අද මානවයා විවිධ ක්ෂේත්‍ර වල විශාල දීයුණුවක් අත්පත් කරගෙන තිබුණ ද මාරාන්තික මහා වසන්ගතයක් හට ගැනීමේ ඉඩකඩ වෙන කවරදාටත් වඩා වැඩිය. එය කොයිබින් පැමිණිය හැකිද? අපට එය මග හරහරවා ගත හැක්කෙකේ කෙසේද? ආදිය අද අප හමුවේ ඇති ප්‍රශ්නයි.

සතුරා හඳුනාගැනීම
ප‍්‍රථමයෙන් අපේ සැලකිල්ල යෙමු විය යුත්තේ, නැතිනම් අප සූදානම් විය යුත්තේ කුමක් සඳහාද යන්න ගැනය. ‘‘ ඊළග HIV හෝ SARS උපද්‍රවය, එය හටගැනීමට පෙර හඳුනා ගැනීම කළ නොහැකි තරමටම අසීරුය”යි කියා සිටින්නේ ඇබ් ඔස්ටහඹස්ය. හෙතෙම ජර්මනියේ හැනෝවර් හි මතුවන ආසාදන හා සතුන්ගෙන් බෝවෙන රෝග පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයේ(Research Center for Emerging Infections and Zoonoses) ප‍්‍රධානියා ය. ‘‘ මනුෂ්‍යයන් සමග අන්තර් ක‍්‍රියා කරමින් සහ පුරෝකතනය කළ නොහැකි ආකාර වලින් පරිණාමය වෙමින්අති විශාල ප‍්‍රමාණයක විශේෂයන් අතරේ, වුවමනාවටත් වඩා වෛරස පවතී” හෙතෙම පෙන්වාදෙයි. ක්ෂේත‍්‍රය පටු කිරීමට නම් ඔහු කියා සිටින්නේ ‘‘වන ජීවීන් අතර සිට වයිරස මිනිසුන් අතරින් කාහට, කොතැනදී, කොයි ආකාරයට ඒවිදැයි යන්න ගැන අපට විස්තරාත්මක අවබෝධයක් තිබිය යුතුය” යනුවෙනි. මන්ද කීවොත්, අතීතයේ ඇති වූ මහා වසංගත මෙන්ම ඊළඟට ඇතිවිය හැකි මහා රෝග ව්‍යාප්තිය සතුන්ගෙන් අපට බෝවන්නක් වීමට ඉඩකඩ ඇති බැවිනි.
එවැනි වෛරස ගැන අප දැන සිටින දෑ ගැන එක්සත් රාජධානියේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ මාක් වුල් හවුස් සහ සගයෝ 2016 වසරේ දී සමාලෝචනයක යෙදුනහ. එතරම් ප‍්‍රබල ආකාරයකට නොවුණත් මිනිසුන්ගෙන් මිනිසුන්ට දැනටමත් බෝවිය හැකි, වඩාත් සංස්පර්ශක (ස්පර්ශයෙන් රෝග බෝ කිරීමට හැකි) වීමට හැකි වෛරස 37 ක් හඳුනා ගැනීමට ඔවුහු සමත් වූහ. මේ වෛරස, දුබලතාව සහිතව හන්දිපත් රුදාව ඇතිකරවීමට තුඩු දෙන o’nyongnyong නම් අප‍්‍රිකානු වෛරසයේ සිට, ගොවිපළ සතුන්ගෙන් බෝවෙන සුලභ රෝගයක් වන Rift Valley fever හට ගන්වන වෛරසය දක්වා විශාල පරාසයකට අයත් විය.
ඒ සඳහන් කෙරුණේ අප දන්නා වෛරස පමණකි. අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතන (USAID) මගින් සපයන අරමුදල් යෙදු PREDICT නම් ව්යාපෘතිය මගින් වෙනත් වෛරස ගැන සොයමින් සිටියි. මිනිසුන් සහ ක්ෂීරපායියන් අන්තර් ක්රියා කරන ස්ථානවල, වැඩිකොටම නිවර්තන කලාපය තුළ මේ ව්‍යාපෘතිය ජනතාව, ඔවුන්ගේ ආහාර පාන මෙන්ම ඔවුන්ගේ කෘදන්ත, වවුල් සහ ප්‍රිමාටේ අසල් වැසියන් ගැන විමර්ෂණයක යෙදේ. ඔවුන් සොයා බලන්නේ විශාල වශයෙන් මානව ව්‍යාධිජනක බෝ කරන බවට හඳුනාගෙන ඇති සත්ව පවුල් වල වෛරසයන්හි ජානමය අනුක්‍රමණ ගැනය.
![]()
2017 පෙබරවාරි වන විට ඔවුන් විසින් වෛරස 984 ක් සොයා ගනු ලැබ තිබුණි. ඉන් 815 ක්ම විද්‍යාවට සහ විද්‍යඥයන්ට අළුත් ඒවාය. මෙම ව්‍යායාමය අතරතුර පර්යේෂකයෝ වෛරස විවිධත්වය බහුල තැන් සිතියම් ගත කිරීමට සමත් වූහ. වෛරස සඳහා පරීක්ෂා කිරීමට මෙන්ම රෝග ගැන සෙවිල්ලෙන් සිටීම පිණිස ප‍්‍රාදේශීය පරීක්ෂණාගාරවලට උපකරණ සපයන ලද අතර ඒවායේ සේවක පිරිස් ද පුහුණු කෙරිණ.
අවදානම කල් ඇතිව ප‍්‍රකාශ කිරීම
එහෙත් ඉහත කී වෛරස අතුරෙන් අප අවධානය යොමු කළ යුත්තේ හෙවත් නාභි ගත විය යුත්තේ, කුමන වෛරස කෙරෙහි ද? සමහරක් බැලූ බැල්මට හඳුනා ගත හැකිය. SARS වලට සමීපව සම්බන්ධ, එහෙත් SARS මූලාකෘති වැක්සීනය ඊට බලපෑමට නොහැකි තරමට වෙනස් චීන වෛරසය උදාහරණයි. අනෙක් ඒවා හඳුනා ගැනීමේ දී EcoHealth Alliance හි කෙවින් ඔලිවාල් විසින් සොයා ගනු ලැබූ හෝඩුවාවක් ප‍්‍රයෝජනයට ගත හැකිය. මොහු PREDICT වෘපෘතිය හා සම්බන්ධ ක‍්‍රියා කරන්නෙකි. , ඔහු flavivirus පවුලේ ඇති දත්ත සියල්ල සංඛ්‍යාලේඛනාත්මකව විශ්ලේෂනය කර ඇත. flavivirus යනු Flaviviridae පවුලට අයත් සත්ව වෛරසයකි.
flavivirus විශේෂ ආසාදනය කරත්ම, එම වෛරසය මනුෂ්‍යයන්ද ආසාදනය කිරීමේ හැකියාව වැඩිවෙන බව ඔලිවාල් 2016 දී වාර්තා කළේය. ඒ අනුව, වඩාත්ම අවදානමක් ගෙන එන flavivirus ඇත්තටම, කුරුල්ලන් හරහා බෝවෙන යුරෝපය ආක‍්‍රමණය කළ Usutu, Ilheus, louping ill, Wesselsbron සහ Tyuleniy. ආදී වශයෙන් වෛරස ගොන්නකි.

මනුෂ්‍යයන් ආසාදනයට ලක් කළ හැකි බව අප දන්නා වෛරස පවුල්වල මෙතෙක් සොයා ගෙන නැතැයි ගණන් බලා ඇති මිලියන භාගයක පමණ වෛරස අතරින් බහුතරයක් ජානමය වශයෙන් අනුක්‍රමණය කිරීමෙන් සහ අනුරූපණය කිරීමෙන් සතුරා පිළිබඳ තවත් එහාට අධ්‍යයනය කළ යුතු යයි The Global Virome Project නම් ව්‍යාපෘතිය අදහස් කරයි. මේ සඳහා දශකයක කාලයක් තුළ ඩොලර් බිලියන 3.4 ක් වැය වෙතැයි ගණන් බලා ඇත. වෛරසවල කොපමණ නම් විවිධත්වයක් ඇත්ද නැතිනම් ඒවා පවතින්නේ කොයිබද යන්න දැන ගැනීම අප අපේක්ෂා නොකරන මාදිලියේ ඇතුළු නුවණක් සපයන්නට හැකිවීමට ඉඩ තිබෙන අතර රෝග පාලනය සඳහා ආයෝජනය කිරීම් දිරිගැන්වීමට ද පුළුවන.
ලබන බ‍්‍රහස්පතින්දා : සතුරාට එරෙහිව සන්නද්ධවීම
NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි The coming plague යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න