බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද කොරෝනා වයිරස් එන්නත, කොවිඩ් -19 රෝග ලක්ෂණ මර්දනය කිරීමට නිසැකවම සමත් බව විශාල සහභාගිත්වයක් ඇති සායන පරීක්ෂණ වලින් පෙන්නුම් කරයි. අතුරු දත්ත වලට අනුව 70% ක සාර්ථකත්වයක් තිබූ නමුත් පර්යේෂකයන්ට අනුව එන්නත් මාත්‍රාව වෙනස් කිරීමෙන් 90% ක් තරම් සාර්ථකත්වයක් ඇති කර ගත හැක. .මේ ප්‍රතිඵල විසල් ජයග්‍රහණයක් වන නමුත් මීට පෙර ෆයිසර් සහ මෝඩර්නා පර්යේෂකයන් විසින් 95% ක සාර්තකත්වයක් පෙන්වන කෝවිඩ්-19 එන්නත් වර්ධනය කර තිබුනි. කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඩ් එන්නත ඉතා ලාභදායී වන අතර අනෙක් එන්නත් දෙකටම වඩා ලොව පුරා ඕනෑම තැනක සාමාන්‍ය උෂ්ණත්වය යටතේ ශීතකරණයක ගබඩා කර තබා ගැනීමට පහසුය. ඖෂධ නියාමකයින් විසින් භාවිතා කිරීම සඳහා අනුමත කළ වහාම වසංගතය පාලනය කිරීම සඳහා මෙම එන්නත අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම එන්නතෙහි සාර්ථකත්වය කොරෝනා වයිරසය මගින් ඇති කරන ලද විනාශය නිම කිරීමට තැබූ තවත් නිශ්චිත පියවරක් බව එන්නතෙහි ප්‍රධාන නිර්මාපක මහාචාර්ය සාරා ගිල්බට් පැවසුවාය. බ්‍රිතාන්‍ය රජය දැනටමත් මෙම ඔක්ස්ෆර්ඩ් එන්නත මාත්‍රා මිලියන 100 ක් කලින් ඇණවුම් කර ඇති අතර ලබන වසර තුළ මුලු ලොවටම මාත්‍රා බිලියන තුනක් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙයි. (22/11/20 BBC පුවත් සේවයෙන්)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending