මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

අවරෝධනය හෙවත් වැළැක්වීම යනු යම් රටකට ප්‍රමාණවත් තරම් බලගතු සන්නද්ධ හමුදා සහ එම රටටම නිශ්චිතව අයත් යෝධ අවිආයුධ තොග ඇත්නම් වෙනත් රටක් ඊට ප්‍රහාර එල්ල කිරීමට හෝ එම රටෙහී අභිවෘදිය අනතුරට හෙළීමට හෝ ධෛර්යපෑමෙන් වැළැකී සිටීය නැතහොත් උත්සුක  නොවන්නේය යන මතවාදයයි. ‘ආරාක්ෂාව’ වෙනුවෙන් අති දැවැන්ත මුදල් සම්භාරයක් වැයකිරිමෙදී ඕනෑම රටක් එම වියදම සාධරණීකරණය සඳහා සාමන්‍යයෙන් ඉදිරිපත් කරන අදහස  මෙයයි. එම රට ඒ ආකාරයට හමුදා සහ අවි රැස් කළවිට කිසිදා යුද්ධයකට එලඹීමට සිදුවන්නේ නැතිය යන්න මෙහි අපේක්ෂාවයි.

Image result for mutually assured destruction

එහෙත් මේ ඇදහිල්ලේ ගැටළුවවන්නේ එය අවි තරඟයකට තුඩු දීමෙන් අනෝන්‍ය බිය මෙන්ම ආතතිය වර්ධනයකිරීමට මග පෑදීමයි. නිරවි යුද්ධය පැවති සමයේ අවරෝධනය පිළිබඳ මතවාදය ‘අනෝන්‍ය වශයෙන් නිශ්චිත විනාශය'(mutually assured destruction -MAD for short) යන මතවාදය ලෙස පරිණාමය විය. මෙයින් කියැවුනේ පාර්ශව දෙකෙන් එකක් වත් මුලින්ම න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්නේ නැත මන්ද ඊට ප්‍රතිචාර වශයෙන් අනෙක් පාර්ශවයෙන් ඉමහත් විනාශයක් ගෙන එන ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට හැකි බැවිනි.

Related image

එහෙත්, ප්‍රති-බැලිස්ටික් මිසයිල පද්ධති(anti-ballistic Missile systems) වැඩි දියුණු කිරීම, මෙකී සියුම් ‘බිය ගෙනෙන තුලනය'(balance of terror) බිඳ දැම්මිමට නැතිනම් අවුල්කිරීමට මග පෑදිමේ තර්ජනය නිරන්තරයෙන් ඇතිකළේය. මන්ද එවිට (අවි හා හමුදා එක් රැස් කිරිම අනෙකා අවරෝධනය හෙවත් වැළක්විමේ මගක් වෙනුවට) එවැනි පද්ධති ප්‍රතිප්‍රහාර ගැන බිය වළකා එවැනි පද්ධති හිමි පාර්ශව වලට ගැලවිමේ මගක් සපයන හෙයිනි.

 

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ එන Deterrence කොටස ඇසුරෙනි

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending