සෑම වසරකම ඉන්ප්ලුවන්සා එන්නත ලබා දීම නිසා ඉන්ප්ලුවන්සාවෙන් ළමුන් ආරක්ෂාකිරීමට එන්නතට ඇති බලය අඩුවී යන්නේද? කොහෙත්ම නැතැයි පර්යේෂකයන් පිරිසක් පවසති. පසුගිය වසරේ ලබාදුන් මෙම එන්නත ඉන්ප්ලුවන්සාවට එරෙහි සටන් වැදීමට මේ වසරේ එන්නතෙහි ඇති ශක්තිය කිසිම අයුරකින් හීන නොවන බව ඔවුන්ගේ පරික්ෂණ වලින් හෙළිවී තිබේ.

Related image

පර්යේෂකයන් මෙම නිගමනයට පිවිස ඇත්තේ වසර තුනක් තිස්සේ වයස අවුරුදු 2 සිට 17 දක්වා වූ ළමුන් 3.400කට ආසන්න පිරිසක්  අතරේ ඉන්ප්ලුවන්සා එන්නත හෙවත් වැක්සීනයේ සඵලතාව නිරික්ෂණය කිරීමෙන් අනතුරුවය. ප්ලූ හෙවත් ඉන්ප්ලුවන්සාවට එරෙහිව ළමුන්ට සෑම වසරකම එන්නත් ලබාදිය යුතුය යනුවෙන් වර්තමානයේ ඇති නිර්දේශයට තමන්ගේ  සොයා ගැනීම් හොඳ අනුබලයක් සපයන බව පර්යේෂකයෝ කියා සිටිති.

“සෞඛ්‍යසම්පන්න දරුවන් පවා ඉන්ප්ලුවන්සා නිසා බරපතල ලෙස රෝගාතුරවී මියැදෙන්න පුළුවනි” යයි අධ්‍යනයේ කර්තෘ, හුවොන්ග් මැක්ලීන් කියා සිටියි. ඇය විස්කොන්සින් හී මාර්ෂ්ෆීල්ඩ් ශායනික පර්යේෂණ ආයතනයේ ශායනික වසංගතවේද සහ ජන සෞඛ්‍ය මධ්‍යස්තනයේ පර්යේෂණ විද්‍යාඥවරියකි. එපමණක් ද නොව ඒ ඒ ප්ලූ වාරයේ දින වකවානු මෙන්ම ප්‍රබලතාව පුරෝකතනය කළ නොහැකි බව ද මැක්ලීන් පෙන්වාදෙයි, “සෑම ප්ලූ වාරයකදීම ඉන් එක්සත් ජනපදය තුළ ළමුන් 37 සිට 170 දක්වා ප්‍රමාණයක් මියයනවා”.

Related image

රෝග පාලනය සහ වැළැක්වීම සඳහාවූ එක්සත් ජනපද මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention = CDC) පසුගිය සරත් සමයේ නිකුත් කළ දත්ත අනුව පසුගිය වසරේ ප්ලූ වාරයේ දී ඉන්ප්ලුවන්සාව හේතු කොට ගෙන ඇමරිකානුවන් 80,000 කගේ ජීවිත අහිමි විය. එයින් 183 දෙනෙකු ළමුන්ය. මෙම සංඛ්‍යාලේඛන වලින් නිරූපණය වන්නේ වසර 40 කින් පසුව මියගිය වැඩිම සංඛ්‍යාවයි.

“ඉන්ප්ලුවන්සාවෙන් ආරක්ෂාවීමට ඇති හොඳම තනි පිළියම සෑම වසරකම නොවැරදීම ප්ලූ එන්නත ලබාදීමයි” යනුවෙන් මැක්ලීන් වැඩිදුරටත් පෙන්වාදෙයි.

ප්ලූ වැක්සීනයේ අඩංගු ද්‍රව්‍ය එකකට හෝ වැඩි ගණනකට ආසත්මිකතාවක් දක්වන  අය හෝ Guillain-Barre සින්ඩ්‍රෝමය යන දරුණු රෝගයෙන් පෙලෙන්නන් හැරුණුකොට  මාස හයක් හෝ ඊට වඩා වයසින් වැඩි සෑම අමරිකානුවෙක්ම වාර්ෂික පදනමක මත ප්ලූ වැක්සීනය ලබා ගත යුතු යයි රෝග පාලනය සහ වැළැක්වීම සඳහාවූ එක්සත් ජනපද මධ්‍යස්ථාන(CDC) නිර්දේශ කරයි.

සමස්තයක් වශයෙන් ගත් කළ ඉන්ප්ලුවන්සාවෙන් ආරක්ෂාවීමට වැක්සීනයට ඇති හැකියාව  ගතහොත් එකවරක් එන්නත් කිරීමෙන් ලමයෙකු ඉන්ප්ලුවන්සාවෙන්  මරණයට පත්වීමේ අවදානම සියයට 51කින් අඩුවෙන බව  පෙන්වා දෙන්නේ 2010 සිට 2014 දක්වා ප්ලූ වාර අවරනය වන පරිදී එකතු කළ දත්ත ඇසුරෙනි.

 

WebMD වෙබ් අඩවියේ පළවූ Yearly Flu Shots for Kids Isn’t Overkill ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending