අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු. ගංගා හරස්කර, වේලි බැඳ, එමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප‍්‍රමාණයක ප‍්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු. තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.
එසේ නම්, එක අර්ථයකින් ගත් කල, — වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ — අපේ ලෝකයේ බොහෝ කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග‍්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.
අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ. ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය කෘෂිකර්මය ගැනයි.

කෘෂිකර්මාන්තය II
පළිබෝධ පාලනය කිරීමේදී පළිබෝධ නාශක මගින් ලබාගත හැකි ඵලප‍්‍රයෝජන මෙන්ම එහි අයහපත් බලපෑම් ගැන මේ ලිපියේ මුල් කොටසෙහි සඳහන් විය. (එම මුල් කොටස මෙතැනින් බලන්න). එම බලපෑම් හේතු කොට ගෙන, තාක්ෂණය වඩාත් පරිසර හිතකාමීව යොදාගත හැකි ආකාරය ගැන සොයා බැලීම් කිරීම සිදුවේ. මේ කාර්යයට, රසායන ඉතා සැලකිල්ලෙන් සැලසුම් කිරීම හා භාවිතය මෙන්ම ප‍්‍රඥාගෝචරව භෝග විවිධාංගිකරණයද අයත් වේ. කිසියම් භූමි භාගයක වගා කරන පසෙහි අඩංගු දෑ සමහරක් ක්ෂයකරවන භෝග වෙනුවට පසෙහි අඩංගු දැයෙහි අඩුව යලි පූර්ණය කෙරෙනා භෝගවලට මාරුවීම මින් අදහස් කෙරේ. භූමියක වගාවෙහි කිසියම් රෝගයක් පැළපදියම් වීමේ අවදානම අඩු කිරීමටද භෝග මාරුව උපකාරී වේ. රසායනික යොදා පළිබෝධ මර්දනය කිරීම වෙනුවට විකල්පයක් ලෙස වෙනත් පරිසර පද්ධතිවලින් ජිවීන් හඳුන්වාදීම දැක්විය හැකියි. මෙහිදී ප‍්‍රයත්න දැරෙන්නේ, (දේශීය වල්පැළෑටි ආහාරයට ගන්නා පිටස්තර කෘමීන් යොදා ගැනීම වැනි ක‍්‍රම මගින්) කෘෂිකාර්මික පාරිසරික පද්ධතිය තුළ පළිබෝධ සංඛ්‍යාව අඩුකිරීමයි. එහෙත් මේ ප‍්‍රවේශයෙහිද අවදානමක් පවතී. එනම්. හඳුන්වා දෙනු ලබන ජීවියාම පළිබෝධයක් බවට පත්වීමේ අවදානමයි.


යන්ත්‍රෝපකරණ සහ පොහොර භාවිතය තුළින් කෘෂිකාර්මික ඵලදායිතාව වර්ධනය වී ඇත. කරුණු තුනක් කෙරෙහි යන්ත්‍ර මෙන්ම ඒවා බලගැන්වීමට අවශ්‍ය ෆොසිල ඉන්ධන බලපා ඇත: ඒවා නම් තනි පුද්ගලයෙකුට, වැඩි භූමි ප්‍රමාණයක් වගා කොට අස්වනු නෙලාගැනීමට, වැඩියෙන් විවිධ ආකාරයේ භූමි ප්‍රදේශ වගාකිරීමට සහ වඩාත් වැඩි සංඛ්‍යාවක ශාක හා සත්ව ප්‍රමාණයක් පෝෂණය කිරීම සහ වැඩි ප්‍රමාණයක ශාක සහ සත්ව කොටස් නිපැයුම් භාවිතයට හැකියාව ලැබේ. පසෙහි ප්‍රමාණවත් පෝෂක කොටස් නොමති විට ඒවා පරිපූරණය සඳහා බටහිර ලෝකයේ රසායනික පොහොර පුළුල්ව භාවිතා කෙරෙන අතර ඒ වෙනුවට ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල යොදාගනු ලබන්නේ සාමාන්‍ය පොහොරය. අධිකව යන්ත්‍රෝපකරණ හා කෘතිම පොහොර භාවිතයේ එක් අවදානමක් වන්නේ අධි භාවිතයෙන් පසෙහි සරුබව වියැකී යාමට ඉඩදීමේ පෙළඹීමකට මග පෑදීමයි. (ඇමරිකා එක්සත් ජනපද රජය මේ හේතුව සැලකිල්ලට ගෙන, කලින් කලට භූමිය භාවිතයෙන් ඉවත්ව සිටීමටත් එමෙන්ම පසෙහි ස්වාභාවික සරුබව යලි ඇති කිරීමට කෘෂිකාර්මික නිෂ්පාදකයන් දිරිගන්වයි).
ශත වර්ෂ ගණනාවක් මුලුල්ලේම, ආහාර බොහොමයක් පරිභෝජනය සහ අළෙවිය සිදු කෙරෙන්නේ ඒවා වගා කළ ප්‍රදේශයෙන් සැතපුම් කිහිපයක් ඇතුළතමය. තාක්ෂණය මගින් කෘෂිකාර්මික වෙළෙඳපොළ ප්‍රවාහනය හා සන්නිවේදනය හරහා විප්ලවීය වෙනසකට ලක්කරනු ලැබ ඇත. භූමි ඵලදායකත්වයෙහි බොහොමයක් වර්ධනයන් හේතුවෙන් ප්‍රදේයේ ජනතාවට අවශ්‍ය තරමට වඩා අතිශය වැඩි ප්‍රමාණයක ආහාර ලබාගැනීමට හැකියාව ඇති කරනු ලැබ ඇත. සීඝ්‍ර මෙන්ම ලාභදායී ප්‍රවාහන පහසුකම් වර්ධනය වීම මෙන්ම ආහාර නරක්වීම අඩුකිරීමට මග පාදා ඇත. පිළියම් කිරීම, ගුණය හා ආරක්ෂාව පිණිස කෙරෙන එකතු කිරීම් භාවිතය, සිසිල්කරණය (refrigeration) හා ඇසුරුම් ද ඊට දායක වී ඇත. එහෙත් ගොවිපොළ නිෂ්පාදන සීඝ්‍රයෙන් දුර ප්‍රදේශවල බෙදාහැරීම් සිදු කිරීම පිණිස ඒවා අලෙවියට හා යොමුකරැවිමට දුර ප්‍රදේශ අතර සන්නිවේදනය ද අවශ්‍යවේ. ආහාර නිපදවන තැන සිට සැතපුම් දහස් ගණනක් ඈත පිහිටි ප්‍රදේශවල අළවියට හා පරිභෝජනයට නූතන ප්‍රවාහන හා සන්නිවේදන පද්ධති එකතුව මඟ පාදා ඇත.

කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳපොළ බොහොමයක් ප‍්‍රදේශබදව පිහිටි විට කාලගුණයට ගොවීන්ගේ මෙන්ම පාරිභෝගික ජනතාවගේ යහපැවැත්මෙහි බොහෝ උස් පහත්වීම් ඇති කරලිය හැකි විය. එහෙත්, දැන් ලොව පුරා ව්‍යාප්ත වෙළෙඳපොළක් හරහා ආහාර අළෙවිකරන හෙයින් පොහොසත් ජාතීන්ට ආහාර සැපයුම ප‍්‍රමාණවත් නොවීම ගැන බියක් විය යුතු නැත. අනෙක් අතට, කොයිබ හෝ ඇතිවන අයහපත් කාලගුණය වෙනත් ප‍්‍රදේශවල වෙළෙඳපොළ කෙරෙහි බලපෑම් ඇති කළ හැකිවේ. පාරිභෝගිකයන් වෙනුවෙන් ජාතික වශයෙන් ආහාර සැපයුමක් පවත්වාගෙන යාම සඳහා මෙන්ම ආදායමේ ව්‍යසනකාරී උච්චාවචනයන්ගෙන් ගොවීන්ගේ රැකගැනීම ගැන ඇති රජයේ සැලකිල්ල කෘෂිකර්මාන්තයේ බොහෝ ආකාරවල නැතිනම් ස්වරූපවල පාලනයකට මඟපාදා තිබේ. කෘෂිකර්මය පාලනය කරන ඒ ස්වරූපවලට, භූමිය භාවිත කරන්නේ කෙසේද යන්නද අළෙවිකරන්නේ කුමණ නිෂ්පාදනයන්ද මෙන්ම ඒ කුමණ මිලකටද යන්නද ඇතුළත්ය.
මෙයට ශාතවර්ෂයකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රමිකයන් බහුතරයක් යෙදී සිටියේ ගොවිතැනෙහිය. දැන්, තාක්ෂණය මගින් කෘෂිකාර්මාන්තයෙහි කාර්යක්ෂමතාව කොතරම් නම් වැඩිකරනු ලැබ ඇත්ද කිවහොත් කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ඍජුවම නියැලී සිටින්නේ ජනගහනයෙන් සියයට 2 ක් පමණ තරම් සුළු අනුපාතයක ජනතාවය. කෙසේ වෙතත් ක්ෂේත‍්‍රයක් වශයෙන් ගතහොත් තවත් බොහෝ දෙනෙක් ‘කෘෂිකර්මාන්තයෙහි’ නිරතව සිටිති. ඒ, කෘෂිකාර්මික උපකරණ යන්ත‍්‍රසූත‍්‍ර සහ රසායන නිෂ්පාදනයේ මෙන්ම ආහාර සහ තන්තු සැකසීම(processing), ගබඩා කිරීම, සහ බෙදාහැරීම ආදී අංශවලය. (ඇමරිකාව ගතහොත්) රටේ ආහාර නිපදවීමට අවශ්‍ය ගොවීන් සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් අඩු වී යාමේ හේතුවෙන් ගම්බද ප‍්‍රජාවන් තුළ සිට ජන ගහනය වෙනත් බොහෝ ස්ථාන කරා ඇදීයාමක් සිදු වී ඇත. මෑතක් වනතුරුම ප‍්‍රමුඛ ජිවන රටාව ලෙස පැවැති දෙය මුළුමනින්ම පාහේ අතුරුදහන් වී යාම මෙහි ප‍්‍රතිඵලයයි.
ලබන සතියේ මේ යටතේ ද්‍රව්‍යය(Materials) ගැන ලිපියක් පළවේ.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE DESIGNED WORLD නම් 8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක මුල් ලිපියේ දෙවන කොටසයි මේ.
අද ලිපිය ද, 8 වෙනි පරිචේදයෙහි AGRICULTURE යන කොටස ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න