ප්‍රශ්නය අසන්නේ: ඕස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ, 8 හැවිරිදි දැරිය අයිවි
පිළිතුරු දෙන්නේ: දකුණු ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ පිළිබඳ ජේය්‍යෂ්ට කතිකාච්ජාර්ය, Dr. Arjun Burlakoti
ඔබේ ශරීරය චලනය කරන්නේ කෙසේදැයි ඔබේ මොළය දන්නේ කොහොම ද?
ආයුබෝවන් අයිවි, මෙවැනි හරවත් ප්‍රශ්නයක් ඇසීම ගැන මුලින්ම ඔබට ස්තුතිය පළකරන්න කැමතියි. එයට පිළිතුරු දීමට, අපි මොළයේ විවිධ කොටස් සහ එම කොටස් ඉටු කරන කාර්ය භාරය දෙස බැලිය යුතුය.
මුලින්ම කියන්න තියෙන්නේ, මොළය තොරතුරු රැස් කරන බවයි.
මොළයේ ඉදිරිපස කොටස, සැලසුම් කිරීම සහ තීරණ ගැනීම සිදු කරයි. එය “ස්නායු සෛල” වලින්(“nerve cells”) ලැබෙන විවිධ වර්ගයේ තොරතුරු සලකා බැලීමෙන් පසුව මෙය සිදු කරයි. මෙම තොරතුරු “සංවේදී” තොරතුරු ලෙස හැඳින්වේ. එය ස්පර්ශය, වේදනාව, උෂ්ණත්වය, ඇසීම, දැකීම, යනාදියෙන් පැමිණේ.
නිදසුනක් වශයෙන්, කිසියම් කෙනෙකු වීදියේ චොකලට් බෙදා දෙන බව අසුණු විට, අප ඔවුන් දෙස හිස හරවා බලා චොකලට් බෙදා දෙන දෙසටඇවිද යන විට මෙය සිදු වේ.

එසේනම් මොළයෙන් පණිවිඩ ලැබෙන්නේ කෙසේද?
මොළය ජීවත් වන්නේ අපගේ හිස් ගෙඩිය තුළ ඇති කුහරයෙහිය. සුෂුම්නාව පවතින්නේ අපගේ ශරීරයේ පිටුපස කොටසේ කොඳු ඇට පෙළේ ය. මොළයේ පහළ කොටසෙන් මෙන්ම සුෂුම්නාවෙන් පිටවන කුඩා ස්නායු කෙඳි නැත්නම් තන්තු බොහෝ මාංශ පේශි සම්බන්ධ කරයි. ඒවා තද කළ විට, ශරීර කොටස් චලනය වෙයි.
සමහර ස්නායු කෙඳි සන්ධි හරහා යන මාංශ පේශිවලට සම්බන්ධ වේ. තවත් සමහර ඒවා දිව සහ ඇහිබැම සම්බන්ධ කරමින් ඒවා චලනය කරයි. සුසුම්නා ශීර්ෂකය(Brain Stem) යනු මොළයේ පහළ කොටසයි. Shutterstock
ස්නායු සෛල එකිනෙක අතර මෙන්ම මුඛයේ කෙළ සෑදීමට දායක වන ඒවා සහ ආමාශයේ ආහාර ජීර්ණ යුෂ ද ඇතුළුව සියලුම මාංශ පේශී සහ ග්‍රන්ථි අතර සංඥා යවයි. මිනිස් මොළයෙහි. බිලියන 100 කට වඩා ස්නායු සෛල තිබෙන අතර එවා ඇවිදීම, පැනීම හෝ පුටුවෙන් නැගී සිටීම වැනි දේවල් කිරීමට අපට පණිවිඩ එවයි
මොළයේ විවිධ කොටස් සඳහා විවිධ භූමිකා
අප චලනය වන ආකාරය සම්බන්ධීකරණය කරනු පිණිස මොළයෙහි විවිධ කලාප ඇත. චලනය කිරීමට කොපමණ බලයක් අවශ්‍ය දැයි සොයා බැලීමට එක් කොටසක් අපට උපකාර කරන අතර චලනය ආරම්භ කරන්නැයි මොළයට දන්වන්නේ ද එම කොටසයි. චලනයන්හි කාලවේලා නිර්ණය තවත් කොටසක භූමිකාව බවට පත්වෙයි.

මොළයේ විවිධ කොටස් අපට චලනය කිරීමට උපකාර කිරීම සඳහා විවිධ භූමිකා ඉටුකරයි Shutterstock
විවිධ වර්ගයේ ස්නායුවලට ද විවිධ භූමිකාවන් ඇත. සමහර ඒවා, අපි තෝරා ගන්නා අවස්ථාවල අපට ස්වේච්ඡාවෙන් ගමන් කිරීමට උදව් කරයි මෙම ස්නායු, අපගේ අත් සහ පාද වැනි විවිධ ශරීර කොටස්වල ඇති සන්ධි චලනය කිරීමට වගකිව යුතු මාංශ පේශිවලට සම්බන්ධ වේ.
තවත් ස්නායු සමූහයක් ස්වයංක්‍රීයව ක්‍රියා කරයි. අප නොදැනුවත්වම අපගේ ශරීරය තුළ සිදුවන දේ ඔවුන්ට දැනේ. මෙම ස්නායු, අපගේ හදවත, රුධිර නාල, ආමාශය, බඩවැල්, වකුගඩු සහ අනෙකුත් අවයවවල මාංශ පේශි පාලනය කරන අතර ඒවා නිසි ලෙස ක්‍රියා කිරීමට උපකාරී වේ.
ඉතින් ඇසූ ප්‍රශ්නයට කෙටියෙන් පිළිතුර කුමක්ද?
එබැවින් අයිවි කෙටියෙන් කියනවා නම්, මොළය අපගේ ඉන්ද්‍රියයන්ගෙන් තොරතුරු ලබා ගන්නා අතර අපගේ ශරීර චලනයන් පාලනය කිරීමට එම තොරතුරු භාවිත කරයි. මෙම චලනයන් නිවැරදිව සිදු කිරීම සඳහා මොළයේ විවිධ කොටස්, ශරීරයේ විවිධ කොටස් වෙත පණිවිඩ යවයි.
අනාගත භාවිතය සඳහා ප්‍රත්‍යානයනය පිණිස (recall = නැවත කැඳවනු ලැබීමට) මතකයන් ලෙසට චලනයන් ගබඩාකිරීමට අපගේ මොළයට හැකිය. ඔබ මාස ගණනක් පා පදියක් පැද නැත්තත්, පා පැදියක් පදින්නේ කෙසේදැයි ඔබට මතක තබා ගත හැක්කේ එබැවිනි.
Curious Kids(The Conversation) හී පළ වූ how does your brain know how to move your body? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න