදවාහිනී රෝග හා පිළිකාව දක්වා වූ නොයෙකුත් රෝග තත්ත්වයන්ට එවා ගුණදෙයි. මේ මත සනාථ කරන්නෝ ද අපමණය. අමු මිරිස් ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන සුළුයයි සඳහන් වාර්තාවක් කියැවූ 2016 අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් චන්ද ව්‍යාපාරය පැවති සමයේ දිනපතා මිරිස් කරලක් ආහාරයට ගත් බව කියැවේ. එහෙත් සලකා බලිය යුතු ප්‍රශ්නය වනුයේ අප ගිලදමන්නේ විවිධ රෝග සුව කරන දිව්‍ය ඖෂධ ද නැතිනම් හුදෙක් ‘ප්‍රචාරක ගුලියක්’ ද යන්නය.

කුළුබඩුවල ඖෂධිය ගුණය සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමයේ තදින් මුල් බැස ගෙන ඇත්තකි. දැන්ට වසර 3000කට වැඩි කාලයක් තිස්සේ ඉන්දියාවේ ප්‍රචලිත ශුද්ධ ආයුර්වේදය අනුව කහ සෙම්ප්‍රතිෂ්‍යාවට පිළියමක් ලෙස කිරි සමග මිශ්‍ර කර පානයට දෙන අතර උලුක්කුව හෝ හන්දිපත් ප්‍රදාහයට තලපයක් ලෙස පිටතින් අතුල්ලනු ලැබේ. විවිධ රෝගාබාධ සඳහා චීන වෛද්‍යක්‍රමයේ ඖෂධීය පැළෑටි සහ කුළුබඩු 300 වඩි ප්‍රමාණ්යක් යොදා ගනේ.
කුළුබඩු ඖෂධයක් ලෙස ආහාරයට එක්කර ගැනීම හෝ ඖෂධීය පාන ලෙස හෝ මෙ දෙයාකාරයටම හෝ උපයෝගී කර ගනු ලැබේ. මෙවායෙ චිකිත්සක ගුනය තදින් මෙන්ම පුළුල්ව පැතිර ගියේ ක‍්‍රි.ව. 500-1453 අතර පමණ කාලය හසුවන මධ්‍යකාලීන යගයෙ ආසියාවේ සහ අප්‍රිකාවේ සිට ඖෂධීය ශාක සහ කුළුබඩු යුරෝපයට හඳුන්වා දීම සමගය. විසිවැනි සියවසේ දී මෙම රටවල සංක්‍රමණිකයන් වැඩි වැඩියෙන් පදිංචියට ඒමෙන් ඊවා කරළියට ඒමට මග පෑදුණු බව වහ්ක්විස්ට් පෙන්වා දෙයි. එහෙත් කෘත්‍යාත්මක ආහාර, එ කියන්නේ පෝෂන ගුණය ඉක්මවා ගිය ඖෂධිය ගුණයක් සහිත ආහාර සඳහ අපේ ආශක්තවීම ඉහළ යත්ම අද වන විට කුළුබඩු ලබ්ධි මට්ටමකට පැමින තිබේ. යුරෝපයට ඖෂධිය ශාක සහ කුළු බඩු ආනයනයනය 2012 සිට2016 දක්වා වාර්ශිකව සියයට 6.1 කින් ඉහළ ගොස් අති අතර කහ සඳහා ඇ.එ. ජ. ගූගල් සෙවිම් ඉහත දැක්විණ. කහ වල අඩංගු ක්‍රියාකාරී ද්‍රව්‍යයක් වන කර්කියුමින්(curcumin) අඩංගු පරිපූරක ආහාර අලෙවියෙන් 2014 දි එරට උපයා ගත් ආදයම ඩොලර් මිලියන 20 ඉක්මවීය.
මේසා උනන්දුවත් සමග මෙ කියා පෑම් තුල යම් හරයක් තිබිය හැකිය යන කාරනාව ගැන විද්‍යාඥයන්ගේ අවදානය ද යොමුවී තිබේ. “උදාහරනයකට, ආහරයට ගන්නා සාපෙක්ෂව අඩු මිලැති ද්‍රව්යයකින් දිය්වැඩියාවේ හෝ ඩිමෙන්ෂියාවේ බලපාම අඩු කර ගන්න පුලුවන් නම් ඒක කොච්චර වාසියක් ද?” යනුවෙන් වහ්ක්විස්ට් ප්‍රශ්න කරයි. ඖෂධිය ශාක සහ කුළුබඩු ගැන කෙරෙන අධ්‍යයන සංඛ්‍යාව පසු ගිය දශකය තුල පුදුමාකාර ලෙස ඉහල ගොස් තිබේ. කර්කියුමින්වල ජීව විද්‍යාත්මක අන්තර්ක්‍රියාකාරකම් ගැන පමනක් සෑම සතියකම විද්‍යාත්මක වාර්තා 50ක් පමන පළවෙයි. එසේවුවද, මේ සා දත්ත ප්‍රමාණයක් එක් රැස් කෙරුනද එවායින් මතු කර ගෙන ලැබ ඇති සොයාගනීම් ව්‍යාකුලය. ඒ ගැන සමාලෝචනයක් මෙම ලිපියේ ඉතිරි කොටස ලෙස ලබන අඟහරුවාදා පළවේ. නොවැරදීම කියවන්න “ආහාර රස ගන්වන කුළු බඩු ‘දිව්‍ය ඖෂධ’ ද?”
New Scientist magazine (June 16, 2018) හි පළවූ Flavour of the month? යන ලිපිය අසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න