ලැව්ගිනි දුමාරය සහ අපිරිසිදු වාතය ද දේශගුණික විපර්යාස ගැටළුවේ ප්‍රතිඵලයක් මෙන්ම එහි හේතුවක් ද වේ
ගින්නෙන් දැවෙන ලෝකයකට විසඳුම්
මේ මස මුලදී, ඝන ලැව්ගිනි දුමෙන් දින ගණන් පීඩා විඳි නැඟෙනහිර එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් පළමු වරට දේශගුණික විපර්යාස පිළිබඳ යථාර්ථයට මුහුණ දුන්හ. තැඹිලි වර්ණයෙන් වැසීගත් නිව් යෝර්ක් හි ප්රතිරූප ජනතාව කම්පනයට පත්කරමින් වායු තත්ත්ව දර්ශක වෙත යොමු කැරුණු අතර නිවෙස් වලින් පිටතට යාම ආරක්ෂිත දැයි කල්පනා කිරීමට ඔවුන් පෙළඹවීය.
එහෙත්, ඔවුන් නොදැන සිටියා විය හැකි කාරණාවක් ද විය: ඒ, ලැව්ගිනි දුමාරයෙන් අහස පුරවා පිරී නොමැති විට පවා ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආශ්වාස කරන වාතය සෞඛ්‍ය සම්පන්න නොවන බවයි . ඇත්ත වශයෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලෝක ජනගහනයෙන් 99%ක්ම ආස්වාස කරන වාතය ආරක්ෂිත නොවේ.
වායු දූෂණය, නගරවල සහ ගම්බද ආදී සෑම තැනකම, දෘශ්‍යමානව මෙන්ම නොපෙනෙන ලෙස ද පවතී. එය වසරකට මිලියන 7 සිට මිලියන 10 දක්වා මිනිසුන් මරා දමන්නේ ඇස්තමේඉන්තු කර ඇති අන්දමට ගෝලීය සාමාන්‍ය ආයු අපේක්ෂාවෙන් වසර 2.2ක් පහතට හෙළමිණි. ලොව පුරා සලකන විට, එය වසර බිලියන 17 ක ඒකාබද්ධ ජීවිත කාලයකි. අඩු වායු දූෂක මට්ටම් පවා මිනිස් සිරුරට හානි කරන අතර හෘද වාහිනී සහ ඇදුම වැනි ශ්වසන රෝග සහ එම්පිසීමාව, හෘද රෝග සහ පෙනහළු පිළිකා වැනි රෝග අවදානම වර්ධනය වන බවට සාක්ෂි එන්ට එන්ටම වැඩිවෙයි.
මිනිස් සෞඛ්‍යයට ඇතිවන බලපෑම් සාමාන්‍යයෙන් ස්ථානීය හා ක්ෂණික නිසා වායු දූෂණය බොහෝ විට දේශගුණික විපර්යාස හ සමානවම අවධානය යොමු නොවේ. එහෙත් වායු දූෂණය පෘථිවියට ද හානිකර විය හැකිය. දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කරන සෑම ක්‍රියාවක්ම පාහේ වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට හේතු වන අතර, දේශගුණික ප්රතිලාභ ලබා දෙන අයුරින් වායු දූෂණය අඩු කිරීමට බොහෝ ක්‍රම තිබේ.

විෂ සහිත සම්බන්ධතාවක්
පුද්ගලයින් දේශගුණික විපර්යාස අවම කිරීම ගැන කතා කරන විට, ඔවුන් බොහෝ විට අවධානය යොමු කරන්නේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කෙරෙහිය. ඊට හොඳ හේතුවක් ඇත. බොහෝ දුරට ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් හට ගන්නා කාබන් ඩයොක්සයිඩ්, දේශගුණික විපර්යාසයේ විශාලතම ධාවකය වන්නාසේම එය ශතවර්ෂ ගණනාවක් වායුගෝලයේ රැඳී පවත්මින් පෘථිවිය උණුසුම් කරයි.
එහෙත්, දේශගුණයට හානි කරන වෙනත් පරිසර දූෂණ ප්‍රභවයන් ඇත. ඒවා අඩු කිරීම කෙටි කාලීනව ගෝලීය උණුසුම කෙරෙහි වඩා වේගවත් බලපෑමක් ඇති කළ හැකිය.
කළු කාබන්(Black carbon) හෙවත් ලැව්ගිනි සහ වාහන වලින් වාතයට එක්වන ඇති කුඩා අංශු – සමඟ මීතේන්, හයිඩ්රොෆ්ලෝරෝ කාබන් සහ පරිවර්තී ගෝල ඕසෝන්(tropospheric ozone), කෙටි කාලීන දේශගුණ දූෂක ලෙස හැඳින්වේ. අද ගෝලීය උණුසුමෙන් අඩක් පමණ කෙරෙහි බලපාන්නේ ඒවාය. ලොව පුරා අප වැඩි වැඩියෙන් දකින විනාශකාරී ලැව්ගිනි ඇතුළුව, මුහුදු මට්ටම ඉහළ යාමට සහ නිතර නිතර ඇතිවන මෙන්ම ආන්තික දේශගුණික සිදුවීම් වලට දායක වන්නේ ගෝලීය උණුසුමයි.
Black carbon

මීට අමතරව, මෙම දූෂක මිනිස් සෞඛ්‍යයට, ආහාර සැපයුම්වලට හා ජෛව විවිධත්වය කෙරෙහි විනාශකාරී බලපෑම් ඇති කරයි . උදාහරණයක් ලෙස, හිරු එළිය ඇති විට ස්වභාවිකව හා මිනිසා විසින් සාදන ලද සංයෝග අතර ප්‍රතික්‍රියා විසින් නිර්මිත මීතේන් යනු බිම් මට්ටමේ ඕසෝන් සඳහා ප්‍රධාන පූර්වජයෙකි. එය, වසරකට මිලියන 1 ක ජනතාවක් පර ලොව යවන අතර කපු, රටකජු, සෝයා බෝංචි, ශීතසෘතු තිරිඟු, සහල් සහ බඩ ඉරිඟු ඇතුළු වැදගත් ගෝලීය භෝග වලට ද හානි කරයි. ඕසෝන් නිසා ඇති වූ භෝග හානිය වාර්ෂිකව ඩොලර් බිලියන 11 සිට ඩොලර් බිලියන 18 දක්වා වටිනා කමකින් යුත් ටොන් මිලියන 79 සිට 121 දක්වා වූ හානියක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
කළු කාබන් හටගන්නේ දැව, අඟුරු සහ බෝග අවශේෂ දහනය කිරීමෙන් වන අතර වාහනවල, ෆොසිල ඉන්ධන දහනය, විශේෂයෙන් ඩීසල් දහනය කිරීමේදී නිපදවෙන දුඹුල් තුළ පවතී. එය ශ්වසන සහ හෘද රෝග සඳහා දායක වෙමින්, පෙණහලුවල ගැඹුරට යා හැකි, PM 2.5 හැටියට දැක්වෙන වාතය තුළ කුඩා අංශු පදාර්ථයෙන් සැලකිය යුතු කොටසක් සාදයි. කළු කාබන් වලට කලාපීය වර්ෂාපතන රටාව අවුල් කිරීමට ද පුළුවන.

සිසිලනය වීමට මග පෑදිඅ හැකි සමහර එයරසෝල් වර්ග තිබේ. එහි තේරුම නම් ගල් අඟුරු සහ අභ්‍යන්තර දහන එන්ජින් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කරන විට එයරසෝල් අඩු වීම සමඟ ගැලපෙන අයුරු, කාබන් ඩයොක්සයිඩ් අඩු කිරීමේ බලපෑම සඳහා කාලය ගත වේ යන්නය. කෙටි කාලීන දේශගුණ දූෂක අවම කිරීමේ වේගවත් දේශගුණික ප්රතිලාභ ද මේ ආකාරයට, කාබන්ඩයොක්සිකරණයේ මන්දගාමී එහෙත් තීරණාත්මක දේශගුණික ප්‍රතිලාභවලට අනුපූරක වන අතර, අප අවට අප දකින වේගවත් වන දේශගුණික විපර්යාසවල ප්‍රහාරයෙන් ඉතා අවශ්‍ය ආසන්න කාලීන සහනයක් සපයයි.
විසඳුම් සඳහා මහා විද්‍යා ඥනයක් අවශ්‍ය නොවේ
පෘථිවිය උණුසුම් කිරීමට කාබන් ඩයොක්සයිඩ් වඩා මෙම කෙටි කාලීන දේශගුණ දූෂක වේ දස දහස් වාරයක් බලවත්ය. එහිම අනෙක් පැත්ත ඒව හ්ඳුන්වන නමෙහිම ඇත: ඒවාකෙටි කාලීනය. ඒවා දින කිහිපයක් සිට වසර කිහිපයක් දක්වා වායුගෝලයේ පැවතුනත් එය කාබන් ඩයොක්සයිඩ් වලට වඩා සැලකිය යුතු ලෙස අඩු කාලයකි. එයින් අදහස් වන්නේ මෙම දූෂක ද්‍රව්‍ය අඩු කිරීම දේශගුණික විපර්යාස සහ මිනිසුන්ගේ සෞඛ්‍ය කෙරෙහි ක්ෂණික බලපෑමක් ඇති කළ හැකි බවයි.
එක්සත් ජාතීන්ගේ පර්යේෂණ පෙන්නුම් කරන්නේ කෙටිකාලීන දේශගුණ දූෂක කපා හැරීමෙන්, 2050 වන විට ප්‍රක්ෂේපිත ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 0.5කින් (ෆැරන්හයිට් අංශක 0.9කින්) අඩු කළ හැකි බවයි. එය, වාර්ෂිකව වායු දූෂණයෙන් මිලියන ගණනක අකල් මරණයට පත්වීම වළක්වා ගත හැකි අතර මානවයන්ගේ සහ ග්‍රහලෝක යහපැවැත්ම සඳහා අනෙකුත් අමතර ප්රතිලාභවශයෙන් වාර්ෂික බෝග හානි ටොන් මිලියන ගණනින් වළක්වා ගැනීමට මග පාදයි.
කෙටියෙන් කිවහොත්, ගෝලීය උණුසුම සීමා කිරීමේ ඉලක්කය 1.5 C (2.7 F) තබාගැනීම සහ දේශගුණික විපර්යාසවල වඩාත් භයානක බලපෑම වළක්වා ගැනීම පිණිස අපේක්ෂා කළ හැකි හොඳම දේ තමයි කාබන් ඉවත්කිරීමේ පියවර සමග දැන් කෙටිකාලීන දේශගුණ දූෂක කපා හැරීම.

කෙටි කාලීන දේශගුණ දූෂකවල බලපෑම්. Climate and Clean Air Coalition
ශුභාරංචිය නම් එය කරන්නේ කෙසේදැයි විද්‍යාඥයන් හරියටම දැන සිටීමයි. “මම නාසා එකේ වැඩ කළා වසර 20කට ආසන්න කාලයක්, මෙම විමෝචනය කපා හැරීම රොකට් විද්‍යාව (වගේ අසීරු දෙයක්) නොවන බව මට ඔබට පැවසිය හැකිය”,යනුවෙන් පවසන ඩියුක් විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඪ්රෙව් ෂින්ඩෙල්ල්, “කෙටි කාලීන දේශගුණ දූෂක අවම කිරීම සඳහා ප්‍රායෝගික, තාක්ෂණික වශයෙන් ශක්‍ය සහ ලාභදායී ක්‍රම තිබේ” යයි කියා සිටියි. උදාහරණ:
- කැපී පෙණෙන ලෙස මීතේන් අඩු කිරීමට ඉක්මන් ක්‍රමයක් ව්න්නේ තෙල් සහ ගෑස් නල මාර්ගවල කාන්දුවීම් පියවීමයි – ඇත්ත වශයෙන්ම එම පියවර සමාගම්වල මුදල් ද ඉතිරි කරයි,.
- බොහෝ විට ශීතකරණවල සහ වායු සමීකරණ ඒකකවල භාවිතා කරන හයිඩ්රොෆ්ලෝරෝ කාබන්(Hydrofluorocarbons) වෙනුවට ගෝලීය උනුසුම අඩු කිරීමේ හෝ ශුන්‍ය කිරීමේ හැකියාවක් ඇති විකල්ප ප්‍රතිස්ථාපනය කළ හැක.
- විදුලි වාහන වෙත මාරු වීම සහ ලිප් ගිනි මොළවා විවෘත ගිනි මත ඉවුම් පිහුම් කරනු වෙනුවට පිරිසිදු ක්‍රම වෙත සංක්‍රමණය වීමට සංවර්ධනය වෙමින් පවතින රටවල මිනිසුන්ට උපකාර කිරීමෙන් කළු කාබන් අඩු කළ හැකිය.
පවිත්‍ර කිරීම ප්‍රමාද කිරීම අවදානම සහ පිරිවැය වැඩි කරයි

මෙම දශකයේ කෙටි කාලීන දේශගුණ දූෂක අවම කර ගත හැකිවීමෙන්, දේශගුණික විපර්යාස නිසා සිදුවන හානිය ඉදිරි දශක කිහිපය තුළ අඩු කරන්නට, ආක්ටික් ප්‍රදේශයේ ජෛව විවිධත්වය අහිමිවීම සහ මන්දගාමී දියවීම වැළක්වාලන්නට හැකිය. එය ශතවර්ෂයේ මැද භාගය වන විට අවම වශයෙන් අංශක 2 C (3.6 F) ට වඩා අඩු උෂ්ණත්වයක රැඳී සිටීමේ අවස්ථාව වැඩි කරගැනීමට හැකියාව ඇති කරන අතර, දේශගුණික ඉලක්ක සපුරාලීමේ පිරිවැය අඩු කර මිනිසුන්ට සහ පෘථිවියට එකසේ ආසන්න කාලීන ප්රතිලාභ ලබා ගැනීමට මග පාදයි
උනුසුම් වන දේශගුණය මගින් අවුළුවන ලදුව ලැව්ගිනි වියරුව පැතිරෙද්දී, ඒවායින්(ලැව් ගිනි) අවධාරනය කෙරෙන්නේ, විද්‍යාව නොසලකා හැරීමේ සහ පොසිල ඉන්ධනවලින් ලෝකය බලගැන්වීමේ විනාශකාරී ප්‍රතිවිපාකයි.
ලැව්ගිනි, නරක අතට හැරෙන දේශගුණික ව්‍යසනයේ රෝග ලක්ෂණයක් පමණක් නොව දිගටම පවතින උණුසුම තවත් වැඩි කිරීමට දායක වන්නා වූ ප්‍රභවයකි. නවතම ලැව්ගිනි, හුස්ම ගැනීම සඳහා පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති, එමෙන්ම නිවාස සහ ජීවනෝපාය අහිමිවීම්වලට මුහුණ දී ඇති ඇමරිකානුවන්ට සහ කැනේඩියානුවන්ට පමණක් නොව, ලෝකයටම ඇස් අරවන්නක් වනු ඇතැයි තමන් සිතන බව Shindell කියයි: “කාබන් ඉවත් කිරීම සමග අපට භාවිත කළ හැකි තවත් බලවත් මෙවලමක් අපගේ අවි ගබඩාවේ ඇත; එය අතට ගැනීමට අපට දැන් කාලය එළඹ ඇත”.
The Conversation(14th June, 2023) හී පළවන Wildfire smoke and dirty air are also climate change problems: Solutions for a world on fire යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න