බි‍්‍රතානඥයේ පළවන ටැබ්ලොයිඞ් ප‍්‍රමාණයේ පුවත්පතක් වන Daily Mail පත‍්‍රයේ වෙබ් පිටුවට පිවිසෙන්නෙකුට තොරතුරු සම්භාරයකට දොර ඇර ගත හැකිය. සමහරක් තොරතුරු සිත සනසන සුළුය; සමහරක් අපව බිය ගන්වයි; හැබැයි දෙයාකාරයේම තොරතුරු සනාථ කිරීම සඳහා සංඛ්‍යාලේඛන නොඅඩුව සපයා ඇති බව අපට පෙනි යන්නෙය. උදාහරණ:
‘ටැල්කම් පවුඩර් භාවිතා කරන කාන්තාවන් එසේ නොකරන අයට වඩා ඩිම්බාධාර පිළිකාවට(ovarian cancer) ගොදුරුවීමේ අවදානම සියයට 40 කින් වැඩි යයි පර්යේෂණ කියයි’.
‘පිළිකාවකින් දිවි ගලවා ගන්නන්ගේ අනුපාතය ගතහොත් යුරෝපයේ රටවල් අතරේ අඩුම අගයක් ගන්නේ එක්සත් රාජධානියයි’.
‘වයස අවුරුදු 30 න් පහළ අයගේ බඩවැල පිළිකාව ඇතිවිමේ ප්‍රවණතාව වසර 10 ක් ඇතුළත දී සියයට 120 කින් වැඩිවී ඇතැයි පුදුමය දනවන සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි’.

මේ කතා, මේ සංඛ්‍යාලේඛන ඇසෙන විට අපට අපේ සෞඛ්‍යය ගැන යම් චකිතයක් ඇතිවිය හැකි වුවත් එම සංඛ්‍යාලේඛන ලබා ගැනීමට හැකිවීමම වුව යහපතක් යයිද අපට සිතේ. අප අවට ලෝකය තේරුම් ගැනීමට සංඛ්‍යාලේඛන රුකුලකි : ඔබේ ප‍්‍රශ්නය සංඛ්‍යාවක් බවට පෙරලූවොත් එහි ව්‍යාප්තිය අපට දැක ගත හැකිවන අතර එහි බලපෑම සීමා කිරීමට හැකිවේ. එහෙත් ඉන් අපට ලැබෙන විශ්වාසය බොහෝ විට රැවටිලි සහගතය. සංඛ්‍යාලේඛන විශ්වාසයෙන් තොර විය හැකියි, අවභාවිතයට යෙදවිය හැකියි සහ වැරදියට අර්ථ නිරුපණය කළ හැකියි. මේ කතාව වෙන කොහේදීටත් වඩා සත්‍ය වන්නේ මනුෂ්‍ය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයෙහිය. ඊට හේතුව කිසියම් වූ වෛද්‍ය ප‍්‍රතිකාරයක වාසි බොහෝ විට බැලූ බැල්මට නොපෙනෙන හෙයිනි. ‘‘ප‍්‍රතිහාර්යජනක ප‍්‍රතිකාර බොහොම හිඟයි. යම් වාසියක් අත් වන්නේ ද එමෙන්ම වාසිය කෙතරම් ද යන්න නිර්ණය කිරීමට නම් බොහෝ ප‍්‍රතිකාරයන් අවධාරණයෙන් යුතුව සොයා බලන විද්‍යාවක් තිබිය යුතුය,’’ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ ඬේවිඞ් ස්පීගල්හෝල්ටර් පවසයි. ‘‘පාරිසරික සාධකයක අවදානම සොයා බැලීම ඊටත් වඩා අසීරුය’’ ඔහු කියයි.
මනුෂ්‍යයන්ගේ සෞඛ්‍ය ගැන ඥාණාන්විත යමක් පැවසිමට නම් නැවත නැවත සිදු කළ හැකි, සුවිසල් ශායනික පරීක්ෂණ සහ විවිධ ජනගහනයන් සැලකිල්ලන් නිරීක්ෂණය කිරීම අවශ්‍ය වේ– මේ සියල්ලෙන් හැඟවෙන්නේ දත්ත වලින් ප‍්‍රායෝගික නිගමන උකහා ගැනීම පිණිස සංඛ්‍යාලේඛනාත්මක ක‍්‍රම යොදා ගත යුතු බවයි.
බි‍්‍රතාඥ වසංගතවේදී ඔස්ටින් බ‍්‍රැඞ්ෆර්ඞ් හිල් මේ බව හොඳින් වටහාගෙන සිටියේ යයි 1946 දී ඔහු ලෝකයේ ප‍්‍රථම වතාවට සිදු කළ පරීක්ෂණ වලින් පෙනී යයි. මෙහි දී පරීක්ෂණය සහභාගී වන්නන් අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදන ලද අතර ඉන් එක් පිරිසකට ප‍්‍රතිකාරය ලැබුණු අතර අනෙක් කණ්ඩායමට ප‍්‍රතිකාරය ලැබුණේ නැත. එක් පරීක්ෂණයක දී ක්ෂය රෝගයට ප‍්‍රතිකාර කිරීමට යොදා ගන්නා streptomycin නම් ප්‍රතිජීවක ඖෂධයේ කාර්ය සාධණය පරීක්ෂා කෙරුණි.(පළමු වැනි ලෝක යුද්ධයේ දී සිය රට වෙනුවෙන් සේවයේ යෙදී සිටින අතර තුර බ‍්‍රැඞ්ෆර්ඞ් හිල්ටද ක්ෂය රෝගය වැළඳිනි). හුදු සය(6) මසක් පරීක්ෂා කිරීමේ දී ම එහි සාර්ථකත්වය තහවුරු වූයෙන් streptomycin ක්ෂයරෝගය සඳහා සම්මත ප‍්‍රතිකාරය ලෙස පිළිගැනීමට ලක්වී භාවිතයට ගැණින. දුම්පානය කිරීම, ළය පිළිකාව ඇති කරන බවට මුල් වරට පිළිගත හැකි සාක්ෂි සැපයීමට, රිචඞ් ඩොල් හා එක්ව 1950 දී බ‍්‍රැඞ්ෆර්ඞ් හිල් ට හැකිවිය.
නිසියාකාරව යොදා ගන්නාව විට සංඛ්‍යාලේඛන බලගතු මෙවලම් බවට පත්වේ. ඒත් මෙහිදී පරිස්සමෙන් ක‍්‍රියා කිරීම වැදගත්ය. නියැඳියේ ප‍්‍රමාණය, අධ්‍යයනයේ සැකසුම, සහ යොදා ගන්නා පදවල අර්ථ දැක්වීම හෝ සංඛ්‍යාවක් ඉදිරිපත් කරන ආකාරය පවා අප වෙත ඉදිරිපත් කෙරෙන ප‍්‍රධාන සංඛ්‍යාලේඛන වල වටිනාකමට එකතු වේ. එපමණක් නොව සෞඛ්‍යය සම්බන්ධයෙන් අප ගන්නා තීරණ බොහෝ විට ගනු ලබන්නේ අතිශය උද්වේගකර මානසික ආතතියක් ඇති අවස්ථාවකය. ‘‘ජනතාව බොහෝ විට සංස්කෘතියේ බලපෑමට හසුවෙනවා. යම් තීරණයක් ගැනීමේ දී චිත්ත වේගයන් සහ හරයන්ගේ බලපෑම ද එයට එක්වෙනවා. එහෙම වෙන එක හොඳයි. මනුස්ස කමේ කොටසක් එය.’’ ස්පීගල්හෝල්ටර් කියයි. ඒත්,මාධ්‍ය සිරස්තලවලට රිංගන සැක කළ නොහැකි සේ පෙනී යන සංඛ්‍යාලේඛනමය සත්‍යයන් ගේ ග‍්‍රහනයට අපව හසු කර ගනීමට එයම ඉවහලවෙයි. එමෙන්ම, අළුත් ප‍්‍රතිකාරයකින් අපට යහපතක් සිදුවන බවට පර්යේෂකයන්ගේ, වෛද්‍යවරුන්ගේ හෝ ආවඩන්නන්ගේ උද්යෝගී, එහෙත් ඒ තරමටම නොමනා කියාපෑම් වලටද අප පාත‍්‍රවේ.

ඉතින් වෛද්‍යමය සංඛ්‍යාලේඛන අප අභිමුඛයට පත් කළ විට ඒවා සැබෑ කාරණාද නැතහොත් අප වෙත ලැබීමට පෙර විකෘති කරන ලද ඒවා දැයි අප දැනගන්නේ කෙලෙසද ? ඒවා තුළට වැරදි රිංගන්නේ කෙලෙස ද? ඒවාට ‘හසුවීම’ වැළක්වීම පිණිස අප විසින් ඇසිය යුතු වන ප‍්‍රශ්න මොනවා ද?
අනුපාතමය නැඹුරුව(Ratio bias)
මේ ප‍්‍රකාශ දෙක කියවා බලන්න :
(1) පිළිකාව සෑම පුද්ගලයන් 100 ක් අතරින් 25 දෙනෙකුගේ මරණයට හේතු වෙයි.
(2) පිළිකාව හේතුවෙන් සෑම පුද්ගලයන් 1000 ක් අතරින් 250 ක් මියයති.
මේ ප‍්‍රකාශ දෙකෙන් ඔබ වඩාත් විමතියට පත් කරන්නේ කුමන ප‍්‍රකාශය ද? ඔය ඇහුවේ මෝඩ ප‍්‍රශ්නයක් කියලා එකවර ඔබට සිතෙන්න පුළුවන්. මොකද ප‍්‍රකාශ දෙකෙන්ම කියැවෙන්නේ ජනතාවගෙන් හතරෙන් එකක් පිළිකාව නිසා මිය යන බවක් නිසයි. ඒත් මේ දෙකෙහි වෙනසක් ඇත. එපමණක් නොව එම වෙනස වැදගත්කමක් ද ගනී. ඒ වැදගත්කම ඇත්තේ පිළිකා අවදානමටම නොව ඒ පිළිබඳ අපේ තේරුම් ගැනීම (සංජානනය) සම්බන්ධයෙනි. පුවත් පතක අළෙවිය වැඩිකර ගැනීමට වේවා වෛද්‍යමය ප‍්‍රතිකාරයක ප‍්‍රතිඵල හුවා දැක්වීමට වේවා මේ කාරණව එවැනි අරමුණු සහිත පුද්ගලයන් හෝ අයතන මගින් ප‍්‍රයෝජනයට ගනු ලැබේ. ඒ අයට තිබෙන්නේ ‘අනුපාතමය නැඹුරුව’(Ratio bias) පිළිබඳ සරල නීතිය අනුගමනය කිරීම පමණකි : එනම් සංඛ්‍යාව විශාල වෙන්න වෙන්න අවදානම ද තවත් විශාලව පෙනී යයි.
මේ ආචරණය පිළිබඳ එක් අධ්‍යයනයක දී පෙනී ගියේ ‘පිළිකාව සෑම 100 දෙනෙකු අතරින් 24.14 ක් මරණයට පත් කරන්නේය යනුවෙන් ප‍්‍රකාශ කරන විටදී ට වඩා පිළිකාව සෑම 10000 ක් අතුරෙන් 1286 කු මරණයට පත් කරන්නේ යයි ’ යයි පැවසූ විට පිළිකාවෙන් ඇතිවන මරණ අවදානම ජනතාවට වඩාත් ඒත්තු ගිය බවයි. ඇත්ත වශයෙන් මුලින් දැක් වූ අනුපාතය වන සියයට 24.14, දස දහසට 1286 අනුපාතය මෙන් දෙගුණයකි.
මේ ආකාරයට තවත් අධ්‍යයනයක දි පැහැදිලි වූයේ එක්තරා පිළිකා ස්වරූපයකින් දිනකට 100 කු මිය යන්නේය යන්න එම පිළිකා ස්වරූපයෙන් ම වසරකට 36,500 කු මිය යන්නේ යයි යන්නට වඩා අඩු අවදානමක් ලෙස ජනතාව තේරුම් ගන්නා බවයි. මෙහිදී මේ ප‍්‍රකාශන දෙකෙන්ම කියැවෙන්නේ එක හා සමාන අවදානමකි. එකම වෙනස මියයාමේ අවදානමට ලක්වන පිරිස දෙවැනි ප‍්‍රකාශයේ හැටියට දැක්වෙන්නේ වඩා විශාල සංඛ්‍යාවක් ලෙසය. වෙන වචන වලින් කියතහොත්, එක් දිනයක් හා එක් වසරක් යන්න අතර වෙනස නොතකා හෝ අමතකව ගොස් මුළු සංඛ්‍යාවට අවධානය යොමු වීමයි.
මේ අනුව, අවදානමක් ගැන ප‍්‍රශ්නයක් හමුවේ ඔබ සැලකිල්ලෙන් පරීක්ෂා කළ යුත්තේ සංඛ්‍යා ඉදිරිපත් කර ඇති ආකාරය ගැනයි. එමෙන්ම අවදානම සංසන්දනය කරන්නේ නම් අනුපාතය එකම ආකාරයකට ගෙන බැලිය යුතුය.
NEW SCIENTIST(THE COLLECTION): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි Careless pork costs lives… .and other medical myths යන කොටස ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න