සූර්ය ශක්තියෙන් බලගැන්වෙන සංයුක්ත උපකරණයක් මගින් වාර්තා පිහිටුවිය හැකි වේගයෙන් හයිඩ්‍රජන් ඉන්ධන නිපදවිය හැකි බව අණාවරනය වෙයි. එක් රැස් කළ(සාන්ද්‍රිත) සූර්ය බලශක්තිය යොදාගනිමින් පිරිසිදු ඉන්ධන නිපදවීමට මෙය මගක් වියහැකියි.
හයිඩ්‍රජන් ඉන්ධන යොදා ගනිමින් බලශක්තිය නිපදවීමේදී විමෝචනය වන්නේ ජලය පමනක් හෙයින් එය බලශක්තිය නිපදවීම සඳහා වඩාත් පරිසර හිතකාමි ක්‍රමයක් බව කාගේත් පිළිගැනීමයි. එහෙත් අභියෝගය වන්නේ හයිඩ්‍රජන් ඉක්මණින් සහ පරිසරයට හානිනොවන ආකාරයෙන් නිපදවීමයි. ලොවපුරා විද්‍යාඥයෝ මේ සඳහා නොයෙකුත් අත්හදාබැලීම් සිදුකරති. ප්‍රකාශ-විද්‍යුත්-රසායනික ප්‍රවේශය(photo-electrochemical (PEC) approach) ඉන් එකකි. මෙම ප්‍රවේශයේ දී, සූර්ය ශක්ති පැනලවලට යොදා ගනු ලබන ද්‍රව්‍යවලට සමාන ද්‍රව්‍ය, ජල පාදක විද්‍යුත්-විච්ඡේදනයක(water-based electrolyte)ගිල්වනු ලැබේ. එම ද්‍රව්‍යයන්ට පතිතවන සූර්යාලෝකය යම් ප්‍රතික්‍රියාවක් මෙහයවයි. මෙම ප්‍රතික්‍රියාව හේතුවෙන් ජලය ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වශයෙන් බෙදා වෙන්කෙරේ. කෙසේවෙතත් මෙහිදී මතුවන ගැටළුව වන්නේ, වර්තමාන ප්‍රකාශ-විද්‍යුත්-රසායනික ප්‍රවේශයන් කාර්මික මට්ටමින් යොදා ගැනීමට නොහැකි වීමයි.

 

See the source image

මීට පිළියම් වශයෙන් ස්විට්සර්ලන්තයේ ලෞසෑන් හී ස්විට්සර්ලන්ත ෆෙඩරල් තාක්ෂණ ආයතනයේ සොෆියා හෞස්සෙනර් සහ කණ්ඩායම විසින් නව ප්‍රකාශ-විද්‍යුත්-රසායනික(PEC) පද්ධතියක් සැලසුම් කරනු ලැබ ඇත. පෘථිවියේ කිසියම් ස්තානයකට සාමාන්‍යයෙන් පතිතවන සූර්ය ශක්තිය මෙන් 400 ගුණයකටත් වැඩි බලශක්තියක් මෙම පද්ධතිය මගින් සපයා ගනු ලැබිය හැකි බව පරීක්ෂණාගාරතුළ සිදු කෙරුණු සම්පරීක්ෂණවල දී පෙනී ගොස් ඇත. පරීක්ෂණාගාරය තුළ හෞස්සෙනර් සහ ඇගේ කණ්ඩායම ‘සූර්යලෝක’ ආදානය සඳහා යොදා ගෙන ඇත්තේ අධි බලැති පහන්ය. එහෙත්, වර්තමානයේ ඇති සූර්ය බලශක්ති පහසුකම් මධ්‍යස්තානවල දර්පණ හෝ කාච යොදාගනිමින් සූර්ය ශක්තිය සාන්ද්‍රගත කොට ඊට(හෞස්සෙනර් සහ කණ්ඩායම යොදා ගත්තා වූ) සමාන මට්ටමකට ගනු ලැබේ. අපතේ යන තාපය ප්‍රතිචාර සීග්‍රතාව වර්ධනය සඳහා යොදා ගැනේ.

දළ වශයෙන් වර්ග සෙන්ටිමීටර 5ක පමණ පා සටහනකින් හෙබි සිය පර්යේෂණාත්මක උපකරණය යොදාගනිමින්, හිරු පායා තිබෙන පැය හයකට වැඩි කාලයකදී හයිඩ්‍රජන් ලීටර 47ක් නිපදවීමට හැකිවෙනු ඇතැයි පර්යේෂක කණ්ඩායම පුරෝ කතනය කරයි. මෙය, සූර්ය බලය යොදාගන්නා ඕනෑම ප්‍රකාශ-විද්‍යුත්-රසායනික(PEC) පද්ධතියකින් කිසියම් භූමි ඒකකයක් තුළ ජනනය කළ හැකි ඉහළම අනුපාතයකි.
NATURE Technology(02 May 2019) හි  A solar-powered mini-device churns out hydrogen fuel යන ලිපිය ඇසුරෙන් සකස් කෙරුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending