මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Image result for Herbert Spencer

ස්වාභාවික වරණයෙන් සිදුවන පරිණාමය පිළිබඳ චාල්ස් ඩාර්වින්ගේ සිද්ධාන්තයෙන් උකහා ගනු ලැබූ දේශපාලන, ආර්ථික සහ සමාජයීය විශ්වාසයන් පෙළකින් සමාජ ඩාවින්වාදය සමන්විතවේ. එයට මුල පුරනු ලබන්නේ ඉංග්‍රීසි ජාතිකයෙකු වූ, ස්වයංශික්ෂිත හර්බට් ස්පෙන්සර්(1820 – 1903) විසිනි.  ඩාවින්ගේ සිද්ධාන්තය  ‘උචිතෝන්නතිය'(“the survival of the fittest”) ලෙස හකුළුවා දැක්වූ ඔහු සහයෝගිතාවය පරයා තරඟකාරිත්වය ඉස්මත්තට ගෙනෙනා හික්මීමකින් තොර නිදහස් වෙළඳපොල ධනවාදය(ree-market capitalism) උචිතෝන්නතිය මගින් සාධාරණීකරනය කළ හැකි බවට තර්ක කළේය. කෙසේ වෙතත්, ස්පෙන්සර් ‘එසේය’ යන්න ‘එසේ විය යුතුය’ හා යන්න සමාන ලෙස ගැනීමෙන් ස්වාභාවික අභාසය පිළිබඳ  පැහැදිලිවම වරදකාරී නිදසුනක් ගෙන ඒමේ අපරාධය සිදුකොට ඇත. (පහත සටහන බලන්න)

එසේයයන්නෙන් එසේ වියයුතුයයන්න මතු කර ගැනීමේ ස්වාභාවික අභාසමය අන්තරාව ගැන අවබෝධයක් තිබීම පාදක ප්‍රශ්න ගණනාවක් ගැන විමර්ශනය කිරීමේ දී වැදගත් වෙයි. නිදසුනක් ලෙස, ස්වභාවික වරණයෙන් සිදුවන පරිණාමය පිලිබඳ ඩාවින් ගේ නියමයෙන් හැඟවෙන්නේ උචිතොන්නතිය තුළින් වඩාත් හොඳින් අනුවර්තනය වූ විශේෂ පරිණාමය වන බවයි. එහෙත් ස්වභාවයේ(in nature) දී එය එසේ වූ පලියටම, මෙම   නියමය සමාජ ඩාවින්වාදීන් කරන්නාසේ ශිෂ්ට සම්පන්න සමාජයක මනුෂ්‍යයන් හැසිරිය යුතු ආකාරය ලෙස යොදා ගත යුතු ද?

වැඩි විස්තර සඳහා  ජනවාරි 13, 2018 දින  සංකල්ප සාර සංග්‍රහය 63: එසේය/එසේ වියයුතුය යන ප්‍රශ්නය (The is/ought problem) කියවන්න

Related image

සමාජ ඩාවින්වාදය, ව්‍යාජ විද්‍යාවක් ලෙස වර්තමානයේ අපකීර්තියට පත් සුජනක විද්‍යාවේ(eugenics) නැගීමට මග පෑදිය. සුජනකවාදිහු  “දුප්පතුන් සහ වරප්‍රසාද නොලත් අය බාල නැත්නම් පහත් පෙළපතකට අයත්ය  සහ ජනගනයේ යෝග්‍යතාව පවත්වාගෙන යාම පිණිස ඔවුන් තම වරිගයා බෝ කිරීමෙන් වළක්වා ලිය යුතුය” යන මතය තරයේ දැරූහ. තවද, අපරාධක්කරිත්වය  කෙරෙහි නැඹුරුව වැනි චර්යාමය ගති ලක්ෂණ කායික විද්‍යාව තුළින් පැහැදිලි කර දිය හැකිය යනුවෙන්ද (එනම් ජන්මයෙන් පිහිටන්නේය යන්න)  සුජනකවාදිහු  ඇදැහූහ. එවන් මතවාද ඩැහැගත් ඊනියා ‘විද්‍යාත්මක’ වර්ගභේදවාදීහු තමන්ට වඩා පහත් යයි ඔවුන් සැලකූ ජන කොටස් අරබයා එම මතිය පැටවීමට වෙර දැරූහ.

Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ එන Social Darwinism කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending