සුදු වූ  කෙස් ආතතිය අඩු වූ විට යළි තිබූ පැහැයටම  හැරෙයි

කෙස් පැහීම වයසට යන විට බොහෝ දෙනා අත්දකින සංසිද්ධියක් වුවත්,  ඉන් සැලකිය යුතු පිරිසක්, හිස කෙස් පෙරදා තිබූ පැහැයටම හරවා ගැනීමට වෙහෙසෙති. ඒ කෘතිම වර්ණ ගැන්වීම් ආදියෙහි  පිහිට පතමිනි. එහෙත් පුද්ගලයන්ගේ සුදු පැහැ ගැන්වුණු කෙස් හෙවත් පැසුණු හිසකේ, (ඔවුන්ගේ) ආතතිය හීන වන කාල වකවානුවල දී  ස්වභාවිකවම් යළි  තිබූ  පැහැයට හැරෙන බව නව අධ්‍යයනයකින් සොයා ගැනේ. මෙම සොයාගැනීම කෙස් සුදු පැහැ ගැන්වීමේ ගැටළුවට පිළිතුරු සෙවීමේදී, ඒ සඳහා ඖෂධ වැඩි දියුණු කිරීමේ ප්‍රයත්න වලට උපකාරී වෙතැයි සැලකේ.

How to create the perfect Grey Hair for Men - YouTube

කලක් තිස්සේ අප සැවොම නිතැතින්ම කල්පනා කිරීමට යෙදුනේ, කෙස් පැසුනු පසු දිගටම ඒ ආකාරයටම පවතීය යනුවෙනි. නිව්යෝර්ක් හී, කොලොම්බියා විශ්ව විද්‍යාලයෙහි මාටින් පිචාඩ් සහ කණ්ඩායම, කෙස් පැසීම  නැතිනම් සුදු පැහැ ගැන්වීම ආපස්සට හැරවිය හැකි යැයි අහම්බෙන් වාගේ සොයා ගැනීමට සමත්ව සිටිති.  මෙම අධ්‍යයන සඳහා ඔවුහු විවිධ ජනවාර්ගික කොටස් වලට අයත් සෞඛ්‍ය සම්පන්න, ස්ත්‍රී පුරුෂ  14 දෙනෙකුගේ හිසකෙස් ගැන සොයා බැලූහ. අධ්‍යනයට සහභාගී වූ මේ පිරිසගේ මධ්‍යක වයස අවුරුදු තිස් පහකි. පර්යේෂණයට සහභාගී වන්නන්ගෙන් කෙස් ගස් 397 ලබාගත් පර්යේෂකයෝ ඒවා අන්වීක්ෂයක් යොදාගනිමින් පරීක්ෂාවලට ලක් කළහ.

60 Ideas of Gray and Silver Highlights on Brown Hair

කෙස් ගස් අලුතෙන් වැඩෙන්නේ කෙස් ගසෙහි අග්‍රය ක්‍රමයෙන් ටිකින් ටික දික්ගැස්සීමෙන් නොව ‘තට්ටයෙන්‘(ශීර්ෂ චර්මයෙන් =scalp) හෙයින් හිසකෙස් අග තවමත් වර්ණවත්ව පවතින,  එහෙත් කෙස් ගස මුල සුදු පැහැ ගැන්වී තිබූ කෙස් හඳුනා ගැනීමට පර්යේෂකයන්ට හැකිවිය. කෙසේ වෙතත් පර්යේෂණය සඳහා තෝරාගනු ලැබූ හිසකෙස් අතර සමහරක් මේ රටාවේ අනිත් පැත්ත බව ඔවුනට පෙනී ගියහ. ඒ කියන්නේ කෙස් ගසේ මුල වර්ණයකින් යුතුව පවතිද්දී,  කෙස් ගස් අග සුදු පැහැ ගැන්වී තිබූ හිසකෙස් ද තිබෙන බව ඔවුනට පෙණී ගියේය.  මෙයින් ගම්‍ය වූයේ කෙස් ගස සුදු පැහැ ගැන්වෙමින් වැඩුණු නමුදු පසු කලෙක කලින් තිබූ  වර්ණයෙන්ම යුතුව ආපසු වැඩෙන්නට පටන් ගෙන තිබෙන බවයි.

හිසකෙස් වැඩෙන්නේ නිශ්චිත අනුපාතයක් අනුව නිසාවෙන් මේ  පරිවර්තනය, ඒ කියන්නේ නැවත මුල් වර්ණයට හැරීම සිදු වුණේ කුමන කාලයේ දී ද එහෙම නැතිනම් කුමන ජීවන සිද්දිවලට සම්බන්ධයක් ඇතිවද කියා නිර්ණය කිරීමට පර්යේෂක කණ්ඩායමට හැකි විය. එහිදී ඔවුනට පෙනී ගියේ මෙලෙස වර්ණ පරිවර්තනය සිදු වන කාලවකවානුව (කෙස් ගස් හිමි පුද්ගලයාට) ආතතිය අඩු වූ කාලඡේද අතර  සහසම්බන්ධයක්(correlation) පවතින  බවයි.  මේ සම්බන්ධව නිදසුන් දක්වන්නේ නම්, පර්යේෂණයට සහභාගිවූ එක් අයෙකුගේ සුදු පැහැ ගැන්වීම ආපසු හැරවුණේ ඒ අය සති දෙකක නිවාඩුවක් ගත කිරීමෙන් පසුවය. තවත් සහභාගිවන්නියකගේ කසාදය කඩාකලප්පල් වීම හේතුවෙන් ඇති වූ ආතතිය පහව යාමෙන් පසුව කෙස් යළි පෙර දා තිබූ වර්ණය ගැනීම ඇරඹී තිබුණි.

අදාළ රූපය

කෙසේවෙතත්, මේ සංසිද්ධිය ඇතිවන්නේ තැනින් තැන පිහිටි කෙස් ගස් කිහිපයක පමණක් විය හැකි යයි යනුවෙන් මතයක් පළකරමින් හාවඩ් විශ්වවිද්‍යාලයේ ඩේවිඩ් ෆිෂර් කියා සිටි. මුළු හිසකම කෙස් ගස් සුදු පැහැගැන්වුණු පසු,  යළි පෙර තිබූ වර්ණයටම හැරෙන්නේ නම් අපට පැහැදිලිවම ඒ බව පෙනී යා යුතුය. ආතතිය අඩුව ගිය විට හිස කෙස් අතරේ  මේ කාර්ය සීරුවෙන් සිදු කළ හැකි හිස කෙස් උප කුලයක් බාගදා තිබෙන්නට පුළුවන් යයි ෆිෂර් වැඩිදුරටත් පෙන්වා දෙයි.

හිසකෙස් කිහිපයක වුවත්, මෙලෙස කෙස් පැසීමේ ක්‍රමවේදය ආපස්සට හැරවීමට මග පෑදූ යාන්ත්‍රණය සොයා ගත හැකි නම්, හිසක කෙස් සියල්ලම පැසීම ආපසු හැරවිය හැකි වන පරිදි පරිවර්තන ක්‍රියාවලිය උත්තේජනය කළ හැකි ඖෂධ අපට සොයා ගන්න පුළුවන් යයි ෆිෂර් සඳහන් කරයි.

 

New Scientist (June 6th, 2020) හී පලවන Grey hair can regain its old colour in times of reduced stress   යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending