මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Related image

 

ගෝලියකරණය ආරම්භවූයේ  පහළොස් සහ දහසයවැනි ශතවර්ෂවල යුරෝපිය ගවේෂණ චාරිකා සමගය. ඒවා අන්තර්ජාතික  වෙළඳාම, සංක්‍රමණය සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳ නව යුගයකට මග පෑදිය. මේ ක්‍රියාදාමය මෑතක දශකවල, විශේෂයෙන්ම නිරවි යුද්ධය(Cold War) අවසානයේ සිට වඩාත් වේගවත් වී ඇත. දේශපාලන හා වෙළඳ බාධක බිඳ වැටී තිබේ. එමෙන්ම, බටහිර රටවල සමාගම් බොහොමයක් සිය නිෂ්පාදන පහසුකම්, වැටුප් හෝ වේතන අඩු මට්ටමක  පවතින සංවර්ධනයවන රටවල් කරා ගෙන ගියහ. මිට අමතරව කන්ටේනකරණය(containerization – භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රධාන වශයෙන් කන්ටේනර් යොදා ගැනිම) සහ අන්තර්ජාලය වැනි ප්‍රවාහන සහ සංනිවේදන ක්ෂේත්‍රයන් හී විප්ලවයන් මගින් ද වැදගත් කාර්ය භාරයක් ඉටු කෙරිණ.

ටෙනිස් පිටියේ ප්‍රතිඥාව: ප්‍රංශයේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට මුල් පියවර?

Image result for key Western  values

ගෝලීයකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාව සහ චීනය වැනි ‘නැගී එන’ ආර්ථිකයන්ගේ  සැලකිය යුතු ආර්ථික වර්ධනයකට මග පෑදී ඇතුවා සේම  බටහිර ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ව්‍යාප්තවීමට දායකවී ඇත. කෙසේවෙතත්, විචාරකයන් පෙන්වාදෙන්නේ එය අසමානතාවයන් මෙන්ම සංවර්ධනයවෙන රටවල ශ්‍රමිකයන් සූරාකෑම ඉහළ දමා ඇති බවයි. එපමණක් නොව, බහුජාතික සමාගම් මගින් දේශීය නිෂ්පාදකයන්න් පසෙකට තල්ලු කර දමා ඇතැයි ද, ක්ෂණික ආහාරවල සිට චිත්‍රපට හා විලාසිතා දක්වා වූ සියල්ලෙහි ඇල් මැරුණු සමජාතීයතාව සංස්කෘතික  විවිධත්වයට තර්ජනයක් වී ඇතැයි ද ඔවුහු පෙන්වාදෙති.

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන GLOBALIZATION කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending