පූර්ණ චන්ද්‍රයා සිටින්නේ සූර්යයාට විරුද්ධ දිශාවෙහිය. එහි දිවා කාල පැත්ත අපට සම්පූර්ණයෙන් දර්ශනය වේ

පෘථිවිය වටා කක්ෂගත සිය ගමනේ දී පූර්ණ චන්ද්‍රයා සූර්යයාට ප්‍රතිවිරුද්ධව පිහිටයි. එහි හිරු එළියෙන් ආලෝකමත්වූ පැත්ත සම්පූර්ණයෙන්ම පෘථිවියේ සිට දැකගත හැකිය. ඇසට පෙනෙන ලෙස පූර්නව චන්ද්‍රයා රාත්‍රි දෙක තුනක් පුරා අපට පෙණේ.  කෙසේ වෙතත්, තාරකා විද්‍යාඥයන් චන්ද්‍රයා පූර්ණ යයි සලකන්නේ යථාතථ්‍යව දක්වන මොහොතකි.  එනම්, සූර්යයා අභිමුඛව  අංශක 180 ක කක්ෂතල දේශාංශයේ (ecliptic longitude)මොහොතකි ඒ. පූර්ණ චන්ද්‍රයෙකුගේ මෙම ලක්ෂණය, එනම් පෘථිවියේ සිට බැලූ විට සූර්යයාට ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටීම යන ලක්ෂණය තමයි පූර්ණ චන්ද්‍රයාගේ  පූර්ණ හා වටකුරු පෙනුමක් ඇති කරන්නේ.

චන්ද්‍රයා පෘථිවිය වටා භ්‍රමණය වන ආකාරය දැක්වෙන වීඩියෝවක් මෙතන ක්ලික් කිරීමෙන් ඔබට දැකගත හැකිය.   පූර්ණ චන්ද්‍රයා සූර්යයාගේ සිට පෘථිවියේ ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති බව එය නැරඹීමේ දී ඔබට දැකගත හැකිය. (මෙහි දැක්වෙන්නේ පරිමාණයට නොවේ).

පූර්ණ චන්ද්‍රයා පූර්ණ හෙවත්  පිරී ඇති ආකාරයෙන් අපට දර්ශනය වන්නේ  ඇයි? මෙහි දි මතක තබා ගතයුතු වැදගත් ම දෙය සඳෙන් අඩක් සෑම විටම සූර්යයා විසින් ආලෝකමත් කරන බවයි. ආලෝකමත් වූ භාගය සඳෙහි දිවා පැත්තයි. පෘථිවිය මත අපට පූර්ණ ලෙස පෙනී සිටීමට නම්, සඳෙහි දිව පැත්ත පමනක් නොව දිවා රෑ දෙපැත්තම දැකගත යුතුය. ඔව්, මුළු ‘දවසම’ දැක ගත යුතුය. හැබැයි එය එලෙස සිදුවන්නේ චන්ද්‍රයා අපගේ අහසේ සූර්යයා ඉදිරිපිට සිටින විට පමණි. ඒ නිසා පූර්ණ චන්ද්‍රයා පූර්ණ ලෙස පෙනෙන්නේ එය සූර්යයාට විරුද්ධ දිසාවේ සිටින නිසාය.

Full Moon: Definition, Facts & Features - Video & Lesson Transcript |  Study.com

සෑම පුර පසළොස්වක දිනයකම  හිරු බැස යෑමත් සමඟ චන්ද්‍රයා නැගෙනහිරින් ඉහළට නගින්නට පටන් ගනී. හිරු බැස යෑම සහ හිරු උදාව අතර මධ්‍යම රාත්‍රිය දක්වා ඉහළට නැඟී (මධ්‍යම රාත්‍රියේපමණ)  හිරු උදාව ආඅසන්නයේ බැස යයි. අද සවස හිරු බැස යද්දී  එළිමහනට වී සිටගෙන සඳ කොයිබ දැයි සොයා බලන්න. හිරු බැස යද් දී සඳ නෑඟ එනවා නේද? එය පුර පසළොස්වකකි; නැතහොත් එවැන්නකට ආසන්නයි.

හොඳින් නිරීක්ෂණය කළොත් පුර පසළොස්වක දිනය ආසන්නයේ අවම වශයෙන් රාත්‍රි කිහිපයක් වත් සඳ පිරී ඇති බව පෙණී යනු ඇත.

පූර්ණ චන්ද්‍රයා සූර්යයාට ප්‍රතිවිරුද්ධව පිහිටයි  නම්, සෑම පුර පසළොස්වක පොහොය දිනකම පෘථිවියේ සෙවනැල්ල සඳ මතට වැටෙන්නේ නැත්තේ ඇයි? හේතුව, සූර්යයා වටා පෘථිවි කක්ෂයට සාපේක්ෂව සඳෙහි කක්ෂය අංශක 5.1 කින් ඇලවීමයි. සෑම පුර පසළොස්වක පොහොය දිනකම පෘථිවියේ සෙවනැල්ල සඳ අසල පතිත වෙයි. නමුත්, බොහෝ මාසවලදී, සූර්යග්‍රහණයක් නොමැත.

EarthSky හී පළවන  What Is A Full Moon? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending