ජීවිතය කියන්නේ කුමකටද? වචන කිහිපයකින් දක්වතොත්, විද්‍යඥයන් ඔය ප්‍රශ්නයට මෙහෙම උත්තර දේවි: “ජීවිතය යනු අඩු තරමින් එක් ‘තාපගතික චක්‍රයක්’ හෝ අවශ්‍යවන ස්වයං-ප්‍රතිවලන(self-replicating) ක්‍රියාදමයකි”. එයම වෙනත් ආකාරයකින් දක්වන්නේ නම් තමන්ටම අනුකෘති සෑදීමෙ හැකියාව ඇති ජීවත් වන්නාවු යමකි. එම ජීවියා මෙය සිදුකරන්නේ රසායනික සම්පත් යම් ආකාරයකින් පරිවර්තනයකට ලක්කිරීමට යොදාගනිමින් බලසක්ති ප්‍රභවයක් උපයෝගීකර ගනීමෙනි. එම ශක්තිය නොකඩවා සැපයිය යුතුය; ඉතින් ශක්ති මූලය නොමැතිව ගියහොත් හෝ ජිවියාට එම ශක්ති මූලයෙන් ශක්තිය ලබා ගැනිමට අපොහොසත් නම් එවිට ඇතිවන ප්‍රතිඵලය මරණයයි. ජීවිතයට සුවිශේෂී බවක් ඇතිවන  තවත් දෙයකි එය: ජීවියෙකුට මිය යා හැකිය.

මෙම අර්ථදැක්වීම අනුව, සරලතම ජීව ස්වරූපය වෙන්නේ RNA වැනි වූ නියුක්ලෙයික් අම්ල(nucleic acid) රැහැන් පටකි. මෙම රසායනෙහිම අංශුවක් එහි පිටපතක් සඳහා අච්චුවක් හෙවත් ටෙම්ප්ලේටයක් ලෙස භාවිතකිරීමට රසායනයට හැක.  කෙසේවෙතත්, එවන් ජීවිතයක්, අවදානම් සහිත අඩමාන එකකි. වසර බිලියන ගණනාවක් පරිණාමය වීමෙන් පසුව ජීව ස්වරූප සම්භාරයක්ම පැවැත්ම සහතික කරණු වස් සිය හැකියාවන් වර්ධනය කරගෙන ඇත. මෙම හැකියාවන් ප්‍රකාශයට පත්වන්නේ ජාන තුළය. එමෙන්ම ඒවා ජීවිතයක සාර්ථකබාවය හෝ අසාර්ථකබාවය පාලනය කරයි. එහෙයින් ජීවිතය වටහා ගැනිම පිණිස කෙනෙකු පටන් ගතයුත්තේ ප‍්‍රවේණි විද්‍යාවෙනි.

ජිවීන් වර්ග

පෘථිවිය මත විවිධ ජීවීන් වර්ග හෙවත් ජීව විශේෂ මිලියන 3 සිට මිලියන 30 දක්වා වෙතැයි ඇස්තමේන්තු කර ඇත. බොහෝ විද්‍යාඥයන් අවිනිශ්චිතව නැඹුරුවෙන්නේ මිලියන 9 දෙසටය.

වඩාත්ම සරල සහ පැරණිතම ජීව ස්වරූපය වන්නේ බැක්ටීරියාවන්ය. බැක්ටීරියාවක ශරීරය සෑදී ඇත්තේ (චිත්‍රය බලන්න) එක් තනි ඉතා කුඩා ප්‍රාග්න්‍යෂ්ටික සෛලයකිනි (‘prokaryotic’ cell). ඒවා එකතුවන්නේ බැක්ටීරියාවකට සමාන ක්‍ෂුද්‍රජීවියෙක් වන ආකි බැක්ටීරියා වෙනි. මේවා විෂයයට අදාළ දැනුමක් නොමැති අයට බැක්ටිරියාවක් ලෙසම පෙනීයා හැකි නමුත් ඒ දෙවර්ගය අතර වැදගත්කමක් දක්වන වෙනස්කම් ඇත. ඇමීබාවාව(amoebae සහ ප්‍රොටෝසෝවාව (protozoa) ඇතුළු අනෙකුත් ඒකසෛල ජීවීන් සතුව බෙහෙවින් විශාල එමෙන්ම වඩාත් සංකීර්ණ සෛල ඇති අතර, ශාක, සත්වයින් සහ දිලීර මගින් යොදාගනු ලබන්නේ  මෙම (චිත්‍රය බලන්න) සුන්‍යෂ්ටික සෛල(‘eukaryotic’) වර්ගයි. සෑම ජීව විශේෂයක් සතුවම අනන්‍ය වූ ජීවන රටාවක් පවතින නමුත් එක ජීවවිද්‍යාත්මක කාණ්ඩයක සාමාජිකයන් අතරේ වෙනත් කණ්ඩායමවල සමාජිකයන් අතරේට වඩා සමාන ගති ලක්ෂණ වැඩියෙන් දැකිය හැකිය. ඒ කෙසේවතුදු, සෑම ජිව ස්වරූපයක්ම පොදුවේ සතුවන  ශක්‍යතාවන් හෙවත් හැකියාවන් පෙළක්ම ඇත:ඔවුහු සිය වටපිටාව ගැන සංවේදීය;බහිස්ස්‍රාවය(මලපහ)කරති; ප්‍රජනනය කරති; වර්ධනයවෙති; ශ්වසනය කරති; එමෙන්ම පෝෂණය අවශ්‍යවේ.

 

Genetics in Minutes (by Tom Jackson) ග්‍රන්ථයෙහී  What is Life? සහ Types of organismහි  යන කොටස් ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending