පෘථිවියේ ජීව ස්කන්ධයෙන් බහුතරය සෑදී ඇත්තේ වෘක්ෂලතාදියෙන්ය. ඊළඟට ඇත්තේ බැක්ටීරියායි.

අපේ මේ පෘථිවි ග්‍රහයා පාලනය කරනු ලබන්නේ ශාක මගිනි — අඩුතරමින් හුදු ස්කන්ධය සැලකුවොත් එය සත්‍යක් බව පෙනී යනු ඇත. මේ මිහිතලයේ ජීවය ගණන් ගන්නා අවස්ථා බොහොමයක දී ජෛව විවිධත්වය මිම්මක් හැටියට භාවිත කරන අතර සිදුකරනුයේ හුදු විශේෂ සංඛ්‍යාව ගණන් කර බැලීම හෙවත් ගැන බැලීම පමණකි. ජීව ස්කන්ධය මත පදනම්වූ නව සංගණනයක්, අධ්‍යයන සියගණනක දත්ත ඒකරාශී කර ඇත්තේ පෘථිවියේ බර වැඩියෙන්ම දරාසිටින්නේ කුමණ රාජධානියක්, වර්ගයක් සහ විශේෂයක් ද යන්න නිර්ණය කරණු පිණිසය. එහි ප්‍රතිඵල වලින් දැක්වෙන්නේ ශාක(මූලිකව ගොඩබිම පිහිටි ඒවා) පූර්ණ ජෛව ස්කන්ධයෙන් සියයට 80කට වගකියන බවයි. බොහෝ දුරක සිටින දෙවෙනියා වනුයේ සියළු පරිසර පද්ධති හරහා ඇති බැක්ටීරියවන්ය. අධ්යනයේ සොයාගැනීම් ඇමරිකා එක්සත් ජනපදයේ නම් මාර්ගගත සඟරාවෙහි පසුගිය මැයි මාසයේ පළවී තිබිණ.
ඉහළ විභේදනයකින් යුතු චන්ද්‍රිකා දත්ත මෙන්ම ජිනෝමීය අනුක්‍රමණයේ වැඩිදියුණු කිරීම් මගින් වඩාත් නිවැරදි තක්සේරු ලබාදීමෙන් එවන් මිනුම් සිදු කිරීමට හැකිවුවත් ක්ෂුද්‍ර ජීවීන් සහ කෘමීන් වැනි ගණනය කිරීමට අපහසු ජීව ස්වරූප සම්බන්ධයෙන් තවමත් දැඩි අවිනිශ්චිතතා පවතී.

Antarctic krill නම් ඇන්ටාක්ටික් සාගරය අවට වෙසෙන, කුඩා ප්ලවාංග කවච විශේෂයට, මානවයන් හා සැසඳිය හැකි පූර්ණ ජිවී ස්කන්ධයක් ඇත. මානවයන් සැදුම් ගන්නේ එකතුවෙන් සියයක පංගුවක් පමණක් වුවද ඒත් වනගත ක්ෂීරපායියන් සියල්ලටම වඩා වැඩිය. පශූ සම්පත ද ප්‍රමුඛත්වයක් ගනී: නිදසුනක් දක්වන්නේ නම් කුකුළන් වනගත පක්ෂී ජිව ස්කන්ධය මෙන් තුන්ගුණයකට වගකියයි. මානවයන් වනගත ක්ෂීරපායියන්ගේ ජිව ස්කන්ධය හය ගුණයකින් ද ශාක ජිව ස්කන්ධය දෙගුණයකින් ද පහත හෙළා ඇත. ඒ දඩයම් කිරීම සහ වනවිනාශය වැනි ක්‍රියා මාර්ග තුළින් බව අධ්‍යයනය පෙන්වා දෙයි.

Scientific American හී පළවූ Plants Are the World’s Dominant Life-Form යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න