නැගෙනහිර අප්‍රිකානු සුවිභේදය යනු රතු මුහුදේ සිට මොසැම්බික් දක්වා විහිදෙන නිම්න(මිටියාවත්) ජාලයකි. මෙහි දැක්වෙන්නේ ඉතියෝපියාවේ සුවිභේද නිම්නයේ වගා කරන ලද කෙත්වතුය. (credit: LuCaAr via Getty Images)

අප්‍රිකාව, මහාද්වීප දෙකකට බෙදෙයි ද?

නැගෙනහිර අප්‍රිකානු සුවිභේදය, මහාද්වීපය දෙකඩ කර නව සාගරයක් නිර්මාණය කරයි ද? නැතහොත් එය අකර්මන්‍ය වී යාවිද?

යෝධ සුවිභේදයක්, දෙවන විශාලතම මහාද්වීපය වන අප්‍රිකාව ක්රමයෙන් බෙදා දමයි.  නැගෙනහිර අප්‍රිකානු සුවිභේදය ලෙස හැඳින්වෙන මෙම අවපාතය  රතු මුහුදේ සිට මොසැම්බික් දක්වා සැතපුම් 2,175 ක් (කිලෝමීටර 3,500 ක්) පමණ දිග නිම්න ජාලයක් බව ලන්ඩනයේ භූ විද්යා සංගමය(Geological Society of London) පවසයි.

ඉතින්, ඒ නිසා අප්‍රිකාව මුළුමනින්ම බෙදා වෙන්කර දමනු ඇත; එසේ නම්, එය බෙදී යන්නේ කවදාද? මෙම ප්රශ්නයට පිළිතුරු සැපයීම සඳහා අපි, ග්‍රහලෝකයේ මතුපිටෙහි, පිටත කොටස් වන කලාපයේ භූ කාරක තැටි(tectonic plates) දෙස බලමු. ඒවා එකිනෙක  ගැටීමෙන්, කඳු සෑදීමට හෝ වෙන් කොට දමා විශාල ද්රෝණි නිර්මාණය කිරීමට හැකිය.

නැගෙනහිර අප්‍රිකාවේ මෙම දැවැන්ත බෙදීම දිගේ, සෝමාලියානු භූ කාරක තැටිය, මහාද්වීපයේ විශාල මෙන්ම පැරණි කොටස වන නූබියානු භූ කාරක තැටියෙන් නැගෙනහිර දෙසට ඇදී යන බව නාසා හි පෘථිවි නිරීක්ෂණාගාරය(NASA’s Earth Observatory) පවසයි. (සෝමාලියානු තැටිය, සෝමාලි තැටිය ලෙසද හැඳින්වෙන අතර නූබියානු තැටිය  සමහර විට අප්‍රිකානු තැටිය  ලෙසද හැඳින්වේ.)

සෝමාලියානු සහ නූබියානු තැටි ද උතුරේ අරාබි තැටි  වලින් වෙන් වෙමින් පවතී. මෙම තැටි ඉතියෝපියාවේ අෆාර් කලාපයේ ඡේදනය වන අතර එය ්‍ය හැඩැති ඉරිතැලීම් පද්ධතියක් නිර්මාණය කරන බව ලන්ඩනයේ භූ විද්යා සංගමය(Geological Society of London) සඳහන් කරයි.

මන්දගාමී විරාමයක්

නැගෙනහිර අප්‍රිකානු සුවිභේදය මීට වසර මිලියන 35 කට පමණ පෙර මහාද්වීපයේ නැගෙනහිර කොටසේ අරාබියාව සහ අප්‍රිකාවේ ශෘංගය අතර සෑදෙන්නට පටන් ගත්  බව නිව් ඕර්ලියන්ස් හි Tulane විශ්ව විද්යාලයේ භූ විද්යාව පිළිබඳ ප්‍රධානී  සහ එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ අප්රිකානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ විද්යා උපදේශක Cynthia Ebinger, Live Science වෙත පැවසීය. කාලයාගේ ඇවෑමෙන් මෙම සුවිභේදය දකුණු දෙසට විහිදී ගිය අතර එය වසර මිලියන 25 කට පෙර උතුරු කෙන්යාවට ළඟා විය.

මෙම සුවිභේදය, පෘථිවි කබොලෙහි පුළුල් සමාන්තර දැදුර(fractures) කට්ටල දෙකකින් සමන්විත වේ. නැගෙනහිර සුවිභේදය ඉතියෝපියාව සහ කෙන්යාව හරහා ගමන් කරන අතර බටහිර සුවිභේදය උගන්ඩාවේ සිට මලාවි දක්වා චාපයක් ලෙස දිවෙන බව ලන්ඩනයේ භූ විද්යා සංගමය සඳහන් කරයි.  නැගෙනහිර ශාඛාව ශුෂ්ක වන අතර බටහිර ශාඛාව කොංගෝ වැසි වනාන්තරයේ මායිමේ පිහිටා ඇති බව නාසා ආයතනයේ පෘථිවි නිරීක්ෂණාගාරය පවසයි.

නැගෙනහිර හා බටහිර සුවිභේද පැවතීමත්, සහ භූමිකම්පා සහ යමහල්වල අක්වෙරළ කලාප සොයා ගැනීමත්  මගින් පෙන්නුම් කරනු ලබන්නේ අප්‍රිකාව, සෙමින් රේඛා කිහිපයක් ඔස්සේ විවෘත වන අතර ඒවා එක්ව වසරකට අඟල් 0.25 (මිලිමීටර 6.35) කට වඩා ප්රමාණයක් ඉක්මවන බව Ebinger පවසයි.

 සැන්ටා බාබරා හි කැලිෆෝනියා විශ්ව විද්යාලයේ පෘථිවි විද්යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය Ken Macdonald පෙන්වදෙන්නේ ‘පා ඇඟිළි නිය වගේ බොහොම සෙමින් දැනට සුවිභේදන වේගය මන්දගාමි’ බවයි.

භූ කාරක තැටි මායිම් (අළු වර්ණ) මෙන්ම නැගෙනහිර අප්‍රිකානු සුභේද කලාපය (තිත් රේඛා) පෙන්වන සිතියමක්. (Image credit: U.S. Geological survey)

නැගෙනහිර අප්‍රිකානු සුවිභේදය බොහෝ දුරට සෑදී ඇත්තේ කෙන්යාව සහ ඉතියෝපියාව අතර (පෘථිවි ප්‍රාවරණයේ උණුසුම්, දුර්වල, ඉහළ ස්තරය වන) අධෝ ගෝලයෙන් ඉහළට ගලා යන තාපය නිසා විය හැකි බව ලන්ඩනයේ භූ විද්යා සංගමය පවසයි. මෙම තාපය  මතුපිට කබොල පුළුල් වීමට හා උඩට උස්වීමට යාමට හේතු වූ අතර එය බිඳෙන සුලු මහාද්වීපික පාෂාණය දිගෑදීමට හා කැඩී යාමට හේතු විය. මෙය අප්‍රිකාවේ උසම කන්ද වන කිලිමන්ජාරෝ කන්ද සෑදීම ද ඇතුළු සැලකිය යුතු යමහල් ක්රියාකාරකම් වලට තුඩු දුන් බව නාසා හි පෘථිවි නිරීක්ෂණාගාරය සඳහන් කරයි.

අප්‍රිකාව දෙකඩ වී යා නම්, එය සිදුවිය හැකි ආකාරය පිළිබඳ විවිධ අදහස් ඉදිරි පත් වීතිබේ. එක් දර්ශනයක් වන්නේ, ඒවා අතර මුහුදක් සාදමෛන්, සෝමාලියානු තැටි බොහෝමයක් අප්රිකානු මහාද්වීපයේ සෙසු ප්රදේශවලින් වෙන් වී යාම ගැනයි. මෙම නව භූමි භාගයට සෝමාලියාව, එරිත්රියාව, ජිබුටි සහ ඉතියෝපියාව, කෙන්යාව, ටැන්සානියාව සහ මොසැම්බික් හි නැගෙනහිර ප්රදේශ ඇතුළත් වනු ඇතැයි Ebinger පවසයි. “තවත් දර්ශනයක් අනුව නැගෙනහිර ටැන්සානියාව සහ මොසැම්බික් පමණක් වෙන් වනු ඇත.

අප්‍රිකානු මහාද්වීපය කැඩී ගියහොත්, “ඉතියෝපියාවේ සහ කෙන්යාවේ සුවිභේදය බෙදී ඉදිරි වසර මිලියන 1 සිට මිලියන 5 දක්වා සෝමාලියානු තැටියක් නිර්මාණය කළ හැකිය” යි Ebinger සඳහන් කරයි.

කෙසේ වෙතත්, අප්රිකාව දෙකඩ වී නොයනු ඇත. සුවිභේදය බල ගන්වන සෝමාලියානු සහ නුබියානු තැටි වෙන් කිරීමට නොහැකිතරම මන්දගාමී විය හැකි බව Ebinger පවසයි. GSA Today සඟරාවෙහි 2022 පළ වූ සමාලෝචනයකට අනුව, ලෝකයේ වෙනත් තැනක අසාර්ථක සුවිභේදයක් පිළිබඳ කැපී පෙනෙන උදාහරණයක් වන්නේ උතුරු ඇමරිකාවේ ජනපද කලාපය හරහා සැතපුම් 1,900 ක් (කිලෝමීටර් 3,000 ක්) පමණ වක්‍ර වන මධ්‍ය-මහාද්වීප සුවිභේදයයි.

“අසාර්ථක සුවිභේද පිළිබඳ සලකුණු ලොව පුරා මහාද්වීපික භූමි ප්රදේශවල්න් සොයා ගත හැකියි,” Ebinger සඳහන් කරයි.

නැගෙනහිර අප්රිකානු සුවිභේදයේ, නැගෙනහිර ශාඛාව අසාර්ථක සුවිභේදයක් බව ලන්ඩනයේ භූ විද්යා සංගමය පවසයි. කෙසේ වෙතත්, බටහිර ශාඛාව තවමත් ක්රියාකාරී වේ.

“අප නොදන්නා දෙය නම්, මෙම සුවිභේද එහි වර්තමාන වේගය මත දිගටම පවතිමින් අවසානයේ රතු මුහුද වැනි සාගර ද්රෝණියක් නිර්මාණය කිරීම සහ ඉන් අනතුරුව අත්ලාන්තික් සාගරයේ කුඩා ‘අනුවාදයක්’ වැනි වඩා විශාල දෙයකට මුල පුරයි ද?,” මැක්ඩොනල්ඩ් ප්‍රශ්න කරයි. “නැත්තම් එම ක්‍රියාදාමය කඩිනම් වී ඉක්මණින් එම ප්‍රතිඵලය වෙත ළඟා වෙයි ද? නැත්තම් එය අකර්මන්‍ය වෙයිද?”

Live Science හී පළවන Is Africa splitting into two continents? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending