මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

ඇතම් රාජ්‍යයන්හි දේශපාලන බලය, බලවත් මධ්‍යම ආණ්ඩුවක ඒකාධිකාරය යටතේ පවතී.  එම මධ්‍යම ආණ්ඩුව ප්‍රාදේශිය මට්ටම දක්වාම වූ රටේ පරිපාලනය සෘජුවම මෙහෙයවයි. එවන් රජයන් හඳුන්වනු ලබන්නේ ඒකීය රාජ්‍යයන් ලෙසය.

තවත් සමහර රටවල, මධ්‍යම ආණ්ඩුව වග බලාගන්නේ ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය වැනි කාරණා ගැන පමණකි. එහි අභ්‍යන්තර බලය බොහොමයක් දරා සිටිනු ලබන්නේ, රට සමන්විතව ඇති ජනපද හෝ රාජ්‍යයන් විසිනි. මේ එක් එක් රාජ්‍යයන්ට නිතී සම්මත කරගැනීමටත් බදු අයකර ගැනීමටත් බලය හිමිවන (එම රාජ්‍යයන්ට සිමාවූ) ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන ආණ්ඩු ඇත. එවැනි රටවල් ෆෙඩරේෂණ හෙවත් සන්ධීය රාජ්‍යය(federation) ලෙස හඳුන්වනු ලබන අතර බොහෝ විට ඒවායේ ආරම්භය ස්වෙච්ඡාවෙන් සිදුකෙරෙන එක්වීමකිනි.

Related image

ෆෙඩරේෂණ හෙවත් සන්ධීය රාජ්‍යයන්ට දැක්විය හැකි නිදසුන් අතර ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ද ඇතුලත්ය. ඒකීය රාජ්‍යයන්ට නිදසුන් අතරේ ප්‍රංශය සහ මහා බ්‍රිතාඥය  වේ. ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය වෙනුවෙන් විසිවැනි සියවස අගදී පිහිටුවනු  ලැබූ  සභා වැනි ප්‍රාදේශීය මන්ත්‍රණ සභාවලට ඒකීය රාජ්‍යයන් ඇතම්විට බලය පවරයි. එහෙත් මේ උඩ සිට පහළට ප්‍රවේශය,   පහළ දී  පිහිටුවනු ලබන ස්වෙච්ඡා එකමුතුව හෙවත් සංගමය හා සමාන නොවේ.

එවන් ස්වේච්ඡා සංගමයක් පිළිබඳ වඩාත් කැපීපෙණෙන නිදසුනක් වන්නේ  ඇමරිකා එක්සත් ජනපදයයි. උතුරු ඇමෙරිකාවේ බ්‍රිතාඥ පාලනය යටතේ තිබූ යටත් විජිත දහතුනක් සිය ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කරමින් 1776 දී මෙම සංගමය පිහිටුවනු ලැබිය. එක් කුරිරු පාලකයෙකුගෙන්  තවත් එකෙකුට බලය පවරාදීම නොරිසි වූ එම පූර්ව යටත් විජිත ස්වාධීනත්වය සුරක්ෂිත කර ගත් පසුව, මධ්‍යම ආණ්ඩුවකට කිසිම බලයක් පවරාදීමට පසුබටවිය. මේ අනුව 1788 දී එක්සත් ජනපද ව්‍යවස්ථාව වලංගු කිරීමෙන් පසුව එය, නව ෆෙඩරල් ආණ්ඩුවට විශේෂයෙන් නොපවරන ලද සියලුම බලතල ජනපදයන්  වෙත වෙන්කර තැබීය. ‘ජනපදවල’ අයිතීන් පිළිබඳ ප්‍රශ්නය  — විශේෂයෙන්ම වහල්භාවය පවත්වාගෙන යාමට අවසර දීම තීරණය කිරීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය වහළුන් තබාගෙන සිටි ජනපද ගණනාවක්ම අවසානයේදී සංගමයෙන් වෙන්වීමට මග පෑදිය.   මෙහි ප්‍රතිඵලය වූයේ 1861-5 ඇමරිකානු සිවිල් යුද්ධයයි. ෆෙඩරල් රජය එහිදී සටන් වැදුනේ මූලිකවම වහල්භාවය අහෝසි කිරීමට නොව අළුතෙන් පිහිටුවා ගත් සංගමය සුරක්ෂිත කිරීමේ අටියෙනි.

Image result for american civil war clipart

අනෙකුත් වෙනත් ෆෙඩරේෂණවලදී (සන්ධීය රාජ්‍යයන්හීදී), එවා සමන්විත වන රාජ්‍යයන් එක් වාර්ගික හෝ හාෂා කණ්ඩායමක් මගින් ප්‍රමුඛව බලය පවත්වනු ලැබීමට  පටන් ගත් කල්හි (කැනඩාවේ කියුබෙකුවානුවන් (Quebecois) සහ ස්පාඤ්ඤයේ  බාස්කියානුවන්(Quebecois) වැනි) තමන්ගේ ශුභසිද්ධිය වඩාත් සැලසෙන්නේ ස්වාධීනවීමෙන් යයි අදහස් කළ හැකිය.

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන Federalism vs. centralism කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending