
විශ්වය සෑදී ඇත්තේ කුමකින් ද? යන විද්‍යාවේ විශාලතම ප්‍රශ්නවලින් එකක් විසඳීමේ ගවේෂණයක යෙදෙමින් ‘අඥාත ගවේෂක'(‘dark explorer) නම් යුරෝපීය අභ්‍යවකාශ දුරේක්ෂය ෆ්ලොරිඩාවේ සිට දියත් කෙරේ
විශ්වය සෑදී ඇත්හේ කුමකින්දැයි සොයන යුරෝපීය ‘අඥාත ගවේෂක’
ඊනියා අඥාත පදාර්ථයේ සහ අඥාත ශක්තියේ සමහර ගුණාංග නිරාකරණය කිරීමේ උත්සාහයක් ලෙස විශ්වයේ අතිවිශාල 3D(ත්‍රිමාණ) සිතියමක් යුක්ලිඩ් මෙහෙයුම මගින් සම්පාදනය කරනු ඇත. මෙම සංසිද්ධි එක්ව, විශ්වයෙහි අප දකින සෑම දෙයකම හැඩය සහ ප්‍රසාරණය පාලනය කරන බවක් පෙනී යන්නේය. කෙසේ වෙතත්, පර්යේෂකයන් පිළිගන්නේ, ඔවුන් ඒවා ගැන කිසිවක් නොදන්නා තරම් බවයි.
අඥාත පදාර්ථ සහ අඥාත ශක්තිය කෙලින්ම හඳුනාගත නොහැක. දැනුමේ තිබෙන මෙම විශාල පරතරය නිසා අපට අපගේ සම්භවය සැබවින්ම පැහැදිලි කළ නොහැකි බව මහාචාර්ය ඉසොබෙල් හූක්(Isobel Hook) පවසන්නීය. අවබෝධයේ මාවතකට යාමට යුක්ලිඩ් මෙහෙයුමේ අන්තර් දෘෂ්ඨිය අපගේ හොඳම මග වනු ඇතැයි එක්සත් රාජධානියේ ලැන්කැස්ටර් විශ්ව විද්‍යාලයේ මෙම තාරකා විද්‍යාඥවරිය විශ්වාස කරයි.
“එය මිනිසුන් විවිධ දිශාවන්හි ගොඩබිම ඇත්තේ කොයිබදැයි දැන ගැනීමට පෙර නැවත නැවක නැග යාම හා සමාන වනු ඇත. අප විශ්වයට ගැලපෙන්නේකොයි ආකාරයට ද, අප මෙහි පැමිණියේ කෙසේද – මහා පිපිරුමේ සිට අප අවට දකින සුන්දර මන්දාකිණි දක්වා, සෞරග්‍රහ මණ්ඩලය සහ ජීවය දක්වා මුළු විශ්වයම හට ගත් ආකාරය තේරුම් ගැනීමට උත්සාහක යෙදෙමින් අපි විශ්වය සිතියම්ගත කරන්නෙමු, ” ඇය බීබීසී පුවත් සේවයට පැවසුවාය.
යුරෝ බිලියන1.4 (පවුම් බිලියන 1.2බ්න්) වියදමින් තැනූ යුක්ලිඩ් දුරේක්ෂය කේප් කැනවරල් සිට Falcon-9 රොකට්ටුවක් මතින් අභ්‍යවකාශ ගත කෙරිණ. එය යවා ඇත්තේ, පෘථිවියේ සූර්යයාට විරුද්ධ පැත්තේ (ග්‍රහලෝකයේ) සිට කිලෝමීටර මිලියන 1.5 ක් පමණ දුරින් නිරීක්ෂණ ස්ථානයකටය.
මූලික වශයෙන් යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ (European Space Agency – Esa) ව්‍යාපෘතියක් වුවද, මෙහෙයුමට එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය (NASA) වෙතින් ද සැලකිය යුතු විද්‍යාත්මක සහ ඉංජිනේරු යෙදවුම් ලබිණ

රූප මූලාශ්‍රය:,NASA/ESA/R.Massey/Caltech
රූප විස්තර පාඨය කලා කෘති: හබල් දුරේක්ෂය, අහසෙහි කුඩා පරිමාවක් මත අඥාත පදාර්ථයේ පැවැත්ම සිතියම්ගත කළේය
යුක්ලිඩ් අඥාත විශ්වය ගවේෂණය කරන්නේ කෙසේද?
විශ්වයේ ඇති සියලුම ශක්තියෙන් 70%ක් පමණ අඥාත ශක්තියක් බවත් අඥාත පදාර්ථ 25% පමණ බවත් පෙර පර්යේෂණ මගින් යෝජනා කර ඇත. තරු, වායු, දූවිලි, ග්‍රහලෝක, අප ඇතුලු පෙනෙන්නට ඇති දේ වලින් ඉතිරි ද්‍රව්‍ය,- ඉතිරි 5% සඳහා වග කිව යුතුවේ වේ.
අද්භූත 95% හි ස්වභාවය හඳුනා ගැනීම සඳහා, යුක්ලිඩ් වසර හයක, දෙ වැදෑරුම් සමීක්ෂණයක් පවත්වනු ඇත.
ප්‍රධාන කාර්යයක් වනුයේ , අඥාත පදාර්ථයේ ව්‍යාප්තිය සිතියම්ගත කිරීමයි. සෘජුව හඳුනාගත නොහැකි නමුත් අපට පෙනෙන ද්‍රව්‍යය මත එහි ගුරුත්වාකර්ෂණ බලපෑම් නිසා එය පවතින බව තාරකා විද්‍යාඥයෝ දැන ගනිති.
මෙම ද්‍රව්‍යය කෙලින්ම දැකිය නොහැකි වුවද, දුරේක්ෂයට එහි ස්කන්ධය දුර ඈත මන්දාකිණි වලින් එන ආලෝකය විකෘති කරන සියුම් ආකාරය සෙවීමෙන් එහි ව්‍යාප්තිය සැලසුම් කළ හැකිය. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය, වර්ග අංශක දෙකක් පමණ වන අහසේ කුඩා පැල්මක් සඳහා එය ඉටු කළ බව ප්‍රකට කාරණාවකි. යුක්ලීඩ්, අහසේ වර්ග අංශක 15,000ක් හරහා එය සිදු කරනු ඇත.

රූප මූලාශ්‍රය CEA:
රූප විස්තර පාඨය: VIS යනු මෙතෙක් අභ්‍යවකාශයට යවා ඇති විශාලතම කැමරා උපකරණ කට්ටලවලින් එකකි
මේ සියල්ලටම කේන්ද්‍රීය වනු ඇත්තේ දුරේක්ෂයේ VIS නොහොත් දෘශ්‍ය කැමරාව වන අතර එහි සංවර්ධනය එක්සත් රාජධානියේ මූලිකත්වයෙන් සිදු කෙරිණ.
UCL හි Mullard අභ්‍යවකාශ විද්‍යා රසායනාගාරයේ මහාචාර්ය Mark Cropper පැවසුවේ “එ මගින් නිපදවනු ලබන අනුරූප, අතිශය විශාල වනු ඇත. ඇත්ත වශයෙන්ම එක් රූපයක් පමණක් ප්‍රදර්ශනය කිරීමට ඔබට අධි-විභේදන රූපවාහිනීයන්ත්‍ර 300කට වඩා අවශ්‍ය වනු ඇතැයි.” යනුවෙනි.
අඥාත ශක්තිය යනු අඥාත පදාර්ථයට වඩා බෙහෙවින් වෙනස් සංකල්පයකි.
මෙම අද්භූත “බලය” විශ්වයේ ප්‍රසාරණය වේගවත් කරන බව පෙනේ. එහි පැවැත්ම හා බලපෑම හඳුනා ගැනීම සම්බන්ධයෙන් 1998 දී, විද්‍යාඥයින් තිදෙනෙකුට නොබෙල් ත්‍යාගය හිමි විය.
මන්දාකිණි වල ත්‍රිමාන ව්‍යාප්තිය සිතියම්ගත කිරීමෙන් යුක්ලීඩ් මගින් මෙම සංසිද්ධිය විමර්ශනය කරනු ඇත.
මෙම වස්තූන් අතර පවතින මහා රික්තකවල රටා, කාලය හරහා ප්‍රසාරණය මැනීමට “මිණුම් දණ්ඩක්” ලෙස භාවිතා කළ හැකිය.
නැවතත් දැක්වීමට ඇත්තේ, මහ පොළව මත පදනම් වූ සමීක්ෂණ මගින් අහස් කුසේ කුඩා පරිමාවන් සඳහා මෙය සිදු කර ඇති බවයි; කෙසේ වෙතත් යුක්ලීඩ් විසින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 10ක් පමණ දුරින් පිහිටි මන්දාකිණි බිලියන දෙකක පමණ නිශ්චිත පිහිටීම් මනිනු ඇත.
සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Bob Nichol පවසන්නේ “ඉන්පසු අපට උනන්දු ජනක ප්‍රශ්න කිහිපයක් ඇසිය හැක”, යනුවෙනි. “විශ්වයේ සියලුම ලක්ෂ්‍යවල ත්වරණය එක සමානද? අද අප කරන්නේ අප මනින සෑම දෙයක්ම සාමාන්‍යකරණය කිරීමයි. නමුත් ‘අතන’ ඇති ත්වරණය ‘මෙතැනට’ සමාන නොවන්නේ නම්? එය සොයාගැනීමේ විද්‍යාව වනු ඇත,” ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.

රූප මූලාශ්‍රය: NASA/ESA/CSA/STScI අඥාත ශක්තිය යනු අඥාත පදාර්ථයට
රූප විස්තර පාඨය: විශ්වයේ සියලුම කොටස් ත්වරණ වේගයකින් අපෙන් ඈත් වෙමින් පවතී
යුක්ලිඩ් මෙහෙයුමට ‘අඥාත පදාර්ථයේ සහ අඥාත ශක්තියේ ස්වභාවය මේ යයි’ යනුවෙන් නිශ්චිතව පැවසීමට නොහැකි වනු ඇත. එනමුත් එ මගින් කළ යුත්තේ වත්මන් චින්තනයේ ප්‍රචලිතව පවතින ආකෘති සහ අදහස්වල විෂය පථය පටු කිරීමයි. එය න්‍යායවාදීන්ගේ සහ පර්යේෂණවාදීන්ගේ අවධානය යොමු කරනු ඇත.
නිදසුනක් වශයෙන්, අඥාත පදාර්ථ බොහොමයක් නියෝජනය කර තැයි දැනට සිතන අංශු හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ නැවුම් චින්තනයක් හඳුන්වා දිය හැකිය. මේ දක්වා සිදු කර ඇති සියලුම සෙවුම්වලින් කිසිදු ඵලයක් අත් වී නොමැත.
අඥාත ශක්තිය සම්බන්ධයෙන් ගත් කල, යුක්ලිඩ් මහෙයුම මගින් විද්‍යාඥයින්ට පෙන්වා දෙනු ලැබිය හැක්කේ, අභ්‍යවකාශයේ රික්තයේ යම් සහජ ගුණාංගයක් නොව, (වර්තමානයේ ඔවුන් සතු හොඳම අනුමානය වන) මෙම නොදන්නා බලයට, සංශෝධිත ගුරුත්වාකර්ෂණ න්‍යාය තුළ වඩා හොඳ පැහැදිලි කිරීමක් ඇති බවයි. මෙයද සොයාගැනීමේ විද්‍යාව වනු ඇත.
“එළඹිය හැකි එක් අදහසක් වන්නේ “අඥාත ශක්තිය සැබවින්ම පස්වන බලවේගයක් වන අතර එය විශාල පරිමාණයන් මත පමණක් ක්‍රියාත්මක වන විශ්වයේ නව බලවේගයකි; එබැවින් එය පෘථිවියේ ජීවයට බලපෑම් නොකරයි,” විද්‍යාව සහ ගවේෂණ සඳහා ESA හි ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය Mark McCaughrean පවසයි.
“එහෙත්, ඇත්ත වශයෙන්ම, එය අපගේ විශ්වයේ ඉරණමට විශාල ලෙස බලපෑ හැකිය — එය(විශ්වය) කොතරම් දුරට ප්‍රසාරණය වේද? එය එන්ට එන්ටම විශාල වෙමින් සදහටම ත්වරණය වෙමින් තිබේද? නැතහොත් බාගදා ඒ සියල්ල නැවත හැකිළී යා ද?ඇත. “

රූප මූලාශ්‍රය: TAS
රූප විස්තර පාඨය:
කලා කෘති: අහසින් තුනෙන් එකක ත්‍රිමාණ සිතියම එකලස් කිරීමට යුක්ලිඩ් මෙහෙයුමට වසර හයක් ලබා දී ඇත..
BBC News(on line) හි පලවන Euclid: Europe’s ‘dark explorer’ telescope launches නම් ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න