මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

ඒකාධිපතිවාදී රෙජිමයන් හෙවත් පාලන තන්ත්‍රයන්  පරම බලය දැරීමට පමණක් නොව, රාජ්‍යය තුළ ගතකෙරෙන ජීවිතයෙහි සෑම අංශයක්ම පාලනය කිරිම්ට උත්සුක වෙයි. එසේ වෙර දරන්නේ සෑම පුරවැසියෙකුගේම සෑම ක්‍රියාවක් මෙන්ම සෑම සිතුවිල්ලක්ම ඔවුන්ගේ චින්තනයට අනුකූලව තබාගැනීම පිණිසය. හිට්ලර්ගේ ජර්මනිය සහ ස්ටාලින්ගේ සෝවියට් සංගමයත් වැනි විසිවැනි සියවසේ ෆැසිස්ට්, නට්සි සහ කොමියුනිස්ට් ආඥාදායකත්වයන් හා සමග ඒකාධිපතිවාදය සුවිශේෂීව සම්බන්ධවෙයි.

අනවරත ප්‍රචාරණ ධාරාවන් සමගින් ජනතා සිත්සතන් වෙනස්කිරීමට භාවිත කරන පුවත්පත්, ගුවන් විදුලිය සහ සිනෙමාව වැනි ජන මාධ්‍යය වැඩි දියුණුවිමට පෙර ඒකාධිපතිවාදය පැන නැගීමේ ඇති ඉඩකඩ අඩුය. එවැනි අරමුණු කරා පාසල් සහ විශ්වවිද්‍යාලය ද යොමු කෙරේ. ඒ අනුව, රජය හෝ පාලක පක්ෂයේ මතවාදී සන්දර්භය තුළ යම් වැදගත්කමක් පිළිබඳ හැඟීම තහවුරු වන්නේ නම් ඒ ජනමුළුවලිනි. පැවතීම සඳහා අවසර ලැබෙන්නේ රජය මගින් අනුදත් ආයතනවලට පමණකි — සිවිල් සමාජය යනුවෙන් දෙයකට ඉඩකඩක් නොමැත. මෙ ආකාරයෙන්,  දේශපාලන ආවලියේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අන්තයට අනික් අන්තයේ ඇත්තේ   ඒකාධිපතිවාදයයි.

Image result for Totalitarianism

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ එන Totalitarianism කොටස ඇසුරෙනි

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending