කේන්ස්වාදය යනු  1930 ගණන්වල මහා අවපාතය සමයේ මහා  පරිමාණ සේවාවියුක්තිය සමගම ඉංග්‍රීසි ජාතික ආර්ථික විද්‍යාඥ ජෝන් මේනාඩ් කේන්ස්(1883-1946)  විසින් වැඩි දියුණු කරන ලද ආර්ථික මතවාදයයි. ශ්‍රමිකයන් අඩු වැටුප් බාර ගැනිමට එකඟවේ නම් නිර්බාධ  වෙලඳපොළ  මගින් ඉක්මණින්ම පූර්ණ සේවා නියුක්තිය සලසනු ඇතැයි අනෙකුත් ආර්ථික විද්‍යාඥයන් තර්ක කළ අතර කේන්ස් විශ්වාස කෙළේ අධික රැකියා විරහිත භාවය භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම ප්‍රමාණවත් නොවීමේ ප්‍රතිඵලයක් බවත් එමෙන්ම ශ්‍රමිකයන්ගේ වැටුප් කපා හැරීමෙන් සිදුවන්නේ ඉල්ලුම තවදුරටත් අඩුවීම පමණක් බවත්ය.

Image result for Keynesianism

ඉල්ලුම ප්‍රබෝධවත් කරනු වස් රජය මැදිහත් විය යුතුයැයි — නිදසුනකට මහජන වැඩ හෙවත් පොදු වැඩ (පාසල්, පාලම්, මහාමාර්ග වැනි පොදුවේ පරිහරණය කරන ව්‍යුහයන්–සංස්කාරක) වෙනුවෙන් රජය අරමුදල් සැපයිය යුතු යැයි කේන්ස් කියා සිටියේය. 1930 ගණන්වල දී  අමෙරිකා එක්සත් ජනපදය තුළ ජනාධිපති ෆ්‍රෑන්ක් ඩී රූස්වෙල්ට් ගේ ‘නව ප්‍රදත්තය'(‘New Deal’) යටතේ මෙම පිළිවෙත් ක්‍රියාවට නංවනු ලැබූ අතර   හූවර් වේල්ල(චිත්‍රය බලන්න)  වැනි දැවැන්ත ව්‍යාපෘති එහි ප්‍රතිඵලයි.

1950ස් සහ 1960 ගණන් වලදී බොහෝ බටහිර රටවල් විසින්  කේන්ස්වාදය පිළිගනු ලැබ තිබුණි.1970 ගණන්වල දී කේන්ස්ගේ අදහස් හා මතවාද මූල්‍යවාදින්ගේ ( monetarists  –Monetarism = මූල්‍යවාදය ගැන විස්තර ඉදිරි ලිපියකින් දැක්වේ) දැඩි විවේචනයට පාත්‍ර වූ නමුත් ඒවා තවමත් බහුලව ක්‍රියාවේ යෙදෙන අතර 2007-8 මූල්‍ය අර්බුදයේ ආදීනව හමුවේ ප්‍රතිඵල දායී බව සනාථ විය.

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන KEYNESIANISM යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending