මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

(ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් බඳු) ස්පෘශ්‍ය(tangible) නැතිනම් නිශ්චිත යමක් වේවා එහෙම නැතිනම් (කලා කෘතියක කර්තෘ අයිතිය හෝ නව නිපැයුමක පේටන්ට් බලපත්‍රය වැනි බුද්ධිමය දේපළ) අස්පර්ශනීය(intangible) යමක් වේවා වටිනාකමක් ඇති ඕනෑම දෙයක් දේපළ ලෙස සැලකේ. නීතිය සහ දේශපාලන  සිද්ධාන්තය හමුවේ  දේපළ යනු යමක් හිමිකර ගැනීම සඳහා ඇති අයිතිය ද වේ. මීට ම, තම දෙපළ විකිණීම, කුළියට දීම, උගසට තැබීම, පැවරීම, හුවමාරුකිරීම හෝ  විනාශ කිරීමේ අයිතිය ද ඇතුළත් වේ.

Image result for tangible and intangible property

නිශ්පාදනයට මගපාදන  මාර්ග(ඉඩකඩම්, කම්හල්,පතල් යනාදී) වශයෙන් බොහෝ දේවල්  පොදු(රජයේ) හිමිකාරිත්වය යටතේ පැවතිය යුතු යයි සමාජවාදීහු සහ කොමියුනිස්ට්වාදීහු විශ්වාස කරති.  මෙයට පරස්පරව, කන්සවර්ටිව්වාදීන් සහ (දහහත්වැනි සියවසේ ඉංග්‍රීසි ජාතික දර්ශනවාදියෙකු වු ජෝන් ලොක් අනුව යමින්) ලිබරල් මතධාරීන් තර්ක කරන්නේ තමන්ගේ  ශ්‍රමය යට කළ  දේපළ මත පුද්ගලයන්ට ස්වභාවික අයිතියක් ඇත්තේය, තවද එම අයිතිය පැවරිය හැක්කේය යනුවෙනි. එපමණක් ද නොව නිදහස නැතිනම් ස්වාධීනත්වය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් හැටියට ඔවුහු පෞද්ගලික දේපළ අයිතිය සළකති. ‘පෞද්ගලික හිමිකාරිත්වය නොමතිනම් එතැන පුද්ගලයන් සිටිය නොහැක, සිටිය හැක්කේ සාමූහිකයක(collective) සාමාජිකයන් පමණකැ’යි ඔවුහු කියා සිටිති.

Image result for socialists And conservatives on property

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන PROPERTY  කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending