මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

අසාමාන්‍යතාවාදය හෙවත් සුවිශේෂිතාවාදය යනු තමන්ගේම  ජනතාව හෝ තමන්ගේම රට සතුව විශේෂිතවූ තත්ත්වයක් සහ  විශේෂිත ඉරණමක් හෙවත් උරුමයක් ඇත්තේය යනුවෙන් දැක්වෙන දහම හෙවත් විශ්වාසයයි. මෙලෙස සුවිශේෂිත්වයක් ඇතිවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හෝ දෛවෝපගතව හෝ නියමවීමෙන් යයි අදහස් කරනු ලැබේ. දහනව සියවසේදී බ්‍රිතාඥ අධිරාජ්‍යවාදීන් විශ්වාස කළේ බ්‍රිතාඥය සතු ‘ශ්‍රේෂ්ඨ’ සාරධර්ම සහ වටිනාකම් ලෝකයේ අඳුරේ ගිලී සිටි රට රාජ්‍ය වෙත ගෙනයාමේ මෙහෙවරක් ඔවුනට පැවරී තිබූ බවයි. වර්තමාන ලෝකය ගතහොත් අන්ත ආගම්වාදී යුදෙව්වෝ අන්තර්ජාතික නීතියට පටහැනිව යමින් අද බටහිර ඉවුරේ ඔවුන් අත්පත් කරගෙන සිටින පලස්තීන භූමිය දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට දෙන ලද්දක් බව අදහති.

Image result for pilgrim fathers

අසාමාන්‍යතාවාදය පිළිබඳ සිද්ධාන්තය වඩාත් ව්‍යාප්තවී ඇත්තේ සමහරවිට ඇමරිකා එක්සත් ජනපදයේ විය හැකිය.  ඇමරිකාවට එන ලෙස දෙවියන් විසින් ධර්මදූත පිතෘවරු(Pilgrim Fathers) වැනි මුල් යුගයේ ජනපදවාසීන් අනුප්‍රාණය කරන ලද්දේ යයි ද යුරෝපීය ප්‍රභවයක් සහිත පදිංචිකරුවන්ගේ අයිතියක් ලෙස  ‘දෛවෝපගත අන්දමින් බෙදා වෙන්කරදෙන ලද මහාද්වීපයෙන් ඔබ්බට  යමින් ව්‍යාප්තවීමට ඉරණම මගින්ම  නියමකෙරුණු වරමක් ඇතැ’ යි ද  යන්න ජාතික  පුරාණෝක්ති සංග්‍රහයේ කොටසකි. සෙසු ලෝකයා  උදෙසා ප්‍රදීපයක් යොමු කිරීම යනුවෙන් සුවිශේෂී වූ වගකීමක් සිය රට වෙත පැවරී ඇතැයි විශ්වාස කරන බොහොමයක් දෙනා  ඇමරිකා එක්සත් ජනපදයේ තවමත් සිටිති.

Image result for EXCEPTIONALISM

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන EXCEPTIONALISM  කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending