මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

ස්කොට්ලන්ත ජාතික ඉතිහාසඥයෙකු සහ දේශපාලන දාර්ශනිකයෙකු වූ තෝමස් කාලයිල්(1795-1881) විසින් ‘අඳුරු විද්‍යාව’ ලෙස නම් කළ ආර්ථික විද්‍යාව යනු වානිජ ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යනය කිරීම මෙන්ම සේවා සහ භාණ්ඩ නිපදවන්නේ, බෙදාහරින්නේ, හුමාරුවන්නේ සහ පරිභොජනය කරන්නේ  කෙසේද යන්න  විශ්ලේෂණය කිරීමයි.

Image result for ADAM SMITH

පසුගිය ශතවර්ෂ තුළ නොයෙකුත් ආර්ථික විද්‍යා සිද්ධාන්ත සාකච්ඡාවට ගැණුන ද නූතන ආර්ථික විද්‍යාවෙහි ප්‍රභවය සඳහා ණය ගැති විය යුත්තේ තවත් ස්කොට්ලන්ත ජාතිකයෙකුවන ඇඩම් ස්මිත්ටය(1723-90). හෙතෙම 1776 දී පළකළ ජාතීන්ගේ ධනය(Wealth of Nations) නම් ප්‍රකට ග්‍රන්ථයෙන්,  නිෂ්පාදනයට සහ ජාතියක සම්පතට අදාළ ප්‍රධන සාධක තුනක් හඳුනාගත්තේය: භූමිය, ශ්‍රමය සහ ප්‍රාග්ධනය යි.

Related image

විෂයයක් ලෙස ගත්විට ආර්ථික විද්‍යාව සාමාන්‍යයෙන් සූක්ෂම ආර්ථික විද්‍යා ව(microeconomics) සහ සාර්ව ආර්ථික විද්‍යාව(macroeconomics) යනුවෙන් කොටස් දෙකකි. ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව සැලකිල්ල දක්වන්නේ පුද්ගලයන් සහ ව්‍යාපාරික ආයතන මුහුණ පාන ගැටළු සම්බන්ධවයි. ජාතික මට්ටමෙන් ආර්ථිකය මෙන්ම උද්දමනය, විරැකියාව සහ වෘද්ධිය ආදිය සම්බන්ධයෙන් සාර්ව ආර්ථික විද්‍යාව  ක්‍රියාකරයි. ආර්ථික විද්‍යාවට සම්බන්ධ  සමහරක්  ප්‍රධාන වාදවිෂයයන්ට අදාලවන්නේ රජයක්, රටක ආර්ථිකය දිශාගතකිරීම සහ පාලනය කිරීමට උත්සාහ කළ යුත්තේ කොයි තරම් දුරකටද මෙන්ම එවන් විවාද දේශපලනයේ පුළුල් ක්ෂේත්‍රය තුළ කොපමණ කොටසක්  අත්පත් කරගන්නේද යන කාරණාවලටය.

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන ECONOMICS  කොටස ඇසුරෙනි

One response to “සංකල්ප සාර සංග්‍රහය 93: ආර්ථික විද්‍යාව(Economics)”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending