පටන් ගන්න වෙන්නේ විශ්වයට මැදක් නැතිනම් කෙන්ද්‍රයක් ‘නැත’ යන පිළිතුර දී ගෙනමයි. ඒ ඇයි කියලා කියවලාම බලමු.

විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනවා. ඒ ප්‍රසාරණය සෑම තැනකම එමෙන්ම සෑම දිශාවකටම සිද්ධවෙනවා. ඉතින් විශ්වයෙහි ‘කේන්ද්‍රය’ ත් හැම තැනකම තියෙනවා: අප විශ්වයේ කොතන සිට බැලුවත් අපට දැකගන්න පුළුවන් හැම පැත්තටම, ඔව් වටේටම  විශ්වය එන්ට එන්ටම දුරට ප්‍රසාරණය වෙනවා.  ගැලක්සි හෙවත් මන්දාකිණි සීඝ්‍රයෙන් අපෙන් ඈත්වෙනවා.

Image result for arthur eddington

මෙහෙම කීවාට මෙය තේරුම් ගැනීම අසීරුයි. මන්ද විශ්වයට මාන (dimension) හතරක් තිබෙන අතර ප්‍රසාරණය මේ සෑම මානයකම(කාලය කියන මානය ඇතුළුව) සිද්ධවෙන නිසයි. බ්‍රිතාඥ තාරකා විද්‍යාඥ ශ්‍රිමත් ආතර් ස්ටැන්ලි එඩිංග්ටන්(1882 -1944) 1930 ගණන්වල දී යෝජනා කළ ප්‍රසාරණය වන බැලුමක සාදෘශ්‍යය අපට උපකාරී වෙන්න පුළුවනි. ඔබ සිටින්නේ යෝධ බලුමක් මත යයි මොහතකට හිතන්න. ඔබට එහි පෘෂ්ඨය දිගේ ගමන් කිරීමට හැකි අතර ඔබ වෙනුවෙන් ලෝකය නිරූපණය කර ඇත්තේ අවකාශ මාන දෙකකිනි. අපට හුරුපුරුදු අපේ ත්‍රිමාන ලෝකයට මෙහි දී ඇත්තේ මාන් දෙකක් පමණකි. බැලුමෙහි ප්‍රමාණය විශාලනය කිරීම හරියට කාලය තුළ අනාගතය වෙත යාමක් බඳුයි.

ඉහත චිත්‍රයෙන් බැලුමක ලක්ෂ්‍ය පෙන්වන්නේ විශ්වයේ මාන දෙකක සාදෘශ්‍යයක් හැටියටයි. බැලුම පුම්බන විට(එනම්, කාලය ඉදිරියට යනවිට)  සහ වටා තිත් එකිනෙකෙන් පසුබා යයි. සෑම දිශාවකටම ප්‍රසාරණය වනු (බැලුමෙහි) මතුපිට සිටින කුහුඹුවා  දකින අතර එක් තනි කුහුඹුවෙකුට මෙකී ප්‍රසාරණයේ මධ්‍යයේ හෙවත් මැද සිටිය නොහැකියි.  බැලුමෙහි සෑම ස්ථානයක්ම එකකට එකක් සමාන වන අතර  බැලුමෙහි සෑම තැනකම එකම ආකාරයට ප්‍රසාරණය සිද්ධවෙනවා: බැලුමෙහි මතුපිට (බැලුම විශ්වයෙහි සාදෘෂ්‍යයක් ලෙස ගත් නිසා වෙන විදිහකට කීවොත් විශ්වයෙහි) ‘මැදක්’ නැත!

A Question and Answer Guide to Astronomy(2010) නම් ග්‍රන්ථයෙහි  132. Does the Universe have a center? යන කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending