සමහර වැදගත් තේමාවන් විද්‍යාව, ගණිතය සහ තාක්ෂණය පුරාවට ව්‍යාප්තව පවතින අතර අප සලකා බලන්නේ පුරාණ ශිෂ්ටාචාරයන් වේවා, මනුෂ්‍ය ශරීරය වේවා, එසේත් නැතිනම් ධූම කේතුවක් වේවා ඒ සෑම තැනකදීම ඒවා යළි යළිත් අපට හමුවෙයි. ඒවා, ශාස්ත්‍රීය ශික්ෂණයන්ගේ මායිම් අභිබවා යන එමෙන්ම සිද්ධාන්තයන්, නිරීක්ෂණ සහ සැලසුම් පැහැදිලි කිරීමේදී ඵලදායි බව සනාථ වන අදහස්ය. එකී අදහස් කිහිපයක් ගැන මෙන්ම ඒවා විද්‍යාවට, ගණිතය සහ තාක්ෂණය කෙරෙහි කෙසේ යොදාගන්නේ ද යන්න පිළිබඳ නිර්දේශ ද මේ ලිපි පෙළ මගින් ඉදිරිපත් කෙරේ. මේවා පද්ධති, මොඩල, ස්ථායි බව හා විපර්යාස සහ පරිමාණය යන මාතෘකා ඔස්සේ ඉදිරි සඳුදා දිනවල තතු ඔබට ගෙන එනු ඇත

සංකල්පමය අනුකෘති
නුහුරු නුපුරුදු යමකට අර්ථයක් ලබාදීමේ එක් ක්‍රමයක් වන්නේ එය යම්කිසි හුරුපුරුදු දෙයකට සමකිරීමයි. ඒ කියන්නේ රූපකයක් හෝ සාදෘශ්‍යයක් යොදා ගැනීමයි. මේ අනුව, මුල් කාලයේ මෝටර් රථ හැඳින්වීමට යොදා ගත්තේ අසුන් රහිත කරත්ත යන්නය; සජීවී ‘සෛල’ වලට ඒ නම පටබැඳුණේ ශාකවල සෛල, ආශ්‍රමයක කුටි මෙන් පේලි ලෙස සැකසී තිබීම නිසාවෙනි; විදුලි ‘ධාරාවක්’ ජලධාරාවකට සාදෘශ්‍යක් වේ; පරමාණුවක් ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා සැකසී ඇත්තේ ‘කවච’ ලෙසිනැයි කියැවේ. මේ සෑම අවස්ථාවකදීම රූපකය හෝ සාදෘශ්‍යය සඳහා පාදක වී ඇත්තේ සමානකමෙහි ඇතැම් ලක්ෂණය — ඔව්, ඇතැම් ලක්ෂණ පමණකි. සජීවි සෛලවලට දොරවල් නොමැත; විදුලිධාරවන් තෙත නැත; තවද, ඉලෙක්ට්‍රෝන කවචවලට තද මතුපිටක් නොමැත. එහෙයින් ඒවායින්, සමරූපතාවයෙහි(similarity = සමානබවෙහි) ගැලපෙන අංග සමගම අයෝග්‍ය අංග ද හඟවන්නේ ද යන්න මත රැඳෙමින් රූපක හෝ සාදෘශ්‍ය එක විදිහකට අප නොමග යවන සුළු විය හැකිවා වාගේම තවත් විදිහකට අපට ආධාර කරණවා ද වෙයි. නිදසුනක් ගනිමු. විශේෂයන්(species) දිගින් දිගටම ශාඛා වශයෙන් බෙදී යාම සඳහා රූපකය වන “පරිණාමයේ වෘක්ෂය” ගතහොත් එය හුදු අතු බෙදී යාම පමනක් නොව ඉහළ නැගීමක් ලෙස සිතීමට කෙනෙකු පොළඹවන සුළු විය හැකිය. අනෙක් අතට, පරිණාමය මගින් එක් දිශාවක් ඔස්සේ ප්‍රගතිය නැතිනම් දියුණුව දක්වන්නේ යයි හඟවනු වෙනුවට සෑම දිශාවක් ඔස්සේම ඉමහත් විවිධත්වයක් ඇතිකරවන බවක් අකුලක හෙවත් පඳුරක රූපකය හඟවයි. යම් සංසිද්ධියක් — අපි හිතමු පරමාණුක පරිමාණයේ ක්වොන්ටම් සංසිද්ධි වැනි — යම් සංසිද්ධියක් අපගේ සාමාන්‍ය අත්දැකීමට බෙහෙවින් අසමාන නම් එවිට ඒවා සමාන කර දැක්විය හැකි එක් තනි දෙයක් නැතුව යා හැකිය.


වෙනත් ඕනෑම අනුකෘතියක සේම සංකල්ප අනුකෘතියක ඇත්තේ සීමිත ප්‍රයෝජනයක් වීමට පුළුවන්. එක අතකින් එය වුවමනාවට වඩා සරල විය හැකිය. නිදසුනක් ලෙස, වායුවක අණු එකිනෙක හා හැප්පෙමින් නිමක් නොමැතිව චලනය වෙන ඉතා කුඩා ඉලාස්ටික් බෝල ලෙස සිතීම ප්‍රයෝජනවත් වීමට පුළුවන. එහෙත් අනෙකුත් සංසිද්ධි සම්බන්ධයෙන් නම් මේ අනුකෘතිය එක් එක් බෝලය ඇතුළත චලනයවන කොටස් ඇතුළත් කළ හැකි පරිදි බෙහෙවින් යළි සැකසිය යුතුය. අනෙක් අතට, ප්‍රායෝගික උපයෝගීතාව ගතහොත් අනුකෘතියක් වුවමනාවට වඩා සංකීර්ණ විය හැකිය. ගෝලීය ජනගහනය, දේශගුණය සහ ආහාර බෙදාහැරීම් වැනි සංකීර්ණ පද්ධතීන් හී අනුකෘති වල නිරවද්‍යතාව, එකවර කටයුතු කළ යුතු වන අතිවිශාල අන්තර්ක්‍රියාකාරී විචල්‍යයන්ගේ සංඛ්‍යාවෙන් සීමාවන්නේය. එසේ නොමැතිනම්, වියුක්ත අනුකෘතියක් නිරීක්ෂණයන්ට මනාව ගැලපිය හැකි නමුත්, එහි ප්‍රතිභානීය අර්ථයක් නොමැත. නිදසුනකට, අනුකෘති කරණයේ දී, අණුකවල චර්යාව ඊට සම්බන්ධිත කිසිම චිත්ත රූපයක් පුබුදුකිරීමට(මැවීමට) ඉඩක් සලසන්නේ නැති ගණිතමය විස්තරයක් මත රඳා පැවතීමට අපට සිදුවේ.

ඕනෑම අනුකෘතියක, එය භාවිතයේ දී අපට අවහිර ඇතිකරන යම් අදාල නොවන අංග හෝ ලක්ෂණ තිබිය හැක. මෙන්න නිදසුනක්: ඔවුන් හොඳින් දැක බලාගැනීමේ හැකියාව සහ ඉහළ තත්ත්වය හේතුවෙන් මලල ක්‍රීඩකයන් හෝ විනෝදාස්වාදය සපයන්නන් ඔවුන් දක්ෂතා දක්වන අංශවලින් පමණක් නොව අදාලත්වයක් නොමැති සහ ඇතැම්විට පැහැදිලිවම පරමාදර්ශී තත්ත්වයට අඩු අංශවලින් ද ආදර්ශවත් චරිත(role models) ලෙස ළමුන් විසින් සලකණු ලැබීමට පුළුවන.
මේ ලිපි පෙළ යටතේ ලබන සතියේ ගණිතමය අනුකෘති (Mathematical Models) ගැන කතා බහ කරමු.
American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ COMMON THEMES නම් 11 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවකි, මේ.





ප්‍රතිචාරයක් ලබාදෙන්න