වන වගාව හා ආශ්‍රිත වන විද්‍යාව, මිනිසුන් විසින්ම කැලෑ විනාශ කිරීම්න් පසුව, මිනිසුන් විසින්ම වර්ධනය කරගත් ශික්ෂණයක් ලෙසයි සාමන්‍යයෙන් සැලකෙන්නේ. ඒත් මේ වාර්තාවෙන් දැක්වෙන්නේ වන වගාව පුරණයේ සිටි මිනිසුන් අතර භාවිතයක් ලෙස පැවති බවයි. එහෙයින් සංරක්ෂණ කටයුතුවලදී ස්වදේශිකයන් අතර අතීතයේ පැවති මතිමතාන්තර ගැන සැලකිලිමත්වීමේ වැදගත්කම ගැන ඉන් කියැවේ.

දැඩි දැව සහිත සදා හරිත ශාකයක් වන Araucaria ගණයේ ගස් මුලින්ම ඔස්ට්‍රේලියාවේ සහ දකුණු ඇමරිකාවේ සිට දහ නව වැනි සියවසේ යුරෝපීය උද්‍යාන වෙත නැව්ගත කෙරෙද්දී ඒවා හඳුන්වනු ලැබුවේ “වඳුරු ගැටලු” ගස් ලෙසටයි. ඊට හේතුවූයේ, එම ගස් නැගීමට වඳුරන් උත්සාහ දරද්දී ගසේ ඉඳිකටු වැනි පත්‍ර වඳුරන්ට අභියෝගයක් වුණු බැවිනි. මේ ගස් වර්ගය සහ මිනිසුන් අතර සම්බන්ධය ඉතා පැරණි එකක් යයි එක්ස්ස්ටර් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ මාක් රොබින්සන් සහ පරිසර විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබ ඇත. වසර 1400ක් පමණ ඈතට දිවෙන මෙම සම්බන්ධය බොහොම සමීප සහ දිගුකල් ගිය එකක් යයි ඔවුහු කියා සිටිති. දකුණ් දිග බ්‍රසීලයේ පුරා විද්‍යාත්මක කැනිම් ස්ථානවල කාබන් සමස්ථනික(carbon isotopes) අධ්‍යනකින් පසුව රොබින්සන් ප්‍රමුඛ කණ්ඩායමට පෙණීගියේ Araucaria වනාන්තර, ඒවායේ ස්වාභාවික ඉම් වලින් බොහෝ ඈතට ව්‍යාප්තවීම ආරම්භ වුයේ අද ජීවත්වන ස්වදේශික පිරිස්වල ආදිතමයන් ජනගහන වර්ධනයක් අත්දකින අවස්ථාවෙදීම බවය.
මේ ව්‍යාප්තිය සඳහා යම් පරිසරාත්මක පැහැදිලිකිරීමක් දැක්වීමට පර්යේෂකයන්ට නොහැකි වූ අතර ඔවුන් නිගමනය කළේ Araucaria වනාන්තර දැවැන්ත ලෙස වර්ධනයට වඩාත්ම බලපෑ සාධකය විය හැක්කේ පුරාණ කාලයේ වනවිද්‍යාත්මක භාවිතයන් බවයි.
මේ ගස් අදටත් ස්වදේශිකයන් සඳහා දැව, ඉන්ධන සහ ආහාර සපයන වැදගත් ප්‍රභවයක් වශයෙන් පවතින අතර ඔවුන්ගේ අතීතාවලෝකණය සම්බන්ධයෙන් කේන්ද්‍රීය කාර්යාභාරයක් ඉටුකරයි. “මේවා බොහෝවිට සැලකෙන්නේ ඔවුන්ගේ ආදිතමයන් මූර්තිමත් කිරීමක් ලෙසයි” යනුවෙන් රොබින්සන් ප්‍රකාශ කරයි.

කෙසේවෙතත්, අද දැව කැපීම හේතුවෙන් Araucaria විශේෂයේ වපසරියෙන් සියයට 95කම අඩුවීමක් වාර්තාවෙන අතර මේ විශේෂ බොහොමයක් දැන් ආපදාසම්පන්න ලෙස සැලකේ. ස්වදේශික ජනතාවගේ මුතුන් මිත්තන් අතීත යුගයේදී වඳුරු ගැටලු(Araucaria) වන වගාව සම්බන්ධයෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කොට ඇති හෙයින් එම ජනතාවට වන සංරක්ෂණ ප්‍රයත්නවලදී වඩාත් විශාල භූමිකාවක් පැවරිය යුතු යයි රොබින්සන් සඳහන් කරයි.
ARCHAEOLOGY(September/October 2018) සඟරාවෙහි පළ වූ Ancient Foresters යන ලිපිය අසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න