මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Image result for pacifism

සාමවාදය යනු මිනිසුන් මරා දැමීම — සහ අනෙකුත් ප්‍රචණ්ඩ ස්වරූප සියල්ල — සෑම අවස්ථාවකදීම් සම්පුර්ණයෙන්ම වැරදි සහගතය යන  විශ්වාසයයි. සාමවාදියෙකුවීම යනු අවශ්‍යයෙන්ම හුදු කිසියම් වු එක් යුද්ධයකට විරුද්ධතාව දක්වන්නෙකුම විය යුතු නොවේ. එසේ තෝරාගනු ලැබු කිසියම් යුද්ධයකට විරෝධය දක්වන්නෙකු ඇතැම් වෙනත් යුද්ධ සාධාරණීකරනය කල හැකි යයි විශ්වාස කළ හැකිය. බොහෝ අවස්ථාවලදී සාමවාදය      මුල් බැසගෙන ඇත්තේ ආගමික විශ්වාසන් මතය. නිදසුනක් දක්වන්නේ නම් සුළු කි‍්‍රස්තියානි ආගමික නිකායක් වන  ක්වේකරවරුන්ගේ(Quakers) සාමාජිකයන් ද බොහෝ බෞද්ධයන් ද  මෙන්ම සාමවාදීන්ය. කෙසේවෙතත්, ක්‍රිස්තියානි නිකාය බොහොමයක් සහ මුස්ලිම් වැඩි පිරිසක් ‘සාධාරණ යුද්ධය’ යන අදහස පිළිගනිති.

Related image

සාමවාදීන් අවුල් සහගත  මනසකින් හෙබි පරමාදර්ශවාදීන් ලෙස උපහාසයට ලක්කෙරුන ද, අවිහිංසාව  දේශපාලනයේ දී සාර්ථක  උපාය මාර්ගයක් ලෙස ඔප්පුවී ඇත. විසිවැනි සියවසෙහි මුල් අර්ධයේ දී ඉන්දියාව බ්‍රිතාඥයන්ගෙන් නිදහස් වීම පතා සිදු කළ අරගලයේ දි මහත්මා ගාන්ධි(1869–1948) අවිහිංසාවාදී සිවිල් නීති කඩකිරිම අනුදැක්කේය. මේ ප්‍රවේශය බොහෝ ආනුභාවසම්පන්න බව සනාථ විය. නිදසුන් වශයෙන් දක්වතොත්, අප්‍රිකානු ඇමරිකානුවන් සඳහා සිවිල් අයිතිවාසිකම් ලබා ගනු වස් 1950 ගණන් වල සහ 1960 ගණන් වල මාටින් ලුතර් කිංග්(කනිෂ්ඨ) (1929 – 68)  මෙහයවූ ව්‍යාපාරයෙහි එහි බලපෑම් පැහැදිලිව දැක ගත හැකි විය.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ එන Pacifism කොටස ඇසුරෙනි

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending