ඇපලෝ අභ්‍යවකාශගාමින් සඳ ගමනින් පසු යළි පෘථිවියට පැමිණි පසු ඔවුන්ගේ අඳුම්වල ඇලී තිබූ දූවිලි ඔවුන්ගේ උගුර වන වීමටත්, ඇස්වලින් කඳුලු ගැලිමටත් මග පෑදිය. සඳ මත දූවිලි සෑදී ඇත්තේ තියුණු, රළු, අප්‍රසන්න අංශු වලිනි. එසේ වුවද ඒවා මිනිසුන්ට කෙතරම් විෂ සහිතද?
ඇපලෝ 17 මෙහෙයුමේ දි සඳ මත පා තැබූ අභ්‍යවකාශගාමින් 12 දෙනාගේම කිවිසුම්යාමේ සිට නාසය හිරවීම දක්වා වූ රෝග ලක්ෂණ පහළ වූ විට නාසා අභ්‍යවකාශගාමී හැරිසන් ෂ්මිට් ඒ තත්ත්වය විස්තර කළේ ‘චන්ද්‍ර කෘශ උණ'() හැටියටය. සඳ මත මිනිසා පා තැබිම ‘ඉමහත් පිම්මක්’ වුව ද එම මෙහෙයුමෙන් පසු චන්ද්‍ර ගවේෂණය පිලිබඳව මෙතෙක් පිළිතුරු සොයා ගනීමට අසමත්වූ ප්‍රශ්නයක් ඉතිරි කර තබා ඇත — එය මිනිස් වර්ගයා සෞර ග්‍රහ මණ්ඩල ගවේෂණය සම්බන්ධයෙන් ගන්නා ඊළඟ පියවරට සමබන්ධ එකකි: චන්ද්‍ර ධූවිලි මනුෂ්‍ය සෞඛ්‍යට අහිතකරද?

ලොව පුරා විශෙෂඥයන්ගේ සම්බන්ධය ඇතිව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ මාහාභිලාෂි පර්යේෂණ වැඩසටහනක් මගින් මෙම ප්‍රශ්නයට විසදුම් සෙවිම දැන් ආරම්භ කර තිබේ. “මේ චන්ද්‍ර ධූවිල්ල කොයි තරම් නරකද කියල අපි දන්නේ නැහැ. අපි සැලකිල්ල දක්වන්න ඕන කොයි තරම් අවදානමක් තිබේද යන්න ගැනය” යි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පුප්ඵුසීය කායික විද්‍යාඥ කිම් ප්‍රිස්ක් පවසයි. අභ්‍යවකාශ ගමන්බිමන් ගැන වසර 20 ක පළපුරුද්දක් ඇති ඔහු යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥයන් 12ගෙන් එක් අයෙකි.
යමහල් ක්‍රියාකරිත්වයක් ඇති ග්‍රහ ලෝක වල සාමන්‍යයෙන් දැකිය හැකි ද්‍රව්‍යක් වන සිලිකේට්(silicate) චන්ද්‍ර ධූවිලිවල අඩංඟුය. සිලිකේට් ආඝ්‍රණයෙන් අපේ ලෝකයේ පතල් කරුවන් ගේ පෙනහළු ප්‍රදාහයට පත්වන අතර කැලැල් හටගැනිමට මග පාදයි. සඳෙහිදී දූවිල්ල කෙතරම් රළු ද කීවොත්, අභ්‍යවකාශ අඳුම් කට්ටලයේ බූට් සපත්තුවල ස්තර කිහිපයක්ම ගෙවා දැමීමට තුඩුදුන් අතර ඇපලෝ සාම්පල බඳුන්වල වැකුම් මුද්‍රා විනාශ කෙරිණ.
සඳ මත දූවිලි පවුඩර් මෙන් සිනිඳුවන අතර වීදුරු මෙන් තියුණුය. පෘථිවියේ ගුරුත්වය මෙන් හයෙන් එකක් වන චන්ද්‍රයාගේ පහළ මට්ටමේ ගුරුත්වය හේතුවෙන් කුඩා අංශු දිගු වේලාවක් අවලම්භිතව පවතින අතර පෙනහළු ඇතුළටම කා වැදෙයි.

“මිනිස් කෙස් ගසක් මෙන් 50ස් ගුණයක් කුඩා අංශු පෙනහළු ඇතුළෙහි මාස ගණන් රැඳී තිබෙන්නට පුළුවන් අතර එසේ රැඳී තිබෙන කාලය දික් වන්නට වන්නට, ඒවා විෂ වීමෙ අවදානම වැඩිවේ” යයි කිම් පැහැදිලි කරයි.
මේ දූවිලි ආඝ්‍රහනයෙන් සිදුවිය හැකි හානිය ගැන දැනුමක් නැති නමුත් පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ චන්ද්‍ර ධූවිලි වලට දිගු කාලයක් තිස්සේ නිරාවරණයවීමෙන් පෙනහළුවල සහ මොළයේ සෛල විනශ වන බවයි. පෘථිවි ග්‍රහයා මතදී සියුම් අංශු කාලයක් තිස්සේ සුළඟෙහි සහ ජලයේ බලපෑමට ලක්වීමෙන් සුමුදු වුවද සඳෙහි දූවිල්ල රවුම් නැත. ඒවා උල්සහිතය, තියුණුය.
තවද, සඳ මත වායුගෝලයක් නොමැති අතර නිරන්තරයෙන් සූර්‍යයාගේ විකිරණ ප්‍රහාරයන්ට ලක්වීම්න් පස ස්ථිති විද්‍යුත්ව ආරෝපණයවේ(electrostatically charged). මේ ආරෝපණය කෙතරම් ප්‍රබලද යත්, චන්ද්‍රයාගේ දූවිලි එහි පෘෂ්ඨය මත්තේ ඉහළින් පාවෙමින් පවතින අතර උපකරණ තුළට සහ කෙනෙකුගේ පෙනහළුවලට ඇතුල්වීම වඩාත් පහසු කෙරේ.

චන්ද්‍ර ධූවිල්ලෙහි හැසිරීම සහ එය පරීක්ෂාකෙරෙන උපකරණවල ක්‍රියාකාරිත්වය සොයා බැලිම පිණිස පර්යේෂකයන් ජර්මනියේ යමහල් ප්‍රදේශයකින් ලබාගත් පස් චන්ද්‍ර ධූවිලි විඩම්බන ලෙස යොදාගනිමින් යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය පර්යේෂණ කරනු ඇත. එයද පහසුකාර්යයක් නොවන්නේ පරීක්ෂණයට උවමනා අන්දමට එම පස සකස් කිරීමෙදී අංශුවල උල්, තියුණු ගතිය අඩුවන හෙයිනි.
සඳ මත පසෙහි විෂ පැත්තක් මෙන්ම හොඳ පැත්තක් ද ඇත: “එම පස රත් කිරීමෙන් ගඩොල් සෑදිය හැකි අතර අභ්‍යවකාශගාමින් සඳහා ආවරණ තැනීම පිණිස එවා යොද ගන්නට පළුවනි” යනුවෙන් විද්‍යා උපදේශක අයිඩන් කව්ලි පවසයි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න