අප ජීවත්වන ලෝකය වැදගත් විධි බොහොමයකින් හැඩ ගස්වනු ලැබ ඇත්තේ මිනිස් කි‍්‍රයාකාරකම් මගිනි. ජීවිතයට හා පරිසරයට එල්ලවන තර්ජන වළක්වා ගැනීම, ඉවත් කර දැමීම හෝ අඩුකර ගැනීම පිණිස මෙන්ම සමාජයීය අවශ්‍යතා පිරිමසා ගැනීම පිණිස ද අපි තාක්ෂණික විකල්ප නිර්මාණය කරගෙන ඇත්තෙමු. ගංගා හරස්කර, වේලි බැඳ, එමෙන්ම වනාන්තර එළිපෙහෙළි කර ඇත්තෙමු. ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ තනා ඇත්තෙමු. අති විශාල ප‍්‍රමාණයක ප‍්‍රදේශ පුරා මහ නගර සහ මහාමාර්ග තනා ඇත්තෙමු. තවද, සමහරවිට කැමැත්තක් ඇතත් නැතත් වෙනත් ජීවීන්බොහෝ දෙනාගේ ඉරණම තීරණය කරනු ලැබ ඇත්තෙමු.
එසේ නම්, එක අර්ථයකින් ගත් කල, — වැඩිකොටම තාක්ෂණය හරහා හැඩගස්වා සහ පාලනය කරනු ලැබ — අපේ ලෝකයේ බොහෝ කොටස් සැලසුම් කරනු ලැබ ඇත; අපේ අපේක්ෂාවන් යයි අප සිතන ආකාරයටය අනුකූලවය. අපේ ග‍්‍රහලෝකය වන පෘථිවිය අද අප පත්කොට ඇති අන්දමට, අපේ අනාගත යහපැවැත්ම අප තාක්ෂණය වැඩිදියුණු කිරීම, භාවිතා කිරීම හා සීමා කිරීම කෙලෙස සිදු කරන්නේද යන්න මත ඉතා දැඩිව රැඳී පවතී. එසේ වන හෙයින් එය ඉතා තදින්ම රඳා පවතින්නේ, තාක්ෂණයේ කි‍්‍රයාකාරිත්වය මෙන්ම අප ජීවිතය ගෙවන සමාජයීය සංස්කෘතික, ආර්ථික සහ පාරිසරික පද්ධති කොයිතරම් හොඳින් අප අවබෝධ කරගන්නේ ද යන්න මතය.
අපේ ජීවිත හා පරිසරය හැඩ ගස්වන ලද ප්‍රධාන මානව ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තාක්ෂණයේ ඇතැම් ප්‍රධාන අංග ගැන මෙම ලිපි පෙළ මගින් ඉදිරිපත් කරනු ලැබේ. ලිපි පෙළ කේන්ද්‍රගතව ඇත්තේ මූලික තාක්ෂණ ක්ෂේත්‍ර 8ක් මතය: කෘෂිකර්මය, ද්‍රව්‍යයන්, නිෂ්පාදනය, ශක්ති මූලයන්, ශක්තිය භාවිතය, සංනිවේදනය, තොරතුරු සැකැසීම හා සෞඛ්‍ය තාක්ෂණය. අද ලිපිය බලශක්ති ප‍්‍රභවයන් (Energy Use) ගැනයි.

බලශක්ති භාවිතය
බලශක්තිය, එහි ප්‍රභවයෙහි සිට එය භාවිතා කරන ස්ථානය වෙත බෙදා හැරිය යුතු වේ. මානවයාගේ ඉතිහාසය තුළ වැඩි හරියකදී බල බලශක්ති භාවිතා කිරීමට සිදුව ඇත්තේ ස්ථානීය වශයෙනි. එනම් සුළං මෝල හෝ ජලමෝල හෝ වනාන්තරයට ආසන්නවයි. කාලයාගේ ඇවෑමෙන් ප්‍රවාහනයේ ඇති වූ වර්ධනයත් සමග ෆොසිල ඉන්ධන ඒවා සපයා ගනු ලබන අන්තවල සිට බොහෝ ඈත ස්ථානවලදී දැවීමට මග පෑදිණ. එමෙන්ම කර්මාන්තකරණය බොහෝ ව්‍යාප්ත වීමට ඉඩ සැලසින. විදුලිබලය ජනනය කිරීම පිණිස බලශක්ති ප්‍රභවය යොදා ගැනීම විසිවන සියවස තුළ සාමාන්‍ය දෙයක් බවට පත්විය. විදුලියට එහි ප්‍රභවයේ සිට රැහැන් ඔස්සේ ය එසැණින් ශක්තිය බෙදා හැරීමට හැකිය. එපමණක්ද නොව විදුලිබලය අනෙකුත් බලශක්ති මාර්ගවලින් පරිවර්තනය කරගැනීමට හා අනෙකුත් මාර්ගවලට පරිවර්තනය කිරීමටද හැකිය.

ලබාගත හැකි ශක්තියෙහි ප්‍රමාණය මෙන්ම එහි ගුණාත්මක බව ද — එනම් එය ඒකරාශී කළ හැකි ප්‍රමාණය සහ එය භාවිතයට ගත හැකි පහසුව ද — වැදගත් ය. තාක්ෂණික විපර්යාසයන්ගේ කේන්ද්‍රීය සාධකය වූයේ ගින්නක් කොයිතරම් රස්නයක් කරා ගෙන යා හැකි ද යන්න ය. අලුත් ඉන්ධන වර්ග සොයා ගැනීම, වඩාත් හොඳ පෝරණු සහ ඌෂ්මක (උදුන්) සැලසුම් කරගත හැකිවීම වාතය හෝ ශුද්ධ ඔක්සිජන් බැලයු විසර්ජනය (forced delivery), මැටි සහ වීදුරු දැල්වීමට, ලෝපස් විරුවීමලා, ලෝහ පිරිසිදු කිරීම හා ඒවා වැඩට යොදා ගැනීම සඳහා අවශ්‍ය වන උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගැනීමට මඟ පෑදීය. විකිරණ ශක්තිය මහා සීඝ්‍රතාවයකින් මෙන්ම පාලනයකින් නාභිගත කිරීමේ නව මෙවලමක් හැටියට ලේසර(Lasers) නම් කළ හැකිය. පරිගණක චිපයක් සෑදීමේ සිට අක්ෂි ශල්‍ය කර්මය හා චන්ද්‍රිකා මගින් සන්නිවේදනය දක්වා වූ එන්ට එන්ට ම වැඩි වෙන ප්‍රයෝජන රැසකට සරිලන සේ ඒවා වැඩිදියුණු කෙරෙමින් පවතී.
බලශක්තිය එක ස්වරූපයක සිට තවත් ස්රූපයකට ප්‍රයෝජනවත් අන්දමින් හැරවීමේදී පරිසරයට ශක්තිය යම් උත්සර්ජනයක් සිදු වීම අනිවාර්ය ය. නිෂ්පාදිත ද්‍රව්‍යවල ව්‍යුහයේ බැඳී ඇති බලශක්තිය හැරුණු කොට අපගේ බලශක්ති භාවිත බොහොමයකින් ඒ සියල්ල උත්සර්ජනය වී ගොස් පරිසරය යාන්තමට උණුසුම් කරමින් අවසානයේ අභ්‍යවකාශය වෙත විකිරණය වේ. මෙකී ප්‍රායෝගික අර්ථයෙන් ගත්විට, ශක්තිය තවමත් කොයිබ හෝ රැඳි පැවතියත් එය පරිපූර්ණයෙන් පාවිච්චියට ගැනේ.

තමන්ට ප්‍රයෝජනවත් වන ආකාරයකට බලශක්ති පරිවර්තනයන් ඇතිකර ගැනීම පිණිස ජනයා උපාය කුශල ආකාරයන් නිර්මාණය කරගෙන ඇත. මේ ආකාරයන් අතර, ගල් විසිකිරීමේ (මෙහිදී ජෛව රසායනික ශක්තිය චලනය බවට පරිවර්තනය වේ.) සහ ගින්නක් ඇවිලීම (මෙහිදී රසායනික ශක්තිය තාපය හෝ ආලෝකය බවට පරිවර්තනය වේ.) යන සරල ක්‍රියාවන් හි සිට වඩාත් සංකීර්ණ උපකරණය වන වාෂ්ප එන්ජින් (මෙහිදී තාප ශක්තිය චලනය බවට පරිවර්තනය වේ), විදුලිබලජනක යන්ත්‍ර (චලනය විදුලි බල ශක්තිය ලෙස පරිවර්තනය වේ). න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරක ( න්‍යෂ්ටික ශක්තිය තාපය බවට පරිවර්තනය වේ) සූර්ය පරිවර්තක (කිරණ ශක්තිය විදුලි බල ශක්තිය බවට පරිවර්තනය වේ) පාවිච්චිය දක්වා පරාසයක පවතී. සියලු සංසිද්ධීන් වලදී මෙන්ම ම උපකරණ ක්‍රියාත්මක කිරීමේදී ද, ප්‍රයෝජනවත් ශක්ති ප්‍රතිදානය (ඒ කියන්නේ තව දුරටත් පරිවර්තනය සඳහා ඇති දේ) සෑම විටම ශක්ති ආදානයට (input) වඩා අඩුය. වෙනස සාමාන්‍යයෙන් දෘශ්‍යමාන වන්නේ තාපය ලෙසටය. එවන් උපකරණ සැලසුම් කිරීමේදී එක ඉලක්කයක් වනුයේ ඒවා පුළුවන් තරම් දුරට කාර්යක්ෂමව කිරීමයි. එනම් යම් ආදානයක් වෙනුවෙන් ප්‍රයෝජ්‍ය ප්‍රතිදානය උපරිමයට ගෙන ඒමයි.
වස්තුව හා සංවර්ධනය ගෝලීය වශයෙන් ව්‍යප්තවී යාමේදී ඇති පොදු වෙනස්කම් හා සමානු යෝගව ලොව විවිධ ප්‍රදේශවල දී බලශක්තිය අසාමාන්‍ය අනුපාතයන්ගෙන් භාවිතයට ගනු ලැබේ. කර්මාන්තශාලාවල රසායනික හා යාන්ත්‍රික ක්‍රියාදාමයන් උදෙසා, කෘතිම ද්‍රව්‍ය නිපදවීම සඳහා, කෘෂිකර්මය වෙනුවෙන් පොහොර නිෂ්පාදනයට, කාර්මික හා පෞද්ගලිකව ගමනාගමනයට අවශ්‍ය බලය සැපයීමට, ගොඩනැගිලි රත් කිරීමට මෙන්ම සිසිල් කිරීමට ද ආලෝකවත්කිරීමටවද සන්නිවේදනය සඳහාද යනාදී වශයෙන් කාර්මික රටවල් අතිශය විශාල ප්‍රමාණවලින් ශක්තිය යොදා ගනී. තවද, ලොව ජනගහනය වර්ධනය වෙද්දී එමෙන්ම තව තවත් රටවල් කාර්මීකරණයට ලක්වෙද්දී ශක්තිය සඳහා ඉල්ලුම තවත් වැඩි අනුපාතයකින් වර්ධනය වීමට ඉඩ තිබේ. එපමණක්ද නොව, විශාල පරිමාණයේ ශක්තිය පරිහරණය සමඟ විශාල පරිමාණයෙන් අපතේ යාම සිදු වේ. (නිදසුනකට – වාහනයක කාර්යඵලය ඇතිකිරීමට අවශ්‍යවනවාට වඩා බලයක් සහිත වාහන, තාප පරිවර්තනය වැලැක්විම උදෙසා ප්‍රමාණවත් ආකාරයට පරිවරණය කර නැති ගොඩනැගිලි). අනෙක් අතට අනෙකුත් සාධක — විශේෂයෙන්ම ශක්ති භාවිතය කාර්යක්ෂම කරන සාධක අතිරේක බලශක්තිය සඳහා වන ඉල්ලුම අඩු කළ හැකි වේ.

ශක්ති ප්‍රභවයන් හීනවී යාම තාක්ෂණික මෙන්ම සාමාජික මාර්ග මගින් මන්දගාමී කළ හැකි වේ. යම් ශක්ති ආදානයක් මගින් අප අපේක්ෂා කරන ප්‍රයෝජනවත් භාවය උපරිමයට ගෙන ඒම, (ශක්ති) පරිවර්තනය කරන උපකරණය කදිමට සැලසුම් කිරීම, තාපය ගලා යාම පාලනය කිරීමට (උදාහරණ- උණු වතුර ටැංකි පරිවරණය කිරීම) හෝ තාපය කාන්දු වෙද්දී ඉන් ප්‍රප්රයෝජනයක් ගැනීම නිදසුන්ය) තාක්ෂණික මාර්ග අතරට අයත් වේ. සමාජමය මාර්ග ගතහොත් ඊට ආණ්ඩුවල ක්‍රියාකාරිත්වය ඇතුළත්ය. අඩු ප්රමුඛතා ශක්ති භාවිතය සීමා කිරීම හෝ කාර්යක්ෂමතා අවශ්යතා පැනවීම(මෝටර් රථ එන්ජින් වැනි) හෝ පරිවරණ්ය(නිවාස ඉදිකිරීමේදී) සම්බන්ධයෙන් යම් සීමා පැනවීමට ආණ්ඩුවලට පුළුවන. බලශක්ති කාර්යක්ෂමතාව තමන් කැමැත්තෙන්ම සිදු කරන තෝරා ගැනීමක් බවට පත්කර ගැනීම සහ (ලයිට් නිවා දැමීම වැනි) ශක්තිය සංරක්ෂණය හුදු ප්‍රතිපත්තියක් ලෙස හෝ තමන්ට දිගු කාලයන්හිදී අයවෙන වියදම් අඩුකර ගැනීමේ ක්‍රමයක් ලෙස යොදාගැනීම වැනි ආකාරවලින් පුද්ගලයන්ටද ශක්ති කාර්යක්ෂමතාව ගැන සැලකිලිමත් විය හැකිය. අනෙක් සෑම විටම මෙන්ම මෙහි ද අනික් පැත්ටක් ඇත: පරිවරණය කළ නිවාස ශීත සෘතුවේදී උණුසුම්වත්, ගිම්හානයේදී සිසිල්වත් පවතින නමුත් වාතාශ්‍රය සීමා කරන හෙයින් නිවස තුළ දූෂක එක රාශිවීම වැඩි කළ හැකිවීම නිදසුන්ය.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE DESIGNED WORLD නම් 8 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.
අද ලිපිය 8 වෙනි පරිචේදයෙහි Energy Use යන කොටස ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න