මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

ශ්‍රමය යන්නෙන් සමස්ථයක් වශයෙන් ශ්‍රම බලකාය, විශේෂයෙන්ම වැටුප් උපයන සේවකයන් සහ ධනය නිශ්පාදනයේ දී ශ්‍රමිකයන් යම්  ගෙවීමක් වෙනුවෙන් සපයන සේවාව යන දෙකම ද අදහස් කෙරේ.  සම්පූර්ණයෙන්ම නියාමනයකින් තොර ශ්‍රම වෙළෙඳපොලවලදී, සැපයුම් සහ ඉල්ලුම් න්‍යාය අනුව යමින් අඩු පඩියකට වැඩියෙන් වැඩ කිරීමට ඉදිරිපත් වෙමින් එකිනෙකා සමග තරඟ කිරීමට ශ්‍රමිකයන්ට සිදුවේ. එය වලක්වාලීම සඳහා වැඩ කරන පමණට සරිලන නැතිනම් සමාන වේතනයක් ලැබීම සහතික කිරීමේ ප්‍රයත්නයක යෙදෙන ශ්‍රමිකයන් හෙවත් වැඩ කරන ජනතාව හාම්පුතුන් සමග සාමූහික කේවල් කිරීමෙහි යෙදිමට  හැකිවන පරිදි වෘත්තීය සමිති පිහිටුවා ගනිති.

Image result for david ricardo images

ඉංග්‍රීසි ජාතික ආර්ථික විද්‍යාඥ ඩේවිඩ් රිකාඩෝ(1772 – 1823) ‘වටිනාකම් පිළිබඳ ශ්‍රම වාදය’ යන න්‍යාය වැඩි දියුණු කර ඉදිරිපත් කළේය. මෙම න්‍යාය තුළින් කියැවෙන්නේ  භාණ්ඩ හෝ සේවා වන්හී හුවමාරු වටිනාකම තනිකරම තීරණය වන්නේ  එය(භාණ්ඩය හෝ සේවාව) නිපදවීමට අදාල ශ්‍රම ප්‍රමාණය මත බවයි.

Image result for surplus value of labor

කාල් මාර්ක්ස් මේ අදහස තවදුරටත් ඉදිරියට ගෙනයමින් තර්ක කළේ ධනවාදියා සිය සේවකයන් භාන්ඩවලට එක් කළ අගයට වඩා අඩුවෙන් ගෙවන බවත්, එමෙන්ම ධනවාදියා එසේ නොමිළේ ලබාගන්නා ‘අතිරික්ත ශ්‍රමය’ (ඔහුට) ‘අතිරික්ත අගයක් හෙවත් වටිනාකමක්’ — ඒ කියන්නේ ධනවාදියාගේ ලාභය නිර්මාණය කරන බවබවත්ය.

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන LABOR කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending