සදාචාරය පිරිහෙනවා යයි අප අතර ඇති අදහස මායාවක් බව විද්‍යාඥයෝ පවසති
සදාචාරය පිරිහෙමින් පවතින බව ලොව පුරා මිනිසුන් හිතන්නේ දශක ගණනාවක් තිස්සේ යයි ඒ සම්බන්ධව සිදු කර ඇති අධයනවලින් කියැවෙයි. එහෙත් අනෙකුත් සමීක්ෂණ දත්ත එම සංජානනයට, එම විශ්වාසයට පටහැනියි.

අපි අපේ මුතුන් මිත්තන් තරම් හොඳ නැද්ද? පරම්පරාවෙන් පරම්පරාවට එන්ට එන්ටම සදාචාරය පිරිහී යමින් පවති යන අදහස නව අධ්‍යයනයක් ප්‍රශ්න කෙරේ. Credits: Viacheslav Iakobchuk/Alamy
කාලයත් සමඟ මිනිසුන් කාරුණිකබවින්, ගෞරවනීයබවින් සහ විශ්වාසවන්තබවින් අඩු අය බවට පත්වෙමින් සිටින බව අදහමින් ඇඩම් මාස්ට්‍රෝයානි නිතරම කනස්සල්ලට පත් විය. එබැවින් ඔහු එවැනි ලුහු අන්දර ගැන ගැඹුරින් සොයා බලන්නට අදිටන් කර ගත්තේය: එහි ප්‍රථිඵල ආශ්‍රයෙන් ඇඩම් ආචාර්ය උපාධි නිබන්ධනයක් ලිවීය.
අවම වශයෙන් පසුගිය වසර 70 තුළ ලොව පුරා පොදුවේ සදාචාරාත්මක පරිහානියක් සිදුවී ඇතැයි මිනිසුන් වටහාගෙන ඇති බව සොයා ගැනීම සඳහා දැන් Mastroianni සහ සහයෝගිතාකරුවෙකු දශක ගණනාවක් පුරා සමීක්ෂණ ප්‍රතිඵල සහ අනෙකුත් දත්ත ලබාගෙන ඇත. එහෙත් එම කාලය තුළ ඔවුන්ගේ සමකාලීනයන්ගේ සදාචාරය පිළිබඳ පුද්ගලයන්ගේ ඇගයීම බොහෝ දුරට නොවෙනස්ව පවතින බව ද එම දත්ත පෙන්වා දෙයි.
නිව් යෝර්ක් නුවර, කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥයෙකු වන Mastroianni සහ මැසචුසෙට්ස්, කේම්බ්‍රිජ් හි හාවඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥයෙකු වන ඔහුගේ සම-කර්තෘ Daniel Gilbert, සදාචාර පරිහානිය පිළිබඳ අවබෝධය මායාවක් බව නිගමනය කරති.
ඔවුන්ගේ සොයාගැනීම් ජුනි 7 වන දින Nature සඟරාවේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එතරම් පියකරු නැත
සදාචාරය පිරිහෙමින් පවතී යන පොදු අදහස පරීක්ෂා කිරීම සඳහා, Mastroianni සහ Gilbert 1949 සහ 2019 අතර සිදු කරන ලද සදාචාරාත්මක සාරධර්ම පිළිබඳ එක්සත් ජනපද සමීක්ෂණ විශ්ලේෂණය කළහ. සමීක්ෂණ ප්‍රශ්නවලින් 84% කට පමණ ප්‍රතිචාර වශයෙන්, බොහෝ සහභාගිවන්නන් වාර්තා කළේ සදාචාරය පිරිහී ඇති බවයි. වෙනත් රටවල් 59 ක සිදු කරන ලද සමීක්ෂණවල ද එවැනිම ප්‍රතිඵල දක්නට ලැබිණි.

කතුවරුන් විසින් ද 2020 දී ඔවුන්ගේම සමීක්ෂණ මාලාවක් ද සිදු කරන ලද අතර එක්සත් ජනපද සහභාගිවන්නන් කියා සිටියේ සහභාගිවන්නා ඉපදුණු වසර වැනි අතීත වකවානු වල දී ට වඩා මිනිසුන් “කාරුණික, අවංක, ප්‍රසන්න සහ හොඳ” යන ගුණාංඟ වලින් පිරිහී ඇති අය යයි කියා සිටි බවයි. සදාචාරාත්මක පරිහානිය පිළිබඳ මෙම වටහා ගැනිම විවිධ දේශපාලන මතවාද, ජාතීන්, ස්ත්‍රී පුරුෂ භාවය, වයස් සහ අධ්‍යාපන මට්ටම්වල පුද්ගලයින් අතර පොදුවේ ස්ථාපිත වූවකි.
නිවැරදි දෙයට ඇති කැපවීම
පුද්ගලයින් මෙන්ම ඔවුන්ගේ සමකාලීනයන් සදාචාරය පිළිබඳව වර්තමානයේ දරන ආකල්ප ගැන වාර්තා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි සමීක්ෂණ ද පර්යේෂකයෝ පරීක්ෂා කර බැලූහ. කාලය ගත්වෙද්දී සපයන පිළිතුරු සැසඳිය හැකි වන පරිදි අවම වශයෙන් වසර දහයක අල්ප කාල පරතරයක් සහිතව දෙවරක් සිදු කරන ලද සමීක්ෂණ තෝරා ගන්නා ලදී. “අද මේ රටේ සදාචාරාත්මක සාරධර්මවල සමස්ත තත්ත්වය ඔබ තක්සේරු කරන්නේ කෙසේද?” වැනි ප්‍රශ්න මේවාට ඇතුළත් විය.
කාලයාගේ ඇවෑමෙන් සදාචාරය ඇත්ත වශයෙන්ම පිරිහී ඇත්නම්, මීට පෙර එම සමීක්ෂණය කළ අයට වඩා තම සමප්දස්ථයන් සෘණාත්මක ලෙස ඇගයීමට පුද්ගලයින් පෙළඹෙනු ඇතයි සාමාන්‍යයෙන් අපේක්ෂා කෙරෙන නමුත් ඔවුන්ගේ සමකාලීනයන්ගේ සදාචාරය පිළිබඳ සහභාගී වන්නන්ගේ තක්සේරුව කාලයත් සමග වෙනස් වී නොමැති බව දත්ත අනාවරණය කළේය. Mastroianni පෙන්වා දෙන්නේ, මෙයින් අදහස් කරන්නේ සදාචාරාත්මක පරිහානිය පිළිබඳ අවබෝධය වැරදියි යන්න හෝ එහෙම නැතිනම්, අඩු තරමින් “මෙම සදාචාරාත්මක පරිහානිය සිදුවී ඇති බවට කිසිදු සාක්ෂියක් සොයා ගැනීම ඉතා අපහසුය” යන්නයි.
ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි ස්වින්බර්න් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම පර්යේෂකයෙකු වන Melissa Wheeler, දත්තවල ශක්තිමත් බව ප්‍රශංසා කළ අතර, එහි (දත්ත අතර) “දශක ගණනාවක් පුරා ලේඛනාගාරගත් දත්ත ලක්ෂ්‍යවලින් ලැබුණු ප්‍රතිචාර” සහ සොයාගැනීම් සනාථ කරන්නා වූ, හොඳින් බලගැන්වූ පරීක්ෂණ මාලාවක් ඇතුළත් බව සඳහන් කළේය. .
පුලුල්ව පැතිරුනු අශුභවාදය
(වර්තමානයේ) සදාචාරය පිරිහෙන්නේ යයි සෑම ආකාරයකම එක්සත් ජනපද වැසියන් සිතා ගෙන සිටීම, අධ්‍යයනයට සම්බන්ධ නොවූ මැසචුසෙට්ස් හි බොස්ටන් විද්‍යාලයේ සදාචාර විද්‍යාගාරයේ ප්‍රධානී මනෝවිද්‍යාඥ Liane Young පුදුමයට පත් කළේය. “ තමන්ගේ පැත්තේ, තම කණ්ඩායමේ නොසිටින අය ගැන විනිශ්චය කරන විට, පුද්ගලයින් අශුභවාදීව සිතීම සාමාන්‍ය දෙයක්. එහෙත් මෙහිදී උනන්දුව දල්වන කාරණය වන්නේ, මෙම පක්ෂග්‍රාහීත්වය වඩාත් ව්‍යාප්ත වන අතර අන්තර් කණ්ඩායම් නැඹුරුව(intergroup bias) තුළ මුල් බැස ඇති බවක් නොපෙනීමයි.”
එසේනම්, මේ ආකාර සදාචාර පරිහානියක් ඇත්තේ මිනිසුන් සිතන්නේ ඇයි? අධ්‍යනයේ කතුවරුන් අනුමාන කරන්නේ එය පක්ෂග්‍රාහී මතකය(biased memory) වැනි සාධක සමඟ සම්බන්ධ වී ඇති බවයි; ඍණාත්මක මතකයන් ධනාත්මක මතකයන්ට වඩා වේගයෙන් මැකී යයි.

Mastroianni පවසන්නේ සදාචාර පරිහානිය පිලිබඳ මේ මායාව, වැදගත් සමාජීය සහ දේශපාලන ප්‍රතිවිපාක පවා ඇති කළ හැකි බවයි. නිදසුනක් වශයෙන්, ඔහුගේ පර්යේෂණ පත්‍රිකාවේ උපුටා දක්වා ඇති පරිදි, එක්සත් ජනපදයේ 76% ක ජනතාවක් එකඟ වී ඇත්තේ “‘රටේ සදාචාරාත්මක බිඳවැටීම සම්බන්ධයෙන් ඔවුන්ගේ රජය සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බවයි”. මේ අදහස ඡන්දය භාවිත කිරීමේ දී බලපෑ හැකි සාධකයකි.
මෙහි දී සැබෑ “අභියෝගය” වන්නේ, “ඉතා දැඩිව එමෙන්ම වඩාත් ව්‍යාප්ත ආකාරයෙන් පැතිර ඇති මෙම මිත්‍යාව ඔවුන් දරන බව මිනිසුන්ට ඒත්තු ගැන්වීමට, පිළිගැනීමට ලක් කිරීමට” ක්‍රියා කිරීම යයි වීලර් පෙන්වා දෙයි.
Nature News(07th June 2023) හී පළවී ඇති Morality is declining, right? Scientists say that idea is an illusion යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න