මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

තම නියෝජිතයන් තෝරා ගැනීම සඳහා ලොව පුරා රටවල විවිධ ආකාරයේ ඡන්ද ක්‍රම යොදාගනු ලැබේ. අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේදී සෑම ජනපදයක්ම ඡන්ද විද්‍යාලයක්  සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනිමට චන්දය භාවිත කෙරේ. අනතුරුව එම ඡන්ද විද්‍යාලය  මගින්  ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගනු ලැබේ.

 

Image result for voting in sri lanka

මහා බ්‍රිතාඥයේ සහ තවත් විවිධ රටවල් ගණනාවක පවතින ඡන්ද ක්‍රමය හඳුන්වනු ලබන්නේ ‘ප්‍රථමයෙන් දිනුම් කනුව පසුකරන්නා දිනුම්'(first-past-the-post system) යනුවෙනි, මෙහිදී ඡන්ද අපේක්ෂකයන් කිසියම් නිශ්චිත නියෝජිත කොට්ඨාශයක් වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වන අතර  ඒ එක් එක් නියෝජිත කොට්ඨාශයක වැඩිම ඡන්ද ගනු ලබන  තැනැත්තා හෝ තැනැත්තිය පාර්ලිමේන්තුවට තේරී පත්වේ; ඡන්දයෙන් තෝරා පත්කර ගැනුණු මන්ත්‍රීන් වැඩිම සංඛ්‍යාවක් සහිත පක්ෂය රජය පිහිටුවයි. මේ ඡන්ද ක්‍රම දෙකටම එරෙහිව එල්ලවන චෝදනාව වන්නේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සුළුතරයක් වන ජනාධිපතිවරයෙකුට හෝ රජයකට  බලයට පත්වීමට හැකියාව තිබෙන බවටයි.    වෙනත් රටවල් සමානුපාතික ඡන්ද ක්‍රමය(proportional representation) යනුවෙන් හඳුන්වනු ලබන ඡන්ද ක්‍රමය භාවිත කරයි. මේ ක්‍රමය යටතේ කිසියම් පක්ෂයකට ලැබෙන සමස්ත ඡන්ද ප්‍රතිශතයට අනුපාතිකව ඊට ආසන හිමිවේ. මේ හේතුව නිසා බොහෝ කුඩා පක්ෂවලට ආසන දිනා ගැනිමට අවස්ථාව හිමිවන අතර යම් එක් පක්ෂයකට සමස්ත බහුතරය අත්පත්කරගැනිමෙ හැකියාව අඩු කරයි. එම තත්ත්වය බොහෝ විට සන්ධාන රජයන් පිහිටුවීමට මග පාදයි.

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන Voting systems කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending