ගෝලීය උණුසුම්වීමෙන් ඇතිවන බලපෑම්  සමනය කිරීමෙ ප්‍රයත්නවලිදී උපකාරී වීම වෙනුවට නිවර්තන කලාපවල  පිහිටි වනාන්තර වැඩි කල් නොගොසින්ම ගෝලීය උණුසුම්වීමට දායකවීමට ඉඩ ඇතැයි නව පර්යේෂණයක් දක්වයි. කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණයට වනාන්තරවලට ඇති හැකියාව  නිවර්තන කලාපයේ කෘෂිකර්මාන්තය හෝ පශූ පාලනය වෙනුවෙන් ගහකොළ අහිමිවී යාම  සහ දේශගුණ විපර්යාස නිසා සීමා වෙමින් පවතින බව මෙම අධ්‍යනයෙන් හෙළිවෙයි.

Related image

මෙය,  ඒ ආකාරයට සිදුවුවහොත් 2015 පැරිස් සම්මුතියේ ප්‍රධාන ඉලක්කය සපුරාගැනීමට නොහකිව යනු ඇතැයි ද එහි කියැවේ.  පැරිස් සම්මුතියෙන් අපේක්ෂා කළේ ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම පූර්ව කාර්මික යුගය හා සංසන්දනයේදී සෙන්ටිග්‍රේඩ් දෙකකට සීමා කිරීමය.

වර්තමානයේ නිවර්තන වනාන්තර, වනහරණය, වානිජ කටයුතු සඳහා යොදා ගනීම සහ අවක්‍රමණය හේතුවෙන් සිදුවන වනහානිය මෙන්ම දැව හා ඉන්ධන  වෙනුවෙන් ගස් කැපීම හරහා ජනනය කරවන කාබන් තරමම වායුගෝලයෙන් උකහා ගනී.

Deforestation

දේශගුණ විපර්යාසයන් වේගවත්වීම සහ දකුණු අමෙරිකාවේ, ආසියාවේ, සහ අප්‍රිකාවේ කෘෂිකර්මාන්තය, තණ කැවීම සහ පතල් කැනීම හේතුවෙන් දිගටම වන විනාශය සිදුවෙද්දී නිවර්තන වනාන්තර හරිතාගාර වායු විමෝචන මූලයන් බවට ඉදිරි දශකවලදී  පත්වීමේ අවදානමක් පවතී.

වනහරණය සහ අවක්‍රමණය හේතුවෙන් සිදුවන වන හානිය විශේෂයෙන්ම නිවර්තන කලාපයන්හි සිදුවන වන හානිය මෑතක මිනිසා විසින් නිර්මිත  හරිතාගාර වායු විමෝචනවලින් පහෙන් එකකට පමණ වග කිව යුතු බව විද්‍යාඥයෝ කියා සිටිති. වර්තමානයේ ඒ හා සමාන ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමානයක්, ඉතිරිව ඇති වනාන්තර  මගින් අවශෝෂණය කරනු ලැබේ. ගස්වල වර්ධනය පහසු කරවන වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් මට්ටම් ඉහලයාම ඊට උපකාරී වෙයි.

Image result for greenhouse gases

වනහරණය සහ අවක්‍රමණය නතර වී වනාන්තරවලට නැවත හිස එසවීමට ඉඩ හරිතොත් හරිතාගාර විමෝචන සැලකිය යුතු ප්‍රමාණයක් අවශෝෂණය කිරීමට යලි උපකාරී විය හැකි යයි පර්යේෂකයෝ පෙන්වා දෙති. වර්තමාන තත්ත්වයන් යටතේ නිවර්තන වනාන්තරවල ඉරණම පුරෝකතනය කිරීම අසීරුය.

දේශගුණ විපර්‍යාසයන් උෂ්ණත්වයන් ඉහළයාමටත්, නියඟයන්ටත් හේතුවෙමින් තව තවත් ගහකොළ විනාශකර දමන නමුත් ඒ අතරම වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඉහළ මට්ටමක් පැවතීම රුක් වර්ධනයට ආධාරවෙයි.

තව තවත් සම්පරීක්ෂණ පැවැත්වීම මෙන්ම ඉදිරියේදී චන්ද්‍රිකාවලින් ලබාගන්නා තොරතුරුවල වාසිය අත්පත් කර ගැනීම පිණිස  රටවල් සිය දත්ත හුවමාරු කර ගැනීම, සිදුවෙන්න යන්නේ කුමක් දැයි පුරෝකතනය කිරීම සඳහා උපකාරී විය හැකිය. “නිවර්තන වනාන්තර දේශගුණය කෙරෙහි බලපාන්නේ කෙසේ දැයි පුරෝකතනය කිරීම සංකීර්ණ අභියෝගයක්. දේශගුණය වනාන්තර කෙරෙහි බලපාන්නෙ කෙලෙසදැයි අප දන්නේ නැහැ. ඒ වගේම, වනාන්තර  ආරක්ෂා කිරීම පිණිස රටවලට තිබෙන  වගකීම එලෙසම ඉටු කරාවිද යන්නත් අපි දන්නේ නැහැ. ඒ මදිවාට ගහකොළ  ගෝලිය උණුසුම්වීම සමනය කිරීමට සහායවනු වෙනුවට ඉක්මණින්ම ප්‍රධාන පෙළේ හරිතාගාර වායු විමෝචන මූලයන් බවට පත්වීමේ අවදානමකුත් තියෙනවා” යයි  එඩින්බර්ග් විශ්වවිද්‍යාලයීය  භූවිද්‍යා පාසලේ එඩ් මිචාර්ඩ් පවසයි. මෙම අධ්‍යයන කණ්ඩායම මෙහයවූයේ ඔහුය.

අධ්‍යයනයේ වාර්තාව Nature  සඟරාවෙහි පළවිය.

Science Daily හි ජූලි 26 දා පළවූ Forests May Soon Hinder Climate Change Effort යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending