E-බයික් ලෙස වඩාත් ප්‍රකට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන බයිසිකල්, මෝටර් රථ වෙනුවට වඩා තිරසාර විකල්පයක් සොයන පුද්ගලයන් සඳහා වැඩි වැඩියෙන් ජනප්‍රිය වන්නාවූ විකල්පයකි.

(ඡායාරූපය Benoit Tessier, Routers/Redux)

ගමන් බිමන් යන අය, පහසුවෙන ලබා ගත හැකි සහ දැරිය හැකි ප්‍රවාහන ක්‍රම සොයමින් පසුවීම නිසා එක්සත් ජනපදයේ ඊ-බයික්(විදුලි බයිසිකල්) අලෙවිය වසරක් තුළ දෙගුණයකින් පමණ වැඩි වෙයි. විදුලි බයිසිකලයක් මි;අට ගැනීම ගැන් සලකා බලන්නෙකු අව්ශ්‍යයෙන්ම දැනගත යුතු දේ මේ ලිපියෙන් පැහදිලි කෙරේ.

අප කරන සෑම දෙයක්ම පාහේ අපගේ කාබන් පා සටහනට දායක වේ. එසේනමුත් රෝද දෙකේ විසඳුමක් පැයට සැතපුම් 20 ක වේගයෙන් ලෝකය හරහා ගමන් කරයි!

විදුලි බයිසිකල් (එ-බයික්) අලෙවිය වැඩි වෙමින් පවතී.

විදුලි මෝටර් රථ සහ ට්‍රක් රථ 608,000 හා සසඳන විට 2021 දී,  එක්සත් ජනපදයේ ඊ-බයික් 880,000කට වඩා අලෙවි විය. එය 2020 දී ඊ-බයික් අලෙවිය 450,000 සිට ඉහළ යාමකි. නගර, ප්‍රාන්ත සහ ජනපද වැඩිවන ඉල්ලුමට ප්‍රතිචාර දක්වමි ඊ-බයික් වට්ටම් වැඩසටහන් ක්‍රියාත්මක කරයි. තවද, ගමන් කිරීම පිණිස වඩාත් තිරසාරදැරිය හැකි සහ පහසුවෙන් ලබා ගත හැකි මාර්ග සොයන විට,  ඊ-බයික් යනු ඒ සඳහා විසඳුම දැයි බොහෝ දෙනෙක් අසති.

“මිනිසුන් ඊ-බයික් යනු හුදෙක් විනෝදජනක දෙයක් ලෙස සළකන බවක් පෙනේ. එය මිනිසුන් පොළඹවන්නට කෙසේ දායක වේ දැයි යන්න අපට අවතක්සේරු කළ හැකි යැයි මම නොසිතමි.” යයි පෝට්ලන්ඩ් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ප්‍රවාහන පර්යේෂණ සහ අධ්‍යාපන මධ්‍යස්ථානයේ (Transportation Research and Education Center – TREC) ජෙනිෆර් ඩිල් පවසයි

එ-බයික් ක්‍රියා කරන්නේ කෙසේද?

එ-බයික් වල ඔබේ සම්ප්‍රදායික පාපැදි වලට සමාන සංරචක ඇත: රාමු, ආසන, හැන්ඩල සහ රෝද. ඒවායේ බලය හා වේගය අනුව ඒවා වෙනස් වේ.  විදුලි නොවන බයිසිකලයක වේගය රඳා පවතින්නේ ධාවකයාගේ ශාරීරික ශක්තිය සහ විඳදරාගැනීමේ හැකියාව මතය. සාමාන්‍ය පාපැදිකරුවන්ට පැයට සැතපුම් 10 සිට 14 දක්වා වේගයෙන් පැදවිය හැකි අතර එය භූමියේ ස්වභාවය මෙන්ම බයිසිකලයේ  සහ යතුරුපැදිකරුගේ බර මත රඳා පවතී.

කෙසේ වෙතත්, ඊ-බයික් බැටරි මගින් ක්‍රියා කරනු ලබයි; ඒ හෙතුවෙන් ඒවායේ බර වැඩි වෙයි. සමහර මාදිලිවල පැඩල් කිරීමේ බලය වැඩි කිරීමට මෝටරයක් සහිත පැඩල් ආධාරක පද්ධතියක් ඇත. අනෙක් ඒවාට අවකරයක්() ඇති අතර පැඩල් කිරීම අවශ්‍ය නොවේ. විද්‍යුත් බයිසිකලයකට එළඹිය හැකි උපරිම වේගය පැයට සැතපුම් 28ක් වන අතර එය මෝපඩ් මෝටර් සයිකලයක වේගය හා සැසඳිය හැක.

ඔරිගන්, පෝට්ලන්ඩ් හි ඊබයික් වෙළඳසැලේ නිර්මාතෘ වේක් ග්‍රෙග් පවසන්නේ “[ඊ-බයිසිකලයක්] මෝටර් රථ ගමනක් සහ සාමාන්‍ය බයිසිකල් ගමනක් අතර වෙනස ඛණ්ඩනය කරන බවයි.

e-බයික් වල, කේන්ද්‍රීය ධාවක මෝටරයක් (hub-drive motors) හෝ මධ්‍ය ධාවක මෝටරයක් (mid-drive motors) ඇත. බයිසිකලයේ පිටුපස අමුණා ඇති, ‘හබ් මෝටර’ සරල, කල් පවතින සහ දැරිය හැකි ඒවා වන නමුත් වැඩි වේගයකින් යද්දී, අකාර්යක්ෂම වේ. බයිසිකලයේ මධ්‍යයේ සවි කර ඇති මධ්‍ය ධාවක මෝටරවලට පුළුල් පරාසයක ව්‍යාවර්ථ(භ්‍රමණ බලයක්) සහ වේගයක් හැසිරවිය හැකි නමුත් ඒවා මිල අධික වනවා පමණක් නොව නඩත්තු කිරීමට ද අපහසුය.

e-බයික් වලට වේගයෙන් යා හැකි නිසා, ඒවාට සාම්ප්‍රදායික බයිසිකල් වලට වඩා වැඩි පුර්ර්වාරකෂක විධිවිධාන අවශ්‍ය වේ..

“මෝටර් රථ පදවන අය සිතනවාට වඩා වැඩි වේගයෙන් ඔබ ගමන් කරනු ඇත. ඔවුන්ට ඔබව (හරි හැටි) නොපෙනෙනට පුළුවන”ග්‍රෙග් පවසයි. විදුලි සඥාවල දී  සහ මංසන්ධිවල නතර වූ විට,   මෝටර් රථවල ඉදිරිපස රෝද බයිසිකල්කරුගේ දිශාවට යොමුව නැති බව සහතික කිරීමට ඔවුන් ඒවා දෙස අවධානයෙන් සිටිය යුතු යයි ග්‍රෙග් නිර්දේශ කරයි.

ආරක්ෂිත විද්‍යුත් බයිසිකල් සඳහා ඩොලර් දහස් ගණනක් වැය වන අතර, ඒවා මිලට ගැනීමට සිතා සිටින සමහර අයට විශාල බාධාවක් විය හැක. බොහෝ බල ප්‍රදේශ මගින්, ඩෙන්වර් වැනි නගරවල ආදැශය අනුව යමින් පිරිවැය අඩු කිරීම සඳහා 2022 දී ඊ-බයික් වට්ටම් වැඩසටහනක් දියත් කරන ලදී. යෝජිත E-BIKE පනත මගින් ඊ-බයික් සඳහා රටපුරා ඩොලර් 1,500 ක බදු ණයක් ලබා දෙනු ඇත

වඩාත්  පහසුවෙන් ලබා ගැනීමට හැකි බයිසිකලයක්?

සාම්ප්‍රදායික බයිසිකල් වලට වඩා, ඊ-බයික් සඳහා අවශ්‍ය වන්නේ අඩු ශාරීරික වෙහෙසකි. පැඩල් සහය මගින් යතුරු පැදිකරුවන් සම්ප්‍රදායික බයිසිකලයක ගමන් කරනවාට වඩා වැඩි දුරක් මෙන්ම නිතර, නිතර බයිසිකල් පැදවීම දිරිමත් කරණු ලැබිය හැකිය. ධාවකයාගේ හැසිරීම් පිළිබඳ පර්යේෂණවලට අනුව එය,  දිගු කාලීනව වැඩියෙන් ව්‍යායාම කිරීමකට මග පාදයි.

මෙම කාරණාව, වයස්ගත ධාවකයින් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඊ-බයික් බහුකාර්ය විකල්පයක් බවට පත්කරයි. සමහර කාන්තාවන් ඊ-බයික් තෝරා ගන්නේ ඒවා ආරක්ෂිත බවක් දැනෙන නිසා යයි පර්යේෂණ මගින් පෙන්වා දෙනු ලැබේ.

පහසුවෙන් ලබා ගතහැකි, සාධාරණ ප්‍රවාහන සේවාවක් වෙනුවෙන් පෙනී සිටින ලාභ නොලබන ආයතනයක් වන Shared Mobility Inc. (SMI) ආයතනය, වයස්ගත වැඩිහිටියන්ගේ, ආබාධිත පුද්ගලයින්ගේ සහ ප්‍රවීණයන්ගේ සංචලතා අවශ්‍යතා වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ජාතික වයස්ගත සහ ආබාධිත ප්‍රවාහන මධ්‍යස්ථානය (National Aging and Disability Transportation Cente – NADTC) සමඟ හවුල් විය.

SMI හි ප්‍රධාන සංවර්ධන නිලධාරි Mitch LaRosa පවසන්නේ “විනෝදාත්මක විකල්පයන් සහ [වැඩිදියුණු] ජීවන තත්ත්වය සඳහා අවශ්‍යතා රාශියක් පවතින බව” අවධානය යොමු කරන කණ්ඩායම් විසින් හෙළි කරන ලද බවයි. “අවසානයේ, [ඊ-බයිසිකල් පැදීම] මිනිසුන්ට නිවෙස්වලින් පිටතට ගොස්  නොයෙක් දේවල් කිරීමට වැඩි විශ්වාසයක් ලබා දෙයි.” LaRosa වැදුරටත් පෙන්වා දෙයි.

2020 දී Uber Technologies වෙතින් පරිත්‍යාග කරන ලද ඊ-බයික් 3,000කට වැඩි ප්‍රමාණයක් ලැබීමෙන් පසු, Buffalo’s East Side සහ Naagara Falls ප්‍රදෙශයෙ හි නොමිලේ විද්‍යුත් බයිසිකල් පුස්තකාල පිහි‍ටුවීමේ නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා SMI ප්‍රාදේශීය ප්‍රජාව පදනම් කරගත් සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. මෙහි සාර්ථකත්වය, ලොස් ඇන්ජලීස් වැනි නගරවල සමාන වැඩසටහන් සඳහා අනුප්‍රාණයක් ලබා දී ඇත.

අනාගතය වෙත පා පැදියෙන් යාම

ඊ-බයික් යනු තිරසාරත්වය සඳහා වන ගමන් මගෙහි ප්‍රබල මෙවලමකි.  මෝටර් රථයකින් යන ගමන් බිමන් ඊ පාපැදි වලින්ප්‍රතිස්ථාපනය කරන විට, එක් එක් ඊ-බයික් එකකට, සෑම වසරකම CO2 විමෝචනය කිලෝග්‍රෑම් 225 කින් අඩු කළ හැකිය. එය ෆිලඩෙල්ෆියා සිට චිකාගෝ දක්වා ඉහළ පන්තියේ ගමන් කරන එක් මගියෙකි විසින් නිපදවන විමෝචනයට සමාන වේ.

විශේෂඥයන් පවසන්නේ, විද්‍යුත් බයික් මහා පරිමාණයෙන්  භාවිතයට ඇති ලොකුම බාධාව යටිතල පහසුකම් බවයි. බොහෝ නගර — විශේෂයෙන් අඩු ආදායම්ලාභීන් වසන ප්‍රදේශ සහ සුදු ජාතිකයන් නොවන ප්‍රජාවන්  සිටින ප්‍රදේශ පදිකයාට හිතකර ලෙසසැලසුම් කර නොමැත. මෝටර් රථ ධාවනය නොකරන පුද්ගලයින් සඳහා අනාරක්ෂිත වීදි ඊට ඇතුළත් ය.

“අපට පා පැදි කරුවන්ට ආරක්ෂිත හැඟීමක් ඇති කරන යටිතල පහසුකම් අවශ්‍ය වන අතර එය ඕනෑම ආකාරයක බයිසිකලයක ගමන් කිරීමට ආරක්ෂිත විය යුතුයි” ඩිල් පවසයි.

 PeopleForBikes නම්  ලාභ නොලබන ජාතික සංවිධානය, නගර වඩාත් පාපැදි හිතකාමී  බවට පත් කිරීම සඳහා ආරක්ෂිත මට්ටමක වේගය, ආරක්ෂිත පාපැදි මංතීරු, වාහන ගමනාගමනය අඩු කිරීම සහ වැඩි ප්‍රවේශයක් සහිත මාර්ග සැලසුම් කිරීම වෙනුවෙන් පෙනී සිටියි.

සංවිධානයේ විද්‍යුත් බයිසිකල් ප්‍රතිපත්ති සහ ප්‍රචාරක අධ්‍යක්ෂ Aශ් ළොවෙල්ල් පවසන්නේ, “ඊ-බයික් එකක් ලබා ගැනීමට උනන්දුවක් දක්වන අයෙකු අතට එය ලබා දීම එක දෙයක්. “යමෙකුට තමන් පා පැදියෙන් ගමන් කරන තැන ගැන විශ්වාසයක් තිබීම සහ සුවපහසුවක් දැනීම තවත් දෙයක්.”

ඊ-බයික් සඳහා පොදු ගබඩා සහ ආරෝපණ මධ්‍යස්ථාන ද අවශ්‍ය වේ යයි ලවෙල් වැඩි දුරටත් සඳහන් කරයි. PeopleForBikes නිව් යෝර්ක් නගරයේ අක්‍රියව පවර්හින්  ප්‍රවෘත්ති පත්‍ර අළෙවි සල්, (බැටරි)ආරෝපණ මධ්‍යස්ථාන බවට පත් කිරීම සඳහා වූ රජයේ මුලපිරීමකට සහාය දක්වයි. මේ ලාභ නොලබන ආයතනය ඊ-බයික් වඩාත් ආරක්ෂිතව පදින්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශයක් අගෝස්තු මාසයේදී ප්‍රකාශයට පත් කරනු ඇත.

National Geographic – Environment හී පළ වූ Are electric bikes the future of green transportation? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending