මේ පුදුමය දැනවිය හැකි ආරංචිය අපට ලැබෙන්නේ චීනයේ, චෙන්ග්ඩු පුරවරයෙන්. හපන්කම සිදුකිරීමට සැලසුම් කරන්නේ සැබෑ චන්ද්‍රයාගේ බැබළීම කෘතීම චන්ද්‍රයෙකු යොදා ගනිමින් වර්දනය කිරීමෙනි.

චීනයේ නිරිතදිග පිහිටි චෙන්ග්ඩු පුරවරය මේ සඳහා ප්‍රදීපන චන්ද්‍රිකාවක් 2020 දී අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි. මේ චන්ද්‍රිකාවට කිලෝමීටර 10-80ක විෂ්කම්භයකින් යුතු ප්‍රදේශයක් ආළෝකමත කිරීමට හැකිවන අතර  ප්‍රදීපනය කෙරෙන ප්‍රදේශය, මීටර දශ ගණන් ඇතුළත යථාතථ්‍යව නිර්ණය කිරීමට ද  පුළුවන.

Image result for Chengdu Aerospace Science and Technology Microelectronics System Research Institute

මේ අදහස පිළිබඳව චෙන්ග්ඩු හී දී පසුගිය සතියේ පැවති ජාතික ජන නවෝත්පාදන හා ව්‍යවසායකත්ව උත්සව සභාවකදී කරුණු දැක්වූයේ Chengdu Aerospace Science and Technology Microelectronics System Research Institute Co (Casc) යන පෞද්ගලික අභ්‍යවකාශ සේවා සැපයුම් ආයතනයේ සභාපති වූ චුන්ෆෙන්ග් ය. මේ චන්ද්‍රිකාව ගැන පරීක්ෂණ කටයුතු මීට වසර ගණනාවකට කලින් ආරම්භ කළ බව හෙළිදරව් කළ වූ කියා සිටියේ 2020 දී චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට තරම්  දැන් මීට අදාල තාක්ෂණය දියුණු කරගෙන ඇති බවයි.

කෘතිම හඳක් මගින් ආළෝකය ලබා ගැනීම ගැන මේ අදහසට මුල්වුයේ පෘථිවියට ඉහළින් කැඩපත්වලින් තැනූ මාලයක් එල්ලීමෙන් හිරු එළිය පරාවර්තනය කරමින් වසර පුරා පැරීසියේ වීදිවලට එළිය සැපයිය හැකි බවට ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු ඉදිරිපත් කළ මතයක්ය.

චෙන්ග්ඩු කෘතිම චන්ද්‍රයා පායා ඒවිද නැද්ද යන්න අනාගතයේ දී දැක බලා ගැනීමට ඇති දෙයක් වුවත් අදහසක් හැටියට මෙය විද්‍යාවේ මුල් බැසගෙන තිබුනක් බව සඳහන් කළ හැකිය.

හිරු එළිය පෘථිවියට පරාවර්තනය කිරීමේ අර්මුණින් කලකට පෙර, එනම්  1990 ගණන් වලදී රුසියානු තාරකාවිද්‍යඥයන් සහ ඉන්ජිනේරුවන් පිරිසක් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සමත් වූහ. එම ප්‍රයත්නයේ දි රාත්‍රී කාලයේ අර්ධ-ගෝලය යාම්තමින් ප්‍රදීපනය කිරීමට සමත් වූ අතර අරමුන වූයේ මිහිතලය මත ස්ථාන කිහිපයක් පූර්ණ චන්ද්‍රයන් ඛිප්යක බලයෙන්  ප්‍රදීපනය කිරීමයි. එය පූර්න සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අසමත් වුවත් සැලසුම යහපත් මට්ටමක පවතින බව පෙනි ගියේය.

Image result for Znamya 2.5

සූර්‍යාලෝකය   පරාවර්තනය කරමින් පෘථිවියට සූර්ය බලය යොමු කිරීමේ අරමුණින් රුසියානු ෆෙඩරල් අභ්‍යවකාශ ඒජන්සිය ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය හඳුන්වනු ලබන්නේ  Znamya යනුවෙනි. එය Znamya2, Znamya 2.5 සහ Znamya 3 ලෙස සමන්විත විය. එහෙත්   Znamya 2.5 අසාර්ථකවීමෙන් පසුව ව්‍යාපෘතිය අත් හැර දමනු ලැබීය. කෙසේවෙතත් එම ව්‍යාපෘතියට එල්ලවූ එක් චෝදනාවක් වූයේ ‘බොරු හඳක්’ රාත්‍රියේ පෑවූ විට එය නිශාචර සතුන්ට අහිතකර ලෙස බලපෑ හැකි බවටයි.

ඊට ප්‍රතිචාරයක් ලෙස  පුවත් පත හාබින් තාක්ෂණික ආයතනයේ අභ්‍යවකාශ පාසලේ ප්‍රකාශ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ  කෑං  වෙයිමින් ගේ  කියමනක් උපුටා දක්වයි:” යෝජිත චන්ද්‍රිකාවෙන් සැපයෙන එළිය ගොම්මනේ දිලියුම වගෙයි. ඒක නිශාචර සතුන්ගේ චර්යාවන්ට බලපෑමක් වෙන්නේ නැහැ”.

The Guardian හී පලවූ   Chinese city  plans to launch artificial moon to replace streetlights යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending