පෘථිවියේ භූ චුම්භක ක්ෂේත‍්‍රය ක‍්‍රමයෙන් දුර්වල වීමෙන් චුම්භක උතුර හෝ චුම්භක දකුණු ආපසු හරවමින් චුම්භක ක්ෂේත‍්‍රය උඩ යට පෙරළේය යන විමතිය ඉස්මතු වී තිබේ. මෙය නොයෙකුත් බලපෑම් ඇති කළ හැකි සංසිද්ධියකි. එහෙත්, නව පර්යේෂණ වලින් පෙනී යන්නේ එවැනි පෙරළීමක් නොමැතිව පෘථිවිය මෙයට පෙරත් මේ හා සමාන තත්ත්වයක පැවති බවයි. මේ අධ්‍ය්‍යන වාර්තාව මෙ වසරෙ අප‍්‍රියේල් 30 දා Journal Proceedings of the National Academy of සඟරාවෙහි පළ විය. මෙහිදී පර්යේෂකයෝ පෘථිවියේ වර්තමාන චුම්භක ක්ෂේත‍්‍රය මෙයට කල්ප ගණනාවකට පෙර පැවති චුම්භක ක්ෂේත‍්‍රය සමග සංසන්දනය කළහ. පෘථිවි හරයෙහි (Core) මථනය හෙවත් කැලතීම හේතුවෙන් බිහිවන චුම්භක ක්ෂේත‍්‍රයෙහි අද පවතින රටා පසුගිය වසර 50,000 ඇතුළත සිදු වූ අතිශය දරුණු කැළඹීම් දෙක නිරුපණය නොවන බව පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත. එම අවස්ථා දෙකේදීම පෘථිවියේ චුම්භක ක්ෂේත‍්‍රය සමාන කම් දකින්නේ මෙයට වසර 49,000 පෙර සහ වසර 46,000 පෙර තිබූ තත්ත්වයන් දෙකටය. මේ අවස්ථා දෙකෙහි දීම පෘථිවිය පැත්තෙන් පැත්තට වැනුණේ වී නමුත් කණපිට පෙරළීමක් සිදු නොවිණ. කෙසේ වෙතත්, පැත්තට වැනීමක (wobble) වුව අනපේක්ෂිත හා සංකීර්ණ ප‍්‍රතිඵල ඇතිවිය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

මෙම චුම්භක ක්ෂේත‍්‍රය දිගටම දුර්වල වුවහොත්, චුම්භක උතුර හා චුම්භක දකුණු සම්පූර්ණ කනපිට පෙරළීමක් සිදු නොවූවත් පෘථිවිය ආසන්න කක්ෂයක තිබෙන චන්ද්‍රිකා වැනි වස්තුවල තිබෙන ඉලෙක්ට්‍රොනික අංගයන්ට බලපෑම් ඇතිකළ හැකිය.
අපේ ග‍්‍රහලෝකයේ පෘෂ්ඨයට (මතුපිටට) අභ්‍යවකාශයේ ඇති ආරෝපිත අංශුවලින් (charged particles) හානි පැමිණීම පෘථිවියේ භූ චුම්භක ක්ෂේත‍්‍රය මගින් වලක්වා ගනු ලැබේ. එනයින් එය පෘථිවිය මත ජිවිතයට මෙන්ම විදුලි ජාලකයටද (electric grid) වැදගත්ය. සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක තිබෙන ආරෝපිත අංශු සහිතව අතොරක් නොමැතිව පෘථිවිය වෙත එල්ලවන ‘සූර්ය කුණාටු(Solar storms) මගින් චන්ද්‍රිකා සන්නිවේදනයට පමණක් නොව විදුලි ජාලයට පවා යම් ප‍්‍රශ්න ඇති කිරීමට හැකිය. 2003 වර්ෂයේ සිදු වූ මෙවැනි සිද්ධියක දී (සූර්ය කූණාටු) ගුවන් යානා වෙනත් මාර්ගවලට යොමු කිරීමට සිදු වූවා මෙන්ම ස්විඩනයේ විදුලි සැපයුම පැයකට ඇනි හිටියේය.

වර්තමානයේ චුම්භක උතුර(magnetic north), උත්තර ධ‍්‍රැවයට ඉතා ආසන්නවන අතර චුම්භක දකුණ දක්ෂින ධ‍්‍රැවයට ආසන්නය. අන්තිම වතාවට චුම්භක ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන් කණපිට හැරුණු මෙයට වර්ෂ 780,000 කට පෙර සිටම එම තත්ත්වය එබඳු විය. එම අවස්ථාවේ(එනම් මෙයට වර්ෂ 780,000 කට පෙර) චුම්භක උතුරු හා දකුණ සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු වූයේය. කෙසේ වෙතත්, 1840 දී සෘජු නිරීක්ෂණ පටන් ගැනීමේ සිට සෑම ශත වර්ෂයකටම සියයට 5 බැගින් චුම්භක ක්ෂේත‍්‍රය දුර්වල වෙමින් පවති. තවද වක‍්‍ර නිරීක්ෂණ දක්වන්නේ මෙම දුර්වල වීම අඩු තරමින් වසර 2000 ක් වත් තුළ දිගටම සිදුවන බව අයිස්ලන්ත විශ්ව විද්‍යාලයේ පුරා චුම්භකත්වය හදාරන මැක්ස්වෙල් බ‍්‍රවන් සහ සගයෝ සිය නවතම පර්යේෂණ වාර්තාවෙහි සඳහන් කරති. දකුණු අප‍්‍රිකාවේ සිට චිලිය දක්වා දිවෙන දකුණු අත්ලන්තික් අයථාව(South Atlantic Anomaly) නම් ස්ථානයක් ගෝලීය ධ්‍රවීයතා ප‍්‍රතිවර්තනය (ආපසු හැරවීම) බවට පත්විය හැකි දුර්වලතාවක් ලෙස දැක්වේ.

දීර්ඝ පරීක්ෂණවලින් පසුව බ‍්‍රවුන් සහ සගයන් නිගමනය කරන්නේ මෙකී දුර්වල ස්ථානය පමණක් තිබූ පමණින් සම්පූර්ණ ගෝලීය චුම්භක ක්ෂේත‍්‍රය කණපිට හැරවීමක් සිදු නොවන බවයි. එවැන්නක් සඳහා මිහිතලය පුරා න්‍යෂ්ටික ස්ථාන බොහෝ ගණනාවක් තිබිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. ඔවුන්ගේ අදහස තහවුරු කරණු වස් ඔවුන් කියා සිටින්නේ (ඉහත ද සඳහන් කළ) වසර 49,000 කට හා 46,000 පෙර තිබූ තත්ත්වය වර්තමානයේ පෘථිවි භූ චුම්භක ක්ෂේත‍්‍රයට සමාන වුවත් පෙර කී අවස්ථා දෙකෙහිම ද උතුරු දකුණ කණපිට හැරවීමක් සිදු නොවුනු බවයි.
කෙසේ වෙතත්, පර්යේෂකයන් දක්වන අදහස නිවැරදි වී පෘථිවි භූ චුම්බක ක්ෂේත‍්‍රය උඩු යටිකුරු නොවුණත් අපට සිත් සනසා ගත නොහැක. දැනටමත් ඉහළ දැක් වූ ‘දකුණු අත්ලන්තික් අයථාව’ හේතුවෙන් ඉඳහිට චන්ද්‍රිකාවල විදුලිය බිඳ වැටීම් සිදුවන බව බ‍්‍රවුන් සහ සගයෝ පෙන්වා දෙති. ‘දිගටම චුම්භක ක්ෂේත‍්‍රයේ තීව‍්‍රතාව අඩුවෙද්දී මේ වගේ ගැටළු වඩා බහුල වෙන්න පුළුවන්’ ඔවුහු සිය වාර්තාවේ සඳහන් කරති.
Live Science හී පළවූ Why Earth’s Magnetic Field Might Not Flip After All යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න