ඔමික්‍රොන් සාපේක්ෂව වැඩි වේලාවක් පෘෂ්ඨයන් හී ‍රැඳී සිටියත් විෂබීජ නාශකවලට මෙල්ලවන බව නවතම  පර්යේෂණ දක්වයි.

පසුගිය වසර දෙකක කාලය තුළ ලෝකය මුහුණ පෑ බොහෝ අභියෝගවලින් එකක් වූයේ COVID-19 හට ගන්වන SARS-CoV-2 වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ විවිධ මාර්ගවල වැදගත්කම අවබෝධ කර ගැනීමයි. රෝග වැලැක්වීම සඳහා අප කළ යුතු දේ පිළිබඳ ප්‍රමුඛත්වය ලබාදීමේදී විවිධ ආසාදන මාර්ග ඉ‍ටුකරන භූමිකාව අවබෝධ කර ගැනීම  වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

Fresh research says Omicron lasts much longer on surfaces than other  variants – but disinfecting still works

ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ COVID-19 සම්ප්‍රේෂණය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ පුද්ගලයන්-පුද්ගලයන් හමුවෙද්දී සමීපව සිටීම  සහ නිසි වාතාශ්‍රය නොමැති හෝ ජනයා බහුලව ගැවසෙන අවකාශයන්හි දී එකිනෙකාගෙන් විහිදෙන බිඳිති හෙවත් ඒරෝසෝල (ඇරොසොල්) හරහාය  යනුවෙනි. එහෙත්,  වෛරස පැතිරුණු වස්තූන් හෝ පෘෂ්ඨයන් අතපත ගෑමෙන් මෙන් පසු ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් මිනිසුන්ට ආසාදනය විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) ද පිළිගනී.

පෘෂ්ඨයන් හරහා වෛරස සම්ප්‍රේෂණය වැළැක්වීම කෙරෙහි කාලය ගත වෙද්දී අඩු අවධානයක් යොමු වූඇති අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය සහ එයරොසෝල් සම්ප්‍රේෂණය වැළැක්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇත. මෙම අවධානය සම්ප්‍රේෂණ මාර්ග පිළිබඳ අපගේ අවබෝධය වැඩිදියුණු වී ඇති ආකාරය පිළිබිඹු කරන නමුත්  පෘෂ්ඨයන් හරහා වෛරස සම්ප්‍රේෂණය පිළිබඳව අපට ඵුලු පුලුවන් තරම් අවබෝධ කර ගැනීම  තවමත් බෙහෙවින් වැදගත්ය.

SARS-CoV-2 වෛරසය සම සහ ප්ලාස්ටික් මත කොපමණ කාලයක් නොනැසී පවතීද යන්න මාර්ගගතව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නවතම ජපන් පර්යේෂණයක්  පරීක්ෂා කර බලයි.   නොනැසී පැවතීමේ කාලය ගත් විට   චීනයේ, වුහාන් හී මුලින් හටගත් වෛරසයේ ප්‍රභේදය සහ පසුව හටගත් ප්‍රභේද එනම් ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා සහ ඔමික්‍රොන් අතර  වෙනස්කම් මෙ අධ්‍යය්නයෙන් විමර්ශනය කර බැලෙයි.   එවැනි එකින් එක ගෙන කරන සැසඳීම්වලට ඔමික්‍රොන් ඇතුළත් කළ ප්‍රථම අවස්ථාව මෙය බව අධ්‍යයනය කියා සිටියි.

Fresh research says Omicron lasts much longer on surfaces than other  variants – but disinfecting still works - Micky News

කෙසේවෙතත්, මෙම අධ්‍යනය තවමත් සමපදස්ථ විශේෂඥයින් ගේ  සමාලෝචනයට  ලක් කර නොමැත.

පර්යේෂකයන් වාර්තා කරන්නේ  මුල් වුහාන් වෛරස මාදිලිය මෙන් දෙගුණයකට වඩා වැඩි කාලයක් සම සහ ප්ලාස්ටික් මත SARS-COV-2 ප්‍රභේදවලට නොනැසී පැවතිය හැකි බවයි.  Omicron ප්‍රභේදය ප්ලාස්ටික් මත පැය 193.5 ක් සහ සම මත පැය 21.1 ක් පවතින බව පර්යේෂකයින් විසින් සොයා ගනු ලැබීම විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණකි. මෙයින් හඟවන දෙය වන්නේ,  පෘෂ්ඨයන් මත මෙලෙස වඩාත් දිගු පැවැත්ම, Omicron හි (රෝග) බෝ කිරිරිමේ හැකියාව වැඩි කිරීමට දායක වන බවයි. මන්ද කීවොත් පෘෂ්ඨයක් මතින් ශක්‍ය වෛරසයක් ලබා ගැනීමේ වැඩි සම්භාවිතාවක් ඇති බැවිනි. එහෙත්, එය ඇත්ත වශයෙන්ම විය හැකි දෙයක් ද?

අධ්‍යයනයෙන් සිත් බඳනා ප්‍රතිඵල ලැබී ඇත. එසේ නමුත් එහි(අධ්‍යයනයෙනහි) සීමාවන් ඇති බව ද තෙරුම් ගත යුතුය. එයින් අදහස් කරන්නේ සැබෑ ලෝකයේ දී මෙම සොයාගැනීම්වල වැදගත්කම තේරුම් ගැනීම අපහසු බවයි.

How Long Does Omicron Take to Make You Sick? - Government Executive

වෛරස කොපමණ ප්‍රමානයක් ද?

රසායනාගාරයේ දී වෛරසයේ පැවැත්මේ කාලයත් සැබෑ ලෝකයේ දී පැවැත්මේ කාලයත් සාමාන්‍යකරණය කර සලකා බැලීම අධ්‍යයනයේ කැපීපෙනෙන සීමාව ලෙස දැක්විය හැකිය.  ගෝලීය මහා වස්ංගතය් පටන් ගත් අවධියේ පළකෙරුණු (වෛරසවල) පැවැත්ම පිළිබඳ අධ්‍යයනයන් හී ද මේ හා සමාන ව  සීමා දක්නට ලැබිණ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පරීක්‍ෂාවට ලක් කරන ලද මතුපිටට එකතු කඑරුණු වෛරස් ප්‍රමාණය තීරණය කිරීම සඳහා පැහැදිලි නිර්ණායක නොමැති වීමයි.

මෙය වැදගත් වන්නේ කාලයාගේ ඇවෑමෙන් මතුපිටක් මත ශක්‍ය වෛරස් හඳුනා ගැනීමේ හැකියාව, මුලින්ම එම පෘෂ්ඨ්ය මත වෛරස් කොපමණ නම් ‘වැතිරී’ තිබුණේ ද යන කාරණාව  විශාල ලෙස බලපෑමයි.  මෙම අධ්‍යයනයේ පර්යේෂකයන් මෙලෙස කළ බව යෝජනා කිරීමට නොපෙළඹුණත් න්‍යායාත්මකව ගත් කල, ආරම්භයේදීම මතුපිටක  ප්‍රමාණවත් වෛරස තැන්පත් කළහොත් පර්යේෂකයන්ට රසායනාගාරය තුළ දී වෛරසවල ඕනෑම මට්ටමක පැවැත්මක් උපක්‍රම්ශීලීව ‘අටවා’ ගත හැකිය. අපි හරිහැටි මෙය පැහැදිලි කරගමු. Omicron ප්‍රභේදය යම් මතු පිටක තිබී අපට  ආසාදනය වීමේ අවදානම වැඩි බව මෙම (අධ්‍යනයේ) ප්‍රතිඵලවලින් ඔප්පු නොවේ. එසේනමුත් එයින් සනාථ කරන්නේ පෘෂ්ඨයන් හොඳින්  පිසදැමීම සහ විෂබීජ නාශක යොදා ගනිමින් දෑත් සනීපාරක්ෂාක තත්ත්වයට පත් කර ගැනීම ඕනෑම මතුපිට්ක අපට නොදැනුවත්ව(සැඟවී) සිටින ඕනෑම සජීවී වෛරසයක් විනාශ කිරීමේ ඵලදායී ක්‍රම බවයි.

Almost Frankensteinish' Omicron variant worrying, but don't panic,  scientist says | MUSC | Charleston, SC

ඉතින් මෙහි ලා ශුභ ආරංචිය වන්නේ ඇල්කහොල් පදනම්ගත විෂ බීජ නාශක සම මත යෙදූ කල වෛරසයේ සියලු විචලකයන් විහිංසෙය්‍යවන බව හෙවත් නතු වෙන බවයි. මහජන සෞඛය අංශයෙන් ගත් කළ මෙම අධ්‍යනයේ වැදගත්ම සොයා ගැනීම වන්නේ විෂබීජ නාශකවල ඵලදායීතාව යළි සනාථවීමයි. අධ්‍යනයේ ද්වීතීයක සොයා ගැනීමක් හඟවන්නේ නාළස්ථව හෙවත් පරීක්ෂණ නල තුළ දී හෝ පෙට්‍රි දීසියකදී Omicron විචලකය, වූහාන් මුල් මාදිලියට වඩා එතනෝල්වල විෂබීජ නාශක ගුණාංගයන්ට  ඉතා මද වශයෙන් ප්‍රතිරෝධ දක්වනවන නමුත් මිනිස් සම මත වෛරස සම්බ්න්ධයෙන් පරීක්ෂණාගාරයේ දි  සිදු කෙරුණු විමර්ශන වලින් පෙණී ගියේ, (වෛරස) මාදිලිය කුමක් වුවත් 35% ඇල්කහොල් සාන්ද්‍රනයකට තත්පර 15ක් නිරාවරණයවීම වෛරස අක්‍රීය කිරීමේ දී  එක හා සමානව ඵලදායී වන බවයි.

The Conversation(07th Feb, 2022) හී පළවන Fresh research says Omicron lasts much longer on surfaces than other variants – but disinfecting still works   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending