
බැක්ටීරියා සම්බන්ධයෙන් නම් ඔබ පය ගසන් තැන කොතැනදැයි බැලීමට අවශ්‍ය වන්නේ නැත.Westend61/Getty Images
ඔබ ක්ෂුද්‍ර ජීවීන් මත පා තැබූ විට ඒවා තලා දමනවාද?
ප්‍රශ්නය අසන්නේ: උතුරු කැරොලිනා, චැපල් හිල් හී, 12 හැවිරිදි රයන් එල්. බාලකයා යි. “වයිරස්, බැක්ටීරියා සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවීන් පෑගූණු විට කුහුඹුවෙකු පෑගූණු විට මෙන් පොඩි පට්ටම් වී යයිද?”
පිළිතුරුදෙන්නේ:
1. අශෝක් ප්‍රසාද් කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ රසායනික හා ජීව විද්‍යාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය
2. කෙනත් එෆ්. රියර්ඩන් කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ රසායනික හා ජීව විද්‍යාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය
ඔබ ක්ෂුද්‍ර ජීවීන් මත පා තැබූ විට ඒවා තැලී පොඩිවී යනවාද? කෙසෙල් ගෙඩියක් වගේ සමහර දේවල් වලට පයට පෑගෙන කොට ඒවා මිරිකිලා බිමට සමතලා වෙලා යනවා. එනමුත් ඔබ ගලක් වැනි වෙනත් දේවල් මත පා තබන විට, එවන් ඉරණමකට් ගොදුරු නොවී ඒවායේ හැඩය එලෙසම පවත්වා ගෙන යනවා. . ඉතින් ඔබ බැක්ටීරියාව මත පා තැබූ විට කුමක් සිදුවේද? ඒවා තැලෙන සුලු ද?අපි රසායනික හා ජීව විද්‍යාත්මක ඉංජිනේරුවන් ලෙස ක්ෂුද්‍ර ජීවීන් සහ අනෙකුත් සෛල සමඟ වැඩ කරත්, අප දෙදෙනාම ඇත්ත වශයෙන්ම විද්‍යාගාරයේදී ඒවා තලා මිරිකා දැමීමට ට උත්සාහ කර නැත. අපෙන් එක් අයෙකුට භෞතික විද්‍යාව පිළිබඳ පසුබිමක් ඇති අතර හෙතෙම ජීව විද්යාවේ යාන්ත්රික බලවේග අධ්යයනය කරයි, අපේ අනෙකා, කුද්‍ර ජීවීන් ජාන සැකසුම් කර, ජෛව ඉන්ධන සහ අනෙකුත් රසායනික ද්රව්ය සෑදීම සඳහා ඒවා වර්ධනය කරයි. අපි දෙන්නා අතරේ අපි හිතුවා උත්තරේ හොයාගන්න පුළුවන් වෙයි කියලා.
ඔබ යමක් මත පා තැබූවොත් නැතිනම් පෑගුනොත් කුමක් සිදුවේදැයි සිතා බලමු. ඔබ වස්තුවක් තල්ලු කරන හෝ අදින හෝ ඕනෑම අවස්ථාවක, ඔබ එය මත බලයක් යොදවයි. ඉන් පසුව සිදු වන් දෙය රඳා පවතින්නේ ඔබ කොපමණ බලයක් යොදනවාද යන්න සහ වස්තුවේ ගුණාංග මතයි.
ඔබ පා තබන විට යොදන බලය ප්‍රධාන වශයෙන් පැමිණෙන්නේ ඔබේ සිරුරේ බරෙනි. තව එම බලය ඔබේ පාදයේ බෙදා හරින, පීඩනය ඇති කරන්නේ කුමන ප්රදේශයද යන්න ද වැදගත් වේ. ප්‍රදේසය පිළිබඳ කොටස වැදගත්ත්වේ. හිම සපත්තු පැළඳ හිම මත ඇවිදීමට ඔබට හැකි වන්නේ එබැවිනි; එසේනමුත් ඔබ සාමාන්ය සපත්තු පැළඳ ඇවිද්දේ නම් ගිලී යනු ඇත.
වස්තුවක බර, එහි වර්ග ඵලයෙන් බෙදීමෙන් ඔබට පීඩනය ගණනය කළ හැකිය. ඔබේ පාදය ආසන්න වශයෙන් අඟල් 7ක් (සෙන්ටිමීටර් 18ක් පමණ) දිගින් සහ අඟල් 4ක් (සෙන්ටිමීටර් 10ක්) පළල සෘජුකෝණාස්‍රයක් නම්, එහි මතුපිට වර්ගඵලය වර්ග අඟල් 28 (වර්ග සෙ.මී. 180) වේ. ඔබේ බර රාත්තල් 110 (කිලෝග්‍රෑම් 50) නම්, ඔබ වර්ග අඟලකට යොදන බලය දළ වශයෙන් වර්ග අඟලකට රාත්තල් 3.9 කි.
සංසන්දනය කිරීම සඳහා ගත්තොත්, වාතයේ පීඩනය, හෝ වායුගෝලීය පීඩනය (atmospheric pressure), ඔබේ සිරුරේ පීඩනය, මුහුදු මට්ටමේ දී වර්ග අඟලකට රාත්තල් 14.7 කි. වායුගෝලය ඔබ මත එල්ල කර පීඩනය, ඔබේ පාදය බිමට තබන විටට වඩා සැලකිය යුතු ලෙස වැඩිය — එහෙත්, ඔබට එය දැනෙන්නේ නැත; මන්ද එය ඔබේ ශරීරය තුළ ඇති වාතයේ අභ්‍යන්තර පීඩනය මගින් සමතුලිත වනු ලබන නිසාවෙනි.

සැල්මොනෙල්ලා(Salmonella) වැනි බැක්ටීරියා විනාශ කිරීමට නම් තදින් බිමට පා තබා යනවාට වඩා වැඩි යමක් අව්ශ්‍යවේ. NIAID/Flickr, CC BY}
ක්ෂුද්‍ර ජීවියෙකු මත පා තැබීම
ඔබ ඔබේ පාදයේ බලය බැක්ටීරියා සෛලයකට යෙදෙව් වොත්, බැක්ටීරියාවට කුමක් සිදුවේ කියලා ද ඔබ හිතන්නේ?
බැක්ටීරියාවන්ට විවිධ හැඩයන් ඇත: ඒ, ගෝලාකාර හැඩයේ සිට මුගුරක සහ සර්පිලාකාර හැඩයදක්වාය. ඒවායේ ජෙල් ආකාර ඇතුළත පරිසරයෙන් ආරක්ෂා කරන බිත්ති, බැක්ටීරියා සෛල වල ඇත. බැක්ටීරියා සෛල බිත්තියක් කොතරම් ශක්තිමත් ද? තවද, එය ඔබේ පාදයේ බලයට ඔරොත්තු දිය හැකිද?
අධික පීඩනයට බැක්ටීරියා විනාශ කළ හැකිද යන්න සොයා බැලීම ඇතුළු හේතු කිහිපයක් නිසා බැක්ටීරියා සෛල බිත්තිවල ශක්තිය විද්‍යාඥයින් විසින් අධ්‍යන කරන ලදී. කිරි වැනි ආහාර අපට පරිභෝජනයට ආරක්ෂිත කිරීම පිණිස ආහාර කර්මාන්තයෙහි යෙදී සිටින පුද්ගලයෝ අධි පීඩනය භාවිතා කරති.
හයියසක්තිය නිර්ණය කරනු වස්, ඒවායේ අත්‍යන්ත ආතන්‍ය ප්‍රත්‍යාබලය(ultimate tensile strength) මැනීමට පර්යේෂකයන් විසින් මෙවලම් ගණනාවක් භාවිත කරනු ලැබේ. අත්‍යන්ත ආතන්‍ය ප්‍රත්‍යාබලය යනු කැඩී බිඳී යාමාට ප්‍රථම වස්තුවකට දරිය හැකි උපරිම පීඩනයයි.
නිදසුනක් ලෙස, ඒවා මුද්‍රා තැබූ භාජනයක තබා (ඒවා) පිපිරෙන තෙක් පීඩනය සීඝ්‍රයෙන් අඩු කිරීමෙන් මෙය කළ හැකිය. 1985 සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ වර්ග අඟලකට රාත්තල් 1,500කට ආසන්න පීඩනයක දී සැල්මොනෙල්ලා පිපිරෙන අතර පසුකාලීන අත්හදා බැලීම්වලින් පෙනී ගියේ වර්ග අඟලකට රාත්තල් 1,900ක් පමණ පීඩනයක් සුලබ පාංශු බැක්ටීරියාව Bacillus subtilis පිපිරීමට ප්‍රමානවත් බවයි. ඉතින් එය, පදික වේදිකාවේ සිටිය හැකි ඕනෑම ක්ෂුද්‍ර ජීවීන් මත ඔබේ ස්නීකර් පාවැසුමකින් ඇතිවන පීඩනයට වඩා 400 සිට 500 ගුණයකින් වැඩි පීඩනයකි.
මෙම සංඛ්යා වෙනත් ආකාරයකින් තේරුම් ගැනීමට, පුද්ගලයෙකුට එය මත නැගී සිටීමට තරම් විශාල බැක්ටීරියාවක් ගැන සිතන්න. එම කල්පිත බැටීරියමට සැල්මොනෙල්ලා සමාන සෛල බිත්ති ශක්තියක් තිබුනේ නම් , රාත්තල් 110ක් බර පුද්ගලයන් 350කට වැඩි පිරිසකට එකවර එය මත සිටගෙන සිටීමට ඊට සහාය විය හැක. ආහාර සකස් කිරීම වැනි සමහර යෙදුම්වල දී ඉහළ පීඩනවලට බැක්ටීරියා විනාශ කළ හැකි නමුත් බැක්ටීරියා මත සිටගෙන සිටින එක් පුද්ගලයෙකුට එය කළ නොහැකිවනු ඇත.
පැල්ම තුළින් නොදැනුවත්වම ඇතුල්වීම
බැක්ටීරියා සෛල බිත්ති ඉතා ශක්තිමත් බව පැහැදිලිය. එහෙත්, බැක්ටීරියා තලා මිරිකා දැමීම තවත් අපහසු කරවන අමතර සංකූලතාවයක් ඇත: ඒවා(බැක්ටීරියා) ඇදහිය නොහැකි තරම් කුඩා ය. සාමාන්ය බැක්ටීරියාව ප්‍රමාණයෙන් මයික්‍රෝන 1 සිට 5 දක්වා හෝ මීටරයකින් මිලියනයෙන් පංගුවකි (අඟලකින් දස දහසකපංගුවකට වඩා කුඩාය) පමණ වේ. ඊට සාපේක්ෂව සාමාන්‍ය ඇලැනෙත්තක තුඩෙහි විෂ්කම්භය මයික්‍රෝන 130ක් පමණ වේ. පා තැබීමෙන් හෝ වෙනත් මගකින් තමන්ට එල්ල වන පීඩනය අඩු කර ගැනීම පිණිස

ඔබේ සපත්තුවේ යටිපතුල්වල මෙන් ඔබේ සමෙහිද බැක්ටීරියාවලට ලිස්සා යා හැකි කට්ට අඩංගු වේ . Getty Images Plus හරහා deyangeorgiev/iStock via Getty Images Plus
ඔබේ සමේ මතුපිට sulci cutis යනුවෙන් දැක්වෙන සියුම් කට්ට ඇත. ඒවා, සාමාන්යයෙන්, මයික්රෝන දස දහස් ගණනක් ගැඹුරයි. ඔබේ සපත්තුවේ යටි පතුල්වල ද ඔබේ සමේ ඇති කට්ට වලට වඩා ගැඹුරු කට්ට ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔබ ඔබේ නග්න දෙපාවලින් බැක්ටීරියා මත පා තැබුවද, සපත්තු පැළඳ පා තැබුවද, සෛල බොහොමයක් පෙර කී කට්ට තුළට ලිස්සා ගොස් ඔබ පොළව මත ඇති කරන සම්පූර්ණ පීඩනයෙන් ගැලවී ගනී
ඇල්පෙනෙත්තක් මත සිටගැනීම
බැක්ටීරියා සෛලයක් තලා දමණු පිණිස ඒවා මත ඔබේ පාදවල පීඩනය වැඩි කළ හැක්කේ කෙසේද?
එක් න්‍යායික ක්‍රමයක් වනුයේ ඔබේ සපත්තුවේ පතුල පැතලි ස්වභාවයේ සිට ඉතා උල් ස්වභාවය දක්වා වෙනස් කිරීමයි, එම උලෙහි අග්‍රය, ඇල්පෙනෙතක තුඩ තරම් පළලකින් යුක්ත විය යුතුය. මෙම සපත්තු මත ඇවිදීම කළ නොහැකි නමුත් එවැන්නක් පැළඳ සිටින්නේ නම් රාත්තල් 110 ක බරකින් යුතු පුද්ගලයෙකු, වර්ග අඟලකට රාත්තල් මිලියන 5.6 ක පීඩනයක් ඇති කරයි. අප දැනට දන්නා ඕනෑම බැක්ටීරියාවක් විනාශ කිරීමට එය ප්‍රමාණවත් වේ.
මිනිසුන්ට මෙය සැබවින්ම කළ නොහැකි වුවද, සමහර කෘමීන්ට කළ හැකි බව පෙනී යයි. රැහැයියන්ගේ(Cicada) පියාපත් අතරේ ඉඳිකටු මෙන් පෙණී යන කුඩා අණුක ව්යුහයන් ඇත. මෙම ඉඳිකටු වැනි ව්‍යුහයන් ප්‍රමාණයෙන් නැනෝමීටර පමණක් වන අතර බොහෝ බැක්ටීරියා වලට වඩා දහස් ගුණයකින් කුඩා වන්නේය. ඒවා ‘නැනෝරොඩ්’ ලෙස හැඳින්වේ.
රැහැය්යන්ගේ පියාපත් බැක්ටීරියා සිදුරු කළ හැකි, කේතු හැඩැති නැනෝ කණු වලින් ආවරණය වී ඇත.
බැක්ටීරියාවක් චිචඩ පියාපත් මතුපිටට පතිත වූ විට, මතුපිටට ඇලී සිටීමට උපකාරී වන විශේෂ රසායනික ද්‍රව්‍ය එය නිපදවයි. බැක්ටීරියාව බෙදී ගිය විට, එය නව සෛල එකිනෙකින් වෙන් කිරීමට ඉඩ සලසන කුඩා බලවේග නිපදවයි. මෙම කුඩා බලවේග රැහැයි පියාපත් මත ඇති නැනෝරොඩ් වෙත තල්ලු වන විට විශාල පීඩනයක් බවට පත්වී, බැක්ටීරියා සිදුරු කර එය විනාශ කර දමයි.
ඒ ආකාර පියාපත්, රැහැය්යන්, බත්කූරන්(Dragonflies) සහ තවත් බොහෝ පියාඹන කෘමීන්ගේ පියාපත් මතුපිට ඇති අතර ඒවා ස්වභාවිකව බැක්ටීරියා නාශකයි; ඒ කියන්නේ බැක්ටීරියා මරා දමන බවයි. ස්වභාව ධර්මයෙන් අනුප්‍රාණයක් ලබා ගනිමින් ඒ හා සමාන ආකාරයකින් බැක්ටීරියා විනාශ කරනු පිණිස ජෛව ඉංජිනේරුවෝ, ඉඳිකටු වැනි ව්‍යුහයන් සහිත මතුපිට සෑදීමට උත්සාහ කරමින් සිටිති.
Curious Kis(The Conversation) හි පළවන Do you crush microbes when you step on them? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න