අශ්වයන් වැටෙන්නේ නැතිව හිටගෙන ඉන්න තැනම නිදිකිරන්නේ කොහොමද?

ඔබ කවදා හෝ රාත්‍රියේදී අශ්වයන් සිටින පිට්ටනියක් අසලින් ගොස් ඇත්නම්, ඔවුන් නිදාගන්නේ කලාතුරකින් බව ඔබ දැක ඇති. ඉතින් ඇයි මේ ක්ෂීරපායීන් හිටගෙන නිදාගන්නේ?

පිළිතුරු වශයෙන් කියන්නට ඇත්තේ එය පැවැත්ම හා සම්බන්ධ එකක් බවයි: විලෝපිකයන්ගෙන් නිරන්තර එල්ලවන තර්ජනයත්,  ඔවුන්ගේ නින්දේ අවශ්‍යතාවයත් කිරා බලා සමතුලිත කිරීමට අශ්වයෝ හිටගෙන සිටියදී නිදා ගනිති.

අශ්වයන් Equidae පවුලේ ගොදුරු සතුන්ගේ දිගු පෙළපතකින් පැවත එන අතර ඔවුන්ගේ පාද හකුළන්නේ නැතිව නිදා ගැනීම විලෝපනයට එරෙහිව අනුගත වීමකි. “සිටගෙන සිටීම ඔවුන්ට විලෝපිකයන්ගේ හදිසි ප්‍රහාරක දී යම් වාසියක් අත්කරදෙය්; ඔවුන් පොලවෙහි වැතිර සිටියාට වඩා පලා යාමට වඩා එය හොඳ අවස්ථාවක් ලබා දෙයි.” යනුවෙන් මිචිගන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ අශ්වයින් ගැන විශේෂඥයෙකු වන Karen Waite ඊමේල් පණිවුඩයක් මගින් Live Science වෙත පැවසීය.

සරලව කිවහොත්, අශ්වයන් ප්‍රමාණයෙන් විශාල සතුන් වන අතර, ඔවුන්ට  වතිර සිට නැගී සිටීමට කාලය හා ශක්තිය අවශ්ය වේ. එබැවින් සිටගෙන සිටින අශ්වයෙකුට නින්දෙන් හදිසියේ අවදි වූ විට පලා යාම වඩා පහසුය. BBC Science Focus දක්වන අන්දමට, ශාක භක්ෂකයන් වන සීබ්‍රා, බයිසන්, අලි සහ ජිරාෆ් වැනි අනෙකුත් විශාල ගොදුරු  සතුන් සඳහා ද එය එසේම වේ; මේ සියල්ලන්ටම හිටගෙන නිදා ගැනීමට හැකියාව ඇත.

නිදි කිරාවැටෙන අතරතුර සතර පයින් නැගී සිටීමට හැකියාව ගෙන එන  විශේෂිත වූ ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ අශ්වයන් සතුව ඇත. “රැඳී සිටීමේ විශේෂ උපකරණයක්” ලෙස හැඳින්වෙන මෙම ලක්ෂණවලට, පිළිවෙලින් මාංශ පේශි–අස්ථියට සහ අස්ථි–අස්ථිවලට සම්බන්ධ කරන මෘදු පටක වන කණ්ඩරාවන් සහ අස්ථිබන්ධන(tendons and ligaments) මාලාවක් ඇතුළත් වේ. Waite පවසන පරිදි පෙර පාද සහ පසුපස කකුල් දෙක පුරා මේවා දිවේ. අශ්වයෙකු තම පාදයේ මාංශ පේශි ලිහිල් කරන විට, “රැඳී සිටිමේ විශේෂ උපකරණ” වන බන්ධන සහ කණ්ඩරාවන් උරහිස්, දණහිස සහ වළලුකර සන්ධි ස්ථාවර කරන ආතති පටි ලෙස ක්‍රියා කරයි. මෙමගින් අශ්වයාට ඔවුන්ගේ මාංශ පේශිවල වැඩි ආතතියක් පවත්වා නොගෙන සිටගෙන සිටීමට හැකියාව ඇති වේ.

නිදා ගැනීමට තරම් ආරක්ෂිත බවක් ඇතැයි මේ අශ්වයන්ට දැනේ.(Image Cedit: mokuden-photos via Getty Images)

අශ්වයන්, තම නිදාගැනීමෙන් වැඩි කොටසක් සිටගෙන සිදු කරන අතර, වඩාත්  සුව සලසන,  සිරුර යථා තත්ත්වයට පත් කිරීමේ නින්දක් සඳහා ඔවුන්ට වැතිරීමට අවශ්‍ය වේ. “අශ්වයන් බොහෝ වේලාවක් සිටගෙනම නිදා ගැනීමට ගත කරනු ඇති නමුත් ඇත්ත වශයෙන්ම ඔවුන් සිටගෙන සිටින විට සම්පූර්ණ REM නින්දට(rapid eye movement – වේගවත් අක්ෂි චලන නින්දට) නොපැමින්ණේ”  යයි කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ අශ්ව හැසිරීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකුවන Sarah Matlock,  Live Science වෙත පැවසීය.  REM නින්දේදී – නිදා සිටින පුද්ගලයෙකුගේ ඇස් වසා ඇති ඇහිබැමි යට වේගයෙන් ගමන් කරන විට  සිහින දැකීම සිදුවිය හැකි අතර, අපගේ මාංශ පේශි තාවකාලිකව අකර්මණ්‍ය වී  සිහිනෙන් දකින දේ ක්‍රියාවට නංවන්නේ නැත. REM නින්දේදී, මොළය දිගුකාලීන මතකයන් සඳහා නව තොරතුරු ඒකාබද්ධ කර සකසයි. ප්‍රමාණවත් REM නින්දක් නොලැබෙන පුද්ගලයින්ට මානසික ඒකාග්‍රතාවය සහ චිත්ත ස්වභාවය නියාමනය, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ අඩු සෛල වර්ධනය වැනි ගැටළු ඇති විය හැක.

වැඩිහිටි අශ්වයන්ට බොහෝ විට දිනකට පැය 5 ක් වැනි කෙටි නින්දකින් යැපෙන්නට පුරුදුව සිටින අතර,  එයිනුත් වැඩි කොටසක් හිටගෙන නිදා ගෙන පියවා ගැනීමට ඔවුහු පෙළඹෙති.  සිටගෙන නිදන අශ්වයන්ට “මන්දගාමී තරංග” හෝ ගැඹුරු,  සිහින රහිත නින්දක් ලබා ගත හැකි නමුත් ප්‍රමාණවත් ලෙස විවේක සුවය ලත් අශ්වයෙකුට දිනකට අවම වශයෙන් විනාඩි 25 REM නින්දක් අවශ්‍ය වන අතර එය සිදුවිය හැක්කේ වැතිර සිටින විට පමණක් බව Matlock පවසයි.

මේ හේතුව නිසා අශ්වයන් දිනපතා වැතිර සිටිය යුතුය. ඔවුන් එසේ නොකරන්නේ නම්, ඔවුන්ට නින්ද නොයාම අත්විඳිය හැකිය; එය අශ්වයෙකුට බරපතල සෞඛ්‍ය අවදානමක් ගෙන එන්නකි. නිදසුනක් වශයෙන්, වැටීමෙන් තුවාල වීමේ අවදානමක් ඉන් ඇති කිරීම දැක්විය හැකියයි  American Association of Equine Practitioners පෙන්වා දෙයි.. “ප්‍රමාණවත් ර්‍REM නින්දක් නොලබන අශ්වයන් නිද්‍රාලුවෙන්(narcolepsy) පෙළෙන්නේ යයි  වැරදි රෝග නිර්ණය වියහැකිය,” Matlock කියයි, “ඒ වගේම, ඔබ අසු පිට යන විට ඔවුන් පෙරළෙන්නත් පුළුවන්.”

සිටගෙන නිදා ගෙන සිටීම විලෝපිකයන් වළක්වා ගැනීම සඳහා වූ අනුවර්තනයක් වන බැවින්, අශ්වයන් බිම වැතිර නිදා ගැනීමට කැමති වීමට පෙර ඔවුන්ට සුවපහසු සහ ආරක්ෂිත බවක් දැනිය යුතු බව Matlock පැවසීය. වල් වදුණු අශ්ව(Feral) ගහනය තුළ, REM නින්ද ලබා ගැනීම සඳහා අශ්වයන් කිහිප දෙනෙකු එකවර වැතිර සිටින්නේ නම්, එහි ඒමට ඉඩ ඇති විලෝපිකයන් ගැන සෙවිල්ලෙන් සිටීමට  අවම වශයෙන් එක් අශ්වයෙක් සෑම විටම සිටගෙන සිටියි.

“ඔවුන්ගේ පරිසරය තුළ ඔවුන්ට ආරක්ෂිත බවක් දැනෙන්නේ නැත්නම්, හෝ ඔවුන් සමඟ වෙනත් අශ්වයන් නොමැති නම්, හෝ ඔවුන් හුදකලා වී ඇත්නම්, ඔවුන්ට නිදා ගැනීමට තරම් ආරක්ෂිත බවක් දැනීමට ඇති ඉඩකඩ අඩුය,” Matlock පෙන්වා දෙයි.

Life’s Little Mysteriesive Science) හී පළවෙන Why do horses sleep standing up? යන ලිපිය අසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending