“අපට හුරු මානව සමාජ සංවේදීතාවන්ට අනුව එය නිර්ලජ්ජිත හා නින්දිත ලෙස පෙනුනද, ජීව විද්‍යාත්මක ලෝකය තුළ වංචාව වර්ධනය වේ.”

බොනොබෝස් (Pan paniscus) අතර සාර්ථකත්වය පුරෝකථනය කරනු ලබන්නේ පුද්ගලයෙකුගේ සමාජ ජාලයේ ශක්තිය මතය.(Credit: Anup Shah/Getty Images)
සත්ව රාජධානිය වංචාකාරයන්ගෙන් පිරී ඇතත්, එය පරිණාමයේ ගාමක බලවේගයක් විය හැකිය
වංචා කිරීම මිනිසුන්ට සුවිශේෂී වූ ගති ලක්ෂණයක් යැයි ඔබ සිතනවා විය හැකිය; එනමුත් ස්වභාවධර්මය වංචාවෙහි යෙදෙන්නා වූ සෑම ආකාරයකම වෘක්ෂලතා හා සත්ත්ව විශේෂ වලින් පරිපූර්ණය. එය, මධ්‍යම වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ හැසිරීම සහ පරිණාමය පිළිබඳ කීර්තිමත් පර්යේෂණ මහාචාර්යවරයකු වන Lixing Sun ගේ නවතම පොතක විෂය බවට පත්වෙයි.
සත්ත්ව රාජධානියේ වංචාව පරිණාමය වූ ආකාරය සහ සත්ව විශේෂ අතර පෘථිවිය මත ජීවයේ ඇදහිය නොහැකි විවිධත්වයට මෙම වංකකම හේතු වූයේ මන්දැයි ඔහු The Liars of Nature and the Nature of Liar (ස්වභාවධර්මයේ බොරුකාරයෝ සහ බොරුකාරයන්ගේ ස්වභාවය) නම් සිය ග්‍රන්තයෙහි ගවේෂණය කරයි. පහත දැක්වෙන්නේ එම පොතෙන් උපුටා ගැනීමකි, එහි ස්වභාවික වරණය තුළ රැවටීමේ වැදගත් කලාව චාල්ස් ඩාවින් පවා නොසලකා හැර ඇත්තේ මන්දැයි කතුවරයා පෙන්වයි.
ජීව විද්‍යාත්මක ධුරාවලියේ සෑම තරාතිරමකම, වඩාත් සංකීර්ණ ජීවීන්ගේ සිට අවම සංකීර්ණ, අසම්පූර්ණ ජීවන ස්වරූප පවා දක්වා ජීවිතයේ සෑම වසමකම වංචාව දක්නට ලැබේ. එය සතුන්, ශාක, දිලීර, බැක්ටීරියා, වෛරස්, වර්ණදේහ, ජාන සහ කොටස් අතර දක්නට ලැබේ. එකම පුද්ගලයා තුළ, එකම විශේෂයේ පුද්ගලයන් අතර සහ ස්වරූපයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් විශාල වශයෙන් වෙනස් වන විශේෂ අතර එය සිදුවන්නේය.
කෙසේ වෙතත්, ස්වභාවධර්මය තුළ ඒවායේ ව්‍යාප්තිය කුමක් වුවත්, වංචා කිරීම, බොරු කීම සහ රැවටීම යන වචන සියල්ලම සෘණ ගුණාර්ථයෙන් යුක්තය. අපගේ සදාචාරාත්මක මනාපයන් සහ අප අවංකකමට එකතු කරන අතිරේක වටිනාකම එයට හේතුවෙයි. අපි සත්‍යය අගය කළත් බොරුව පිළිකුල් කළත් සැබෑ ජීවිතය බොහෝ විට එය අප හිතන පතන දේට පටහැනියි. දිගු කලක් තිස්සේ විශ්වාස කරනු ලබන නියමයන්ට පටහැනිව, අවංකකම සැමවිටම අපගේ දෛනික ජීවිතයේ හොඳම ප්‍රතිපත්තිය බවට පත් නොවේ.
මෙම සිද්ධිය සලකා බලන්න. අහිංසක මිනිසෙකුට බොරු චෝදනා එල්ල කර, වරදකරු කර, මරණයට නියම කර ඇත. ඔහුව බේරා ගැනීම පිණිස සියල්ල පරදුවට තබා ක්‍රියා කරන, ඔහුගේ විශ්වාසවන්ත මිතුරෝ ඊට මගක් යෝජනා කරති: ජේලර්ට අල්ලස් දීමෙන් පලා යාමයි, කෙසේ වෙතත්, පෙරකී අවාසනාවන්ත තත්ත්වයට් මුහුණ පා සිටියේ වී නමුදු ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ, එසේ කිරීම නීති පද්ධතියට වංචාවක් කිරීමක් බවක් ප්‍රකාශ කරමිනි. මේ මිනිසා භාවිත කරන අවංකභාවය පිළිබඳ සංකල්පය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබ ඔහු සිටින තත්ත්වයේ ඔබ සිටියා නම්, ඔබ කරන්නේ කුමක්ද?
ජීව විද්‍යාත්මක ලෝකයේ වංචාව මෙතරම් සුලභ වන්නේ ඇයි? පිළිතුර: පරිණාමය කියන්නේ සොක්‍රටීස් මාදිලියේ දාර්ශනිකයෙක් නොවේ.
(ඉහත් සඳනක් කළ) මිනිසාගේ තේරීම මෝඩ යැයි ඔබ සිතන්නේ නම්, මෙන්න සුභ පැතුම්! පුරවැසියෙකු සහ රාජ්‍යය අතර විශ්වාසය කඩ කිරීම වෙනුවට මරණය තෝරා ගත් ග්‍රීක දාර්ශනික සොක්‍රටීස්ගේ(තේරීම මෝඩ යැයි ඔහුට් ඒත්තු ගැන්වීමට ඔබට හැකි වූවා නම්) ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඔබට හැකිවනු ඇත. විශ්වාසය සහ අවංකකම වෙනුවෙන් දිවි පුදන්න කැමති වීරෝදාර ප්‍රාණ පරිත්‍යාගශීලියෙකු ස්වභාවික ලෝකයෙන් අපට සොයා ගැනීමට ඇති ඉඩකඩ කෙතරම්ද? අතිශයින්ම සීමිතය – ඇත්ත වශයෙන්ම, එබඳු දන්නා උදාහරණ නොමැත. ඊට පටහැනිව, වංචාව සෑම තරාතිරමක දීම ස්වභාවයෙන්ම සෑම තැනකම ප්‍රචලිතව ඇති බව අපට පෙනී යයි.

නැවතත් අප අසමු: ජීව විද්‍යාත්මක ලෝකයේ වංචාව මෙතරම් සුලභ වන්නේ ඇයි? පිළිතුර: පරිණාමය කියන්නේ සොක්‍රටීස් මාදිලියේ දාර්ශනිකයෙක් නොවේ. එය, ඒ වෙනුවට, සදාචාරාත්මක වරණයන්, ගෞරවය තැකීම හෝ වටිනාකම් පද්ධති පිළිබඳ කිසිදු සැලකිල්ලකින් තොරව ප්‍රායෝගිකව ඉදිරියට යන සදාචාර විරෝධී, අනුකම්පා විරහිත ක්‍රියාවලියකි. එය නිසැකවම සමාජ සහයෝගීතාවය සහ සමාජ විරෝධී හැසිරවීම අතර වෙනසක් නොදකියියි, මන්ද වැදගත් වන්නේ පැවැත්ම සහ ප්‍රජනනය ඉදිරියට ගෙනයන්නට ක්‍රියා කරන දෙය පමණයි.
ඕනෑම ගති ලක්ෂණයක් — එය රූප විද්‍යාත්මක, කායික, චර්යාත්මක හෝ ජානමය විය හැකියි — ඕනෑම ගති ලක්ෂණයක් එහි හිමිකරුගේ ඩාවිනියානු යෝග්‍යතාවය ඉහළ නැංවිය හැකි තාක් කල් පවතිනු ඇත. එය උත්පත්තිය ලද සහ හදා වඩා වැඩිහිටිභාවයට පත් වූ දරුවන් සංඛ්‍යාව ලෙස අර්ථ දක්වා ඇත. තවද, අපගේ සදාචාරාත්මක ප්‍රතිෂ්ඨාවෙන් වංචාව මුදා හරින අතරම, එය භාවිතා කරන විට උපායමාර්ගික විකල්පයක් ලෙස තමන්ගේ යෝග්‍යතාවය වැඩි කර ගත හැකිව තිබිය දී එය අත්හරින අයට පරිණාමය දඩුවම් කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එය නිර්ලජ්ජිත හා නින්දිත ලෙස අපගේ මානව සමාජ සංවේදීතාවන්ට පෙනුනද, ජීව විද්‍යාත්මක ලෝකය තුළ වංචාව යහතින් වැජඹේ.
එබැවින් ස්වභාවික වරණයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස ස්වභාවධර්මයේ වංචාව වර්ධනය වේ. කෙසේ වෙතත්, එතරම් ප්‍රසිද්ධයක් නැති දෙයක් වන්නේ, වංචාව පරිණාමය තනිවම මෙහෙයවන, ප්‍රබල වරණීය බලයක් ලෙස ද ක්‍රියා කරන බවයි. හේතුව සංකල්පමය වශයෙන් සරල ය: වංචාව, වංචාකාරයාට අනුග්‍රහය දක්වන අතර වංචාවට බඳුන් වන තැනැත්තාට පීඩාවට ලක් කරයි. එනිසා, එය ප්‍රති-වංචා උපක්‍රම මතුකිරීමට උත්තේජකයක් වන අතර, එමඟින් සීමාවකින් තොරව ප්‍රති-ප්‍රති-වංචා කිරීමේ උපාය මාර්ග උපද්දවයි, තවද, ඩාවින්ගේ උපුටා දැක්වන්නේ නම් මෙම අඛණ්ඩ පරිණාමීය අවි තරඟය අතරතුර, “නිමක් නැති ආකෘති ඉතාම ලස්සන හා පුදුමාකාර ලෙස පරිණාමය වී ඇතුවා පමණක් නොව වර්ධනය වෙමින් ද පවතී.”
මෙම කරුණ නිදර්ශනයක් මගින් පැහැදිලි කිරීම සඳහා ශාක මුල්වල , විශේෂයෙන් රනිල කුලයට අයත් ශාකවල මුල්වල ජීවත් වන රයිසෝබියා(rhizobia) නම් පාංශු බැක්ටීරියාවේ වංචා කිරීම ගන්න. මෙම බැක්ටීරියා ශාක සඳහා නයිට්‍රජන් ප්‍රයෝජ්‍යකරන(fix) අතර ශාකය මගින් නවාතැන් පහසුකම් සහ කාබන් ලෙස ආහාර ද සපයයි. එබැවින්, සම්බන්ධතාවය දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය සතුටින් යුක්තව සිදුවිය යුතු වන්නේය — අඩු තරමින් අප සම්ප්‍රදායිකව සිතුවේ එලෙසය. එනමුත් තියුණු පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ දෙපාර්ශවය අතර ‘ප්‍රේම සම්බන්ධයකට’ වඩා, රයිසෝබියා සහ ඒවායේ ශාක ධාරක(hosts) අතර සම්බන්ධය වඩාත් සංකීර්ණ බවයි. සමහර රයිසෝබියා ඇත්ත වශයෙන්ම නිපදවන්නේ නයිට්රජන් ඉතා කුඩා ප්‍රමාණයකි: එනම්, ශාක වලින් නොමිලේ නවාතැන් සහ කාබන් ලබා ගැනීම සඳහා රයිසෝබියා බැක්ටීරියා වංචාවක් කරන බවයි. මේ හේතුව නිසා සියලුම ශාක රයිසෝබියාව පිළිගන්නේ නැත. වංචාකාර රයිසෝබියා අධිකව සිටී නම්, පෝෂක සැපයුම කපා හැරීමෙන් සමහරක් ශාක ප්‍රතිචාර වශයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ප්‍රකට කරුණකි. නයිට්‍රජන් අවශ්‍යතාවයෙන් දැඩිව පෙළෙන, නිසරු පසෙහි ජීවත් වන ශාක පමණක් රයිසෝබියා සමඟ අසාධාරණ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට අකමැත්තෙන් වුව පෙළඹෙයි. පෙනෙන විදිහට, ‘යාචකයින්ට තමන් කැමති දේ පමණක් තෝරා ගන්නන් විය නොහැක'(beggars can’t be choosers) යන කියමන සැබෑ කරන අවස්ථාවකි. බැක්ටීරියා සහ ඔවුන්ගේ ධාරකයන් ඔවුන්ගේ සම්බන්ධතාවයේ වාසිය තම් තමන්ට පමණක් ලබා ගැනීමට උත්සාහ කරන විට වංචාව නව චලනයන් සහ ඊට ප්‍රතිවිරෝධතා මුදා හැරිය හැකි ආකාරය මෙයින් පෙන්නුම් කරයි.
…පරිණාමය, වඩාත් ප්‍රකටව ඒකාකෘතිකරණය වී ඇත්තේ “උචිතෝන්නතිය”(“survival of the fittest” ) ලෙසිනි. එවැනි ඒකමාන හැඟීමක් සහයෝගීතා හැසිරීම් වල මෘදු බලයෙන් අපගේ අවධානය වෙනතකට යොමු කරයි…
රයිසෝබියා සහ ශාක විසින් කරනු ලබන පරිණාමීය ක්‍රීඩාවෙන් මතුවන සංකීර්ණ උපාය මාර්ග ගැන කුතුහලයෙන් සිටිනවාද? වංචාව පරිණාමීය තරඟයක් අවුලුවාලමින් ආකාරය සහ විවිධත්වය, සංකීර්ණත්වය පමණක් නොව අලංකාරය පවා නිර්මාණය කිරීම සඳහා ප්‍රබල උත්ප්‍රේරකයක් බවට පත්වන්නේ කෙසේද යන්න නිදර්ශනය කිරීමට මෙය සරල අවස්ථාවක් පමණි.
අවාසනාවකට, පරිණාමයේ වංචාවේ භූමිකාව අද ප්‍රධාන හේතු දෙකක් නිසාවෙන් අවතක්සේරු වී ඇත. එකක් ඓතිහාසික ය. වංචාව, ස්වාභාවික වරණය මගින් සිදුවන පරිණාමයේ ප්‍රධාන බලවේගයක් ලෙස ඩාවින් මත් සැලකිල්ලට භාජනය කර නැත. ඔහුගේ “On the Origin of Species” ග්‍රන්ථයෙහි කිසිවිටෙක “වංචා” යන වචනය සඳහන් නොකරන නමුත් “රැවටීම” යන වචනය හත් වරක් භාවිතා කර තිබේ. ඉන් සත්ව වංචාවට සම්බන්ධ තුනක් පමණකි — සියල්ල අනුකරණය කරන ආකාරයන්(mimcry) වන අතර, විලෝපිකයන් රවටා ගැනීම සඳහා මකුණන් විසින් භාවිතා කරනු ලබන ආරක්ෂිත වේශයන් වේ. පැහැදිලිවම, වංචාව පරිණාමයට හා ජෛව විවිධත්වයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ඔහුගේ මනසෙහි නොතිබුණි — නො එසේ නම්, අඩුම තරමින් ඔහුගේ බොහෝ වූ අදහස් අතර ප්‍රමුඛතාවක් ඉසිලුවේ නැත.
Live Science හී පළවන The animal kingdom is full of cheats, and it could be a driving force in evolution යන ලිපිය අසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න