මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්

Image result for the study of humans

මානව විද්‍යාව යනු, පදානුගත අර්ථයෙන් නොව, වාව්‍යාර්ථයෙන් ගත් කල අදහස්වන්නේ “මානවයන් පිළිබඳ අධ්‍යනය” යන්නයි. එහෙයින් එහි විෂයපථය පුළුල්ය. එම පුළුල් විෂයපථයට පුරාවිද්‍යාව සහ වාග්විද්‍යාව මතු නොව භෞතික හා සමාජයීය(හෝ සාංස්කෘතික) මානව විද්‍යාව ද ඇතුළත් වේ. ඒ අනුව, මානව විද්‍යාව තුළ භෞතික විද්‍යාවේ මෙන්ම මානව ශාස්ත්‍ර ක්ෂෙත්‍රයේ ද ඒ වාගේම සමාජවිද්‍යාවේ ද මුඛ්‍යාංග එකට එක් වී තිබිය හැක.  නූතන මානව විද්‍යාව මුල්වරට දහනව වන සියවසේ දී ඉස්මතුව ආ සමයේ, මෙම විෂයයන් සියල්ල එකට ගෙන හැදෑරිණ.  එහෙත් අද, බොහෝ විශ්ව විද්‍යාලවල මානව විද්‍යාවේ විවිධ ශාඛා සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස සලකණු ලබන අතර ඒවා සරසවි තුළ විවිධ දෙපාර්තමේන්තු හෝ වෙනමම පීඨවල පවා හදාරනු ලැබේ.

Image result for the study of humans

මානවයන්ගේ ප්‍රභවය, පරිණාමය සහ භෞතික විවිධත්වය ගැන හදාරන භෞතික මානව විද්‍යාව  මානව ජීවවිද්‍යාවේ ශාඛාවක් ලෙස දැන් සලකනු ලැබේ. එය(භෞතික මානව විද්‍යාව) පුරා විද්‍යාව, ප්‍රවේනි විද්‍යාව සහ චර්යා විභාගය(ethology සත්ව චර්යාව හැදෑරීම) ආකර්ෂණය කරගන්නවා විය හැකි මෙන්ම පරිසරය සමග සහ මනුෂ්‍යයන් අනෙකුත් සතුන්ගෙන් වෙන්කොට හුවා දැක්වෙන කාරණා වන සංස්කෘතිය සහ සමාජය සමග ද මානව ජීවවිද්‍යාව අන්තර්ක්‍රියා කරන ආකාරය ගැනද සොයාබැලේ. භෞතික මානව විද්‍යාවට අදාල, හිස් කබලේ මැනීම වැනි ශිල්ප ක්‍රම  තුළින් මනුෂ්‍යන්ගේ ‘ජාතිය’ හෙවත් වර්ගය සංසන්දනය කිරීම වැනි ඇතම  මුල් කාලයේ කෘති හෝ අදහස්, ව්‍යාජ-විද්‍යාත්මක වර්ගවාදී ලෙසින් හංවඩු ගැසී  වර්තමානයේ අපකීර්තියට, අවමානයට පත්ව ඇත.

 

සමාජ මානවවිද්‍යාව සැලකිලිමත් වන්නේ මානව කණ්ඩායම්වල සාංස්කෘතික සහ සමාජ සන්දර්භනය(constructs) කෙරෙහිය. දහනවවන සියවසේ සහ විසිවැනි සියවසේ මුල මේ ශික්ෂණය වර්ධනය වෙද්දී අවධානය යොමු වීමේ ප්‍රවණතාවක් දැක්වූයේ “ප්‍රාග්තන”( “primitive”) පූර්ව-කාර්මික විප්ලව සමාජ කෙරෙහි වුව ද මෑතක දශකවල දී මානවවිද්‍යාඥයන් නූතන කාර්මික සමාජයන් ගැනද සොයා බැලිමට හැකි වන අයුරින් සිය ප්‍රවේශය ගලපාගෙන ඇත.

විවිධ සංස්කෘති ක්‍රමවත්ව සංසන්දනය කිරීම හඳුන්වනු ලබන්නේ මානව වංශ විද්‍යාව (ethnology) ලෙසය. එතකොට කිසියම් සුවිශේෂී සංස්කෘතියක් හෝ සමාජයක් අධ්‍යනය දැක්වෙන්නේ මානව වංශ ලේඛය(ethnography) හෙවත් විස්තරය ලෙසය. මානව වංශ ලේඛය සාමාන්‍යයෙන් කරගෙන යනු ලබන්නේ සහභාගී නිරීක්ෂණය (participant observation) මගිනි. තවද, මානව විද්‍යාඥයා (සහභාගී නිරීක්ෂණය පිණිස) දිගු කලක් එම අදාල සංස්කෘතිය තුළ නිමග්නව සිටීමට ද ඉඩ ඇත.  සමාජ මානව විද්‍යාඥයන්, මානව වංශ ලේඛීය දෘෂ්ඨි කෝණයකින්  මෙන්ම වඩාත් සෛදාන්තික දෘෂ්ඨි කෝණයකින් යන දෙකෙන්ම  උනන්දුවක් දක්වන මාර්තෘකා අතර, ලේ නැකම, ලිංගික සම්බන්ධතා, දරුවන් හදාවඩා ගැනීම, චාරිත්‍රවාරිත්‍ර සහ පූජා විධි, මිථ්‍යාව සහ ආගම, පරිභෝජනය සහ  හුවමාරුව, ක්‍රීඩා සහ උත්සව මෙන්ම ආයුධ, මෙවලම්, ආහාර සහ ඇඳුම් පැළදුම් විලාශ වැනි භෞතික සංස්කෘතියක නිපදවීම් ද ඇතුළත්ය.

BIG IDEAS IN BRIEF (QUERCUS, 2013) නම් ග්‍රන්ථයේ එන ANTHROPOLOGY යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending