මදුරු විකර්ෂකවල(repellants) සිට යෙදුම් මත පදනම් වූ මදුරුවන් නිරීක්ෂණය කිරීම සහ නව මැලේරියා එන්නතක් දක්වා, පර්යේෂකයෝ දෂ්ඨ කරන කෘමීන්ට එරෙහි සටනේ ඵලදායී ඉදිරි ගමනක යෙදෙති.

තවත් සුබ ආරංචියක් වන්නේ සාමාන්‍යයට වඩා වැඩි දෂ්ඨකිරීම සංඛ්‍යාවකට ගොදුරුවන ජනගහනයෙන් 20% ක් සඳහා විසඳුමක් ළඟදීම අත ළඟ විය හැකි ලකුණු පහළ වී තිබේ. මෙම මස මුලදී, ජෙරුසලමේ හෙබ්‍රෙව් විශ්ව විද්‍යාලයේ (Hebrew University of Jerusalem – HUJI) පර්යේෂකයන් විසින් මදුරුවන් විදින ජන සංඛ්‍යාව 80% කින් අඩු කළ හැකි නව විකර්ෂකයක් නිපදවන ලදී. කපු සහ ලී වැනි ද්‍රව්‍යවල දක්නට ලැබෙන පුනර්ජනනීය අමුද්‍රව්‍යයක් වන ස්වභාවිකව පවතින සෙලියුලෝස් නැනෝ ස්ඵටික (cellulose nanocrystals – CNC) වලින් සහ අප්‍රසන්න ගන්ධයක් සහිත කාබනික සංයෝගයක් වන ඉන්ඩෝල් (C8H7N) යොදා සාදන ලද තුනී ආලේපනයක් සමට යෙදීම “රසායනික වෙස් මාරුවක්” ලෙස ක්‍රියා කරන්නේ යයි PNAS Nexus හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් පැවසේ.
HUJI හි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අධ්‍යයන වාර්තාවේ සම කර්තෘවරයෙකු වන Jonathan Bohbot පවසන පරිදි, මදුරුවන් තම ගොදුරු තෝරා ගැනීම සඳහා භාවිත කරන හෝඩුවාව නොමග යවන මෙම සංයෝජනය “පෙර නොවූ විරූ” ය. ඇත්ත වශයෙන්ම, ප්‍රතිඵල කෙතරම් යහපත් ලෙස සලකනු ලැබේ ද යත්, වාණිජමය භාවිතයට පෙර නියාමකයින් විසින් ආලේපනය අනුමත කර ගැනීමේ අරමුණින්, වැඩිදුර මානව අධ්‍යයනයන් සැලසුම් කර ඇත. ” CNC-විකර්ෂක සංයෝගය දැනට වෙළඳපොලේ පවතින අනෙකුත් නිෂ්පාදනවලට වඩා දිගුකල් පවතින කාර්යක්ෂමතාවයක් සහ ක්‍රියාකාරී පරාසයක් ඇත,” යි කියා සිටින Bohbot, එය වෙලඳ පොළට පැමිණිය හොත් “ඉහළ මට්ටමේ පාරිභෝගික ප්‍රතිචාරයක්” අපේක්ෂා කළ හැකි බව පවසයි.
ඔබට දෂ්ඨ කළා ද නැද්ද යන්න බොහෝ දුරට කලින්ම ඇතිකරගන්නා නිගමනයකි: සමහර ඇස්තමේන්තු වලට අනුව, පුද්ගලයෙකුගේ දෂ්ට කිරීමේ ප්‍රවණතාවයෙන් 85% ක් ජාන වලට හේතු වන අතර DNA පරීක්ෂණ සමාගමක් වන 23andMe පවසන්නේ මදුරුවන් දෂ්ඨ කරන වාර ගණන, කසන ගතිය සහ ප්‍රමාණය සඳහා වගකිව යුතු පාරම්පරික ජාන සලකුණු 285 ක් හඳුනාගෙන ඇති බවයි. ,
මදුරුවන් මිනිසුන් වෙත ආකර්ෂණය වන්නේ අප හුස්ම ගැනීමේදී නිකුත් කරන වාෂ්පශීලී (කාබනික සංයෝග) මගිනි. කෙසේවෙතත්, අප අපේ සම හරහා මුදා හරින ඒවා තමයි ඔවුන් ලේ උරා බීම කළ යුත්තේ කොතැනින්ද යන්න පිළිබඳ මග සළකුණු ලෙස ක්‍රියා කරන්නේ ලැක්ටික් අම්ලය සහ ඇමෝනියා වැනි ස්වභාවිකවම නිපදවන රසායනික ද්‍රව්‍ය. ඔබේ ශරීරය වැඩිපුර ලැක්ටික් අම්ලය නිපදවන තරමට, (මදුරුවන්ගේ) ‘ආහාර වේල ගැනීමේ’ උන්මාදය වඩාත් නරක අතට හැරෙනු ඇත. අපට, අපගේ භෞතවේදය වෙනස් කිරීමේ සීමාවන් සැලකිල්ලට ගෙන, දැනට අපට ඇති එකම ආරක්ෂාව විකර්ෂක වේ — ලොව පුරා මිලදී ගැනීම් සළකණ විට 2026 වන විට වෙළඳපල ඩොලර් බිලියන 9 (පවුම් බිලියන 7.2) තරම් සංඛ්‍යාවක් දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

මදුරුවන් දෂ්ට කිරීමේ ගැටලුවට විසදුම් සොයතැයි බලාපොරොත්තු වන එකම අය HUJI හි පර්යේෂකයන් පමණක්ම නොවේ. මේ වසර මුලදී ඉතාලි විද්‍යාඥයින් පිරිසක් විසින් චක්‍රීය ඇසිටැල්(acetals) සහ කාබොනිල් සංයෝග එකතු කිරීමෙන් විකර්ෂකයක් වැඩිදියුණු කරන ලද්දේ වට්ටෝරුවක් නිර්මාණය කරමිනි. මෙකී වට්ටෝරුව, ඔවුන් පවසන අන්දමට, DEET(diethyltoluamide – ස්ප්‍රේ සහ ක්‍රීම් විශාල ප්‍රමාණයක් නිපදවීමේ දි භාවිත කෙරෙන රසායනික සංයෝගයකි) වලට වඩා සිව් ගුණයකින් ඵලදායීය. Aedes albopictus මදුරුවාට එරෙහිව මේ වට්ටෝරුව පරීක්ෂාවට ලක් කර ඇත. එය මිනිසුන්ගෙන් 95% ක් එක දිගට පැය අටක් (DEET පැයදෙකක් පමණ පවති) ආරක්ෂා කරන බව සොයාගෙන ඇති අතර මෙම වට්ටෝරුව දැනට පවතින ඒවාට වඩා අඩු විෂ-දුර්ගන්ධ මිශ්‍රණයකි. Journal of Agricultural and Food Chemistry හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යන ප්‍රතිඵල අනුව, එය වෙළඳපොළට තවත් හොඳ එකතු කිරීමක් කළ හැකිය. “නව විකර්ෂකයක් සොයා ගැනීම එතරම් පහසු යැයි අපි නොසිතුවෙමු.” යයි ෆ්ලෝරන්ස් විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය Fරන්චෙස්ච ඪනි පවසයි, “අපි බෙහෙවින් තෘප්තිමත්වෙන්නෙමු”.
පර්යේෂක කණ්ඩායමේ මීළඟ ඉලක්කය වන්නේ ඔවුන්ගේ විකර්ෂකයට වෙනත් පළිබෝධකයන්ද වළක්වා ගත හැකිද යන්න ගැන සොයා බැලීමයි. දැනට ඔවුන්ගේ අවධානය යොමුව ඇත්තේ කිනිතුල්ලන් ( කිනිතුල්ලන් හරහා බෝවෙන එන්චෙඵලිටිස් මාරාන්තික විය හැකි වෛරසය, එක්සත් රාජධානියෙන් සොයාගෙන ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් පසුගිය මාසයේ අනතුරු ඇඟවීය) සහ මැලේරියාව පැතිරවීමට වගකිව යුතු මදුරු විශේෂය වන Anopheles gambiae කෙරෙහිය. විකර්ෂක යනු “ඔබව [රෝග] වාහකයන්ගෙන් ඈත් කොට තැබිය හැකි එකම ක්‍රමයයි”, ඩැනි පවසයි, “එය මිනිසුන් ආරක්ෂා කිරීමට ඉතා සරල ක්රමයකි.”
සොල්දාදුවන් වැනි දිගුකාලීන ආරක්ෂාවක් අවශ්‍ය අයට ආරක්ෂාව සැපයීමේ දී වත්මන් විකර්ෂක ප්‍රායෝගික නොවන බැවින්, පර්යේෂකයෝ නව හැකියාවක් ගැන සොයා බලමින් සිටිති: සමේ ක්ෂුද්‍ර ජෛවදර්ශය හෙවත් බියෝමය (සමෙහි ජීවත් වන බැක්ටීරියා සහ දිලීර) වෙනස් කිරීම. විශාල මදුරු ගහනයක් සහිත ප්‍රදේශයකට ඇතුළු වීමට පැය කිහිපයකට පෙර යෙදිය හැකි, හඳුනාගත හැකි සුවඳක් නිපදවන්නේ නැති, සහ එක් යෙදුමකින් වරකට සති දෙකක් දක්වා ආරක්ෂාවක් ලබා දිය හැකි නිෂ්පාදනයක් නිර්මාණය කිරීමට දරන උත්සාහයක් ලෙස ඔවුන්ගේ ReVector වැඩසටහන සඳහන් කළ හැකියි.

මදුරුවන්ගෙන් දෂ්ට කිරීමට ඇති ඔබේ ප්‍රවණතාවය – මෙන්ම කැසීම සහ ඉදිමීම – ජාන විද්‍යාව මගින් තීරණය වන බවක් පෙනේ. ඡායාරූපය: kmatija/Getty Images
මෙයට “ස්වාභාවික මිනිස් සමේ ක්ෂුද්‍ර ජීවීන් ගෙන ඒවා ඉංජිනේරුකරණය කිරීම, උදාහරණයක් ලෙස, ලැක්ටික් අම්ලය වැනි දන්නා මදුරු ආකර්ශකයක් නිපදවන එන්සයිමයේ ගමන් මග අවහිර කර, එම මිනිස් සමේ ක්ෂුද්‍ර ජෛව දර්ශය [සමට විකර්ෂකයක් ලෙස] නැවත යෙදීම සම්බන්ධ වෙනවා” Darpa’s Biological Technologies Office හි වැඩසටහන් කළමනාකාරිනියක් වන Dr Linda Chrisey පවසයි. ඔවුන්ගේ උපකල්පනය නිවැරදි බව ඔප්පු වුවහොත්, මේ ආකාරයේ විකර්ෂකයක් “ඇත්තටම නොහිතන වෙනසක් ඇති කළ හැකිය” යන්න ඇගේ අදහසයි.

අධ්‍යයනයන් මෙතෙක් සිදු කර ඇත්තේ සතුන් සම්බන්ධ කරගෙන පමණක් වන නමුත් “ආකර්ශනීය අණුවක් නිෂ්පාදනය අඩු කිරීම සඳහා නිර්මාණය කරන ලද මිනිස් සමේ ක්ෂුද්‍ර ජෛව දර්ශකයක් යෙදීමෙන් යම් මට්ටමක කාර්යක්ෂමතාවයක් ඇති බව පෙනේ”, ක්‍රිසි වැඩිදුරටත් කියා සිටියි.
සංකල්පයේ සාධනය ReVector කණ්ඩායමේ ප්‍රධාන අරමුණයි. ඡ්රිසෙය් මෙසේ පවසයි: “අපි ඉන් පසුව, මානව අධ්‍යයනයන් පුළුල් කිරීඑමෙ අරමුණින් මේ කර්මාන්ත ක්ෂෙත්රය තුළ හෝ ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ යෝග්‍ය හවුල්කරුවන් සෙවීමට හෝ නිෂ්පාදනය වාණිජකරණය කිරීමට උත්සාහ කරන්නෙමු. .” ඉතාලි පර්යේෂකයන් මෙන්, ඔවුන් ද ඉලක්ක කරගත් විශේෂයන් ව්‍යාප්ත කිරීමට ද අදහස් කරයි. ඒ අනුව ReVector පර්යේෂනයන වැලි මැස්සන් ද ඇතුළත් වෙන සේ ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ (පරපෝෂිත රෝගයක් වන ලීශ්මානියාව හට ගැනීමට වැලි මැස්සන් මුල් විය හැක).
ලෝකයේ මිනිසුන්ට මාරාන්තිකම සත්වයා වන මදුරුවා, සෑම වසරකම මරණ 725,000ක් සඳහා වගකිව යුතුවෙයි. (මදුරුවන්) දෂ්ට කිරීමෙන් ඇති වන අපහසුව ඇත්ත වශයෙන්ම මදුරුවන් නිසා ඇති වන කුඩා ගැටළුවක් පමනකි. මැලේරියාවට එරෙහිව සටන් කිරීමේ දී විකර්ෂකයන්ට කළ හැකි දේ අල්ප බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ගෝලීය මැලේරියා ප්‍රධානියා වන Dr Jan Kolaczinski පවසයි, කෘමිනාශක කැවූ දැල් (insecticide-treated nets – ITNs) සහ ගෘහස්ථ අවශේෂ ඉසීම (indoor residual spraying – IRS) රෝග පාලනය සඳහා වඩාත් ඵලදායී විකල්ප ලෙස සැලකේ.
තවත් ප්‍රධාන වාසියක් ඇති බව ඔහු සඳහන් කරයි: එම විකල්ප, පාරිසරික හානියක් ඉතිරි නොකරීමයි. එමෙන්ම, “ මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ඔබ මොහොතක අත්විඳින අපහසුව මෙන් නොව රටක් වශයෙන් ගත් කල මදුරු උවදුර ප්‍රධාන සෞඛ්‍ය ප්රශ්නයකි. වැඩිහිටි මදුරුවන් මර්දනයට් තෙල් ඉසීම වැනි දේ කරවාට වඩා කීට අවධියේ දී විනාශ කිරීමේ අරමුණින් බෝවෙන ස්ථාන ඉවත් කිරීම වැනි පරිසර හිතකාමී උපක්‍රම යොදා පාලනය කිරීම වඩා හොඳය.
“(මදුරුවන්) බෝවෙන ස්ථාන(අභිජනන ස්ථාන) හරියටම හඳුනා ගන්න හැකිනම් ඔබ ඇත්තටම ප්රශ්නයේ මූලය වෙත ගමන් කර ඇත” යනුවෙන් Kolaczinski පවසයි.
The Guardian පුවත් පතෙහි පළවී ඇති Are you a mosquito magnet? Help may be at hand යන ලිපිය ඇසුරෙනි.
The Guardian පුවත් පතෙහි පළවී ඇති Are you a mosquito magnet? Help may be at hand යන ලිපිය ඇසුරෙනි.





ප්‍රතිචාරයක් ලබාදෙන්න