මිහිමත මේ සා බහුල ජෛව විවිධත්වයක් ඇතිවීමට හේතුව එකම මූලයකින් බිහිවූ ජීවීන් වසර බිලියන ගණනාවක ‘ස්වාභාවික වරණය’ හේතු කොටගෙන විවිධ ස්වරූප වලට පරිනාමය වීම නිසාය යන අදහස මුලින්ම සාක්ෂි සහිතව සහ නිරවුල්ව ඉදිරිපත් කළ තැනැත්තා වූයේ චාල්ස් ඩාවින්ය. අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිසුන් කෘතිම වරණය මගින් මුහුන් කිරීමෙන් විවිධ බලු බළල් වර්ග හා වී තිරිඟු ප්‍රභේද බිහිකර ගත්බව අපි දනිමු. එමෙන් ම ස්වභා ධර්මය ද විවිධ ස්වාභාවික වරණ ක්‍රම මගින් වසර බිලියන ගණනක් තිස්සේ අණුක්‍රමයෙන් අති විශාල ජෛව විවිධත්වයක් ඇති කළ බව ඩාවින් පෙන්වා දුන්නේය. ඩාවින් පෙන්වාදුන් මේ කාරණය එදා සිට මෙදා දක්වා ජීව ව්‍යුහ අධ්‍යනය, ෆොසිල සාක්ෂිවල සිට ජාන විද්‍යාත්මක සොයා ගැනීම් වලින් ප්‍රමාණවත් තරම් තහවුරු වී තිබේ. කලක් ඔක්ස්ෆඩ් සරසවියේ විද්‍යා අවබෝධය පෘථුල කිරීමේ මහචාර්යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රිචර්ඩ් ඩෝකින්ස් මේ කරුණ සුපැහැදිළිව ඉදිරිපත් කිරීමට කොටස් තුනකින් යුතු කදිම වීඩියෝ මාලාවක් ඉදිරිපත් කළේය. කලකට පෙර අප විසින් සිංහල උපසිරැසි යෙදු එම වීඩියෝ තුනම එක්කොට මෙසේ ඉදිරිපත් කරමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending