
ඩොනල්ඩ් ට්‍රම්ප්, වමේ සහ හැරී ටෲමන්: ජාතිකවාදය සහ දේශප්‍රේමය ගැන විවිධ අදහස් දැරූ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්.images from Wikimedia Commons, CC BY-NC
ජාතිකවාදය සහ දේශප්‍රේමය අතර වෙනස කුමක්ද?
ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, “අපි ඇමරිකාවට මුල් තැන දෙනවා … අපි වෙනසක් කිරීම සඳහා අපි, අප ගැනම බලාගන්නෙමු,” යනුවෙනි. ඉන් අන්තුරුව ඔහු, “මම ජාතිවාදියෙක්.” යයි තමන්වම හඳුන්වා ගත්තේය. තවත් එක් අවස්ථාවක දී, ඔහු ප්රරකාශ කළේ ඔහුගේ අධීක්ෂණය යටතේ, එක්සත් ජනපදය “දේශප්‍රේමයේ මූලධර්මය වැලඳගෙන ඇත” යි යනුවෙනි.
ට්‍රම්ප් දැන් නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී. ඔහු සිය අපේක්ෂකත්වය ප්‍රශකාශ කළ විට, ඔහු ප්රකාශ කළේයකියා සිටියේ (ඔහුට) “යානයේ සිටින සෑම දේශප්‍රේමියෙකුම අවශ්‍යය, මක්නිසාද යත් මෙය හුදු ඡන්ද ව්‍යාපාරයක් නොව, මෙය අපේ රට බේරා ගැනීමේ මෙහෙයුමක්.” යනුවෙනි.
ඉන් සතියකට පසු ඔහු ජාතිකවාදීයෙකු ලෙස තමන්ම හඳුන්වා ගන්නා Nick Fuentes සමග එකට සිට Mar-a-Lagoහිදී රාත්‍රී ආහාර ගත්තේය. ජාතිවාදී සහ යුදෙව් විරෝධී භාෂාව භාවිත කිරීම හේතුවෙන්, Fuentes ෆේස්බුක්, ඉන්ස්ටග්රෑමම්, ට්විටර්, යූ ටියුබ් සහ වෙනත් (සමාජ මාධ්‍ය) වේදිකා වලින් තහනමට ලක් වූවෙකි.
පසුව, ට්‍රම්ප් එම හමුව සිදු වූ බව තහවුරු කළ නමුත් Fuentes හෙළා දකින ලෙස ඔහුගෙන් ඉල්ලීම් කර තිබුණත්, ඔහු එසේ කළේ නැත.
ට්‍රම්ප් සහ ඔහුගේ ආධාරකරුවන් “ඇමරිකාව පළමුව” නම් ඔහුගේ න්‍යාය පත්‍රය විස්තර කරන විට ‘ජාතිකවාදය’ සහ ‘දේශප්රේමය’ යන වචන සමහර විට සමාන පද ලෙස භාවිතා වේ. න්යාය පත්රය. කෙසේවෙතත්, මා ඇතුළු බොහෝ දේශපාලන විද්යාඥයන්, සාමාන්‍යයෙන් එම පද දෙක සමාන පද ලෙස හෝ ගැළපෙන පද ලෙස දකින්නේ නැත.
පද දෙකෙහි වෙනසක් ඇති අතර එය විද්වතුන්ට පමණක් නොව සාමාන්‍ය පුරවැසියන්ටද වැදගත් වේ.

1950 ගණන් වලට අයත්, 2017 දී වර්ණවත් කරන ලද රූපයක්, සුපර්මෑන් — වෙනත් ග්රභහලෝකයකින් සරණාගතයෙකි. එක්සත් ජනපදයට ආ යුදෙව් සංක්රදමණිකයන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද, දේශප්‍රේමය ජාතිකවාදය පලවා හැරිය යුතු බව උගන්වන චරිතයකි. DC Comics
ජනතාවට කැපවීම
ජාතිකවාදය(Nationalism) යනු කුමක්දැයි තේරුම් ගැනීමට, ජාතියක්(a nation) යනු කුමක්ද සහ ජාතියක් නොවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීම ප්රයෝජනවත් වේ.
ජාතියක් යනු යනු පොදුවේ ඉතිහාසයක්, සංස්කෘතියක්, භාෂාවක්, ආගමක් හෝ ඒවායේ යම් සංයෝගයක් බෙදා හදා ගන්නා පිරිසකි.
සමහර විට රජයක්(a state) ලෙස හැඳින්වෙන් රටක්(a country), යනු දේශපාලන විද්යාහවේ පාරිභාෂිතය, අනුව තමන්ගේම රජයක් ඇති භූමි ප්‍රදේශයකි.
ජාතික රාජ්‍යය යනු බොහෝ විට තනි ජාතියකින් සමන්විත වන, සමජාතීය දේශපාලන ස්ථිතියකි. ජාතික රාජ්ය සාමාන්‍යයෙන් දුර්ලභය; මක්නිසාද යත් සෑම රටකම පාහේ ජාතික කණ්ඩායම් එකකට වඩා වාසය කරන බැවිනි. ජාතික රාජ්යකයක එක් උදාහරණයක් වන්නේ උතුරු කොරියාව විය හැකිය: එහි සියලුම පදිංචිකරුවන් වාගේ වාර්ගික කොරියානුවන් වේ.
එක්සත් ජනපදය ජාතියක් හෝ ජාතික රාජ්‍යයක් නොවේ. ඒ වෙනුවට එය, පොදුවේ විවිධ හවුල් ඉතිහාසයන්, සංස්කෘතීන්, භාෂා සහ ආගම් ඇති විවිධ මිනිසුන් කණ්ඩායම් ඇති රටකි.
නවාජෝ ජාතිය සහ චෙරෝකි ජාතිය වැනි එම කණ්ඩායම්වලින් සමහරකක්, ෆෙඩරල් රජය විසින් විධිමත් ලෙස හඳුනාගෙන ඇත. ඒ හා සමානවම, කැනඩාවේ, ප්රංශ භාෂාව කතා කරන ක්විබෙසර්ස්(Québécois) “එක්සත් කැනඩාවක් තුළ” වෙනස් ජාතියක් ලෙස හඳුනාගනු ලැබ් ඇත.
එක් ශබ්දකෝෂ අර්ථකථනයකට අනුව, ජාතිකවාදය යනු, “ජාතියකට ඇත් පක්ෂපාතිත්වය සහ අනුරාගයයි”. එය එකම ඉතිහාසයක්, සංස්කෘතියක්, භාෂාවක් හෝ ආගමක් බෙදා හදා ගන්නා අය වෙනුවෙන් ඇති පුද්ගලයෙකුගේ දැඩි බැඳීමකි. ජාතිකවාදය යන්න විද්වතුන් තේරුම් ගන්නේ එක් අනන්‍යතා කණ්ඩායමක් ඉහළ නැංවීම – සහ සමහර විට අනෙක් ඒවාට සෘජුව විරුද්ධ වීමට මග පාදන්නාවූ සුවිශේෂී බවක් ලෙසය.
සංක්රෝමණිකයන් සහ වර්ණයෙන් යුත් මිනිසුන් තමන්ගේ ශිෂ්ටාචාරයේ පරමාදර්ශවලට තර්ජනයක් බව විශ්වාස කරන Oath Keepers සහ Proud Boys නම් කණ්ඩායම්, සුදු ‘ජාතිකවාදී’ කණ්ඩායම්වලට උදාහරනවෙ. 2021 ජනවාරි 6දා එක්සත් ජනපද අගනුවර වෙත එල්ල වූ ප්‍රහාරයේ දී ඔවුන්ගේ භූමිකාව වෙනුවෙන් රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඔවුන්ගෙන් 10 දෙනෙක් වරදකරුවෝ වූහ.
2021 ජනවාරි 6 වන දින සිදු වූ සිදුවීම් ට්‍රම්ප් විස්තර කරන්නේ “සාමකාමීව සහ දේශප්‍රේමයෙන් යුතුව” සිදු වූ ඒවා ලෙසය. සිරගත වූවන් ඔහු විස්තර කර ඇත්තේ “මහා දේශප්‍රේමියන්” ලෙසය. තවද, 2024 දී තේරී පත් වුවහොත් “ඔවුන්ගෙන් විශාල කොටසකට” සමාව දෙන දෙන බව ද ඔහු පවසා ඇත .
සුදු ජාතිකවාදයෙන් ඔබ්බට තවත් බොහෝ ජාතිකවාදයන් තිබේ. උදාහරණයක් ලෙස The Nation of Islam, කළු ජාතිකවාදි කණ්ඩායමකට උදාහරණයකි. The Nation of Islam හි සුදු විරෝධී අගතීන් නිසාවෙන් Anti-Defamation League සහ the Southern Poverty Law Center යන කණ්ඩායම් දෙකම, එය කළු අධිපතිවාදී වෛරී කණ්ඩායමක් ලෙස සංලක්ෂිත කර ඇත.
“සුදු සහ කළු වාර්ගික ජාතිකවාදයන්ට අමතරව, වාර්ගික සහ භාෂාමය ජාතිකවාදයන් ද ඇත.”
සුදු සහ කළු වාර්ගික ජාතිකවාදයන්ට අමතරව, සාමාන්යියෙන් සමහර ජාතික කණ්ඩායම් සඳහා වැඩි ස්වයං පාලනයක්, සහ අවසානයේ ස්වාධීනත්වය අපේක්ෂා කරන වාර්ගික සහ භාෂාමය ජාතිකවාදයන් ද ඇත.(ethnic and lingustic nationalisms). උදාහරණ අතරේ, Bloc Quebecois, ස්කොට්ලන්ත ජාතිකවාදී පක්ෂය(Scottish Nationalist Party) සහ Plaid Cymru වේල්ස් පක්ෂය, පිළිවෙලින් ක්විබෙක්හි ක්විබෙකොයිස්වරුන්ට, ස්කොට්ලන්තයේ ස්කොට්ලන්ත වැසියන්ට සහ වේල්සය වේල්ස් වැසියන්ට යනුවෙන් තිබීම වෙනුවෙන් පෙනී සිටින ජාතිකවාදී දේශපාලන පක්ෂ ඇතුළත් වේ.

ස්ථානයක් වෙත භක්තිය
ජාතිකවාදය, තම ජාතියට දක්වන පක්ෂපාතිත්වයට හෝ භක්තියට වෙනස්ව, එකම ශබ්දකෝෂයට අනුව, දේශප්‍රේමය(patriotism) යනු “කෙනෙකුගේ රටට ඇති ආදරය හෝ භක්තිය” යි. patriot යන වචනයෙන් patriotismපැමිණේ , එහි නිරුක්තිය ග්‍රීක patrios යන වචනයෙන් සොයාගත හැකිය. patrios හි තේරුම “කෙනෙකුගේ පියාගේ” යන්නයි.
වෙනත් වචන වලින් කිවහොත්, දේශප්‍රේමය යන්නෙන් ඓතිහාසිකව අදහස් වන්නේ කෙනෙකුගේ පීතෲ භූමිය නැතහොත් තමන් උපන් රට කෙරෙහි ඇති ආදරය සහ භක්තියයි.
දේශප්‍රේමය යනු සමස්තයක් වශයෙන් රට කෙරෙහි ඇති භක්තියයි — ඒ කියන්නේ එය තුළ ජීවත් වන සියලුම මිනිසුන් ඇතුළුව මුලු රටටයි. ජාතිකවාදය යනු අන් සියල්ලන් අභිබවමින් එක් පිරිසකට පමණක් ඇති භක්තියයි.
මාර්ටින් ලූතර් කිං (කනිෂ්ඨ) සිය, “බර්මින්හැම් බන්ධනාගාරයෙන් ලිපියක්” හි ඇති සඳහනක් දේශප්‍රේමය පහදිලි කෙරෙන ප්‍රකාශයක් ලෙස ගෙන හැර පෑ හකිය: “ජාතිකවාදී කණ්ඩායම් යනු ඇමරිකාව ගැන විශ්වාසයක් නැති මිනිස්සුන්ගෙන් සැදුම්ලත් සංවිධානයි”
ස්ප්‍රකට “Animal Farm” සහ “Nineteen Eighty-Four යන ග්‍රන්ථ වල කතුවරයා වන George Orwell, දේශප්‍රෙමය විස්තර කරන්නේ “යම් ස්ථානයකට සහ විශේෂිත ජීවන රටාවක් වෙත ඇති භක්තිය” ලෙසිනි. එම අර්ථ දැක්වීම ජාතිකවාදය සමග එකට තබා වෙනස දක්වමින් හෙතෙම දේසප්‍රෙමය පැහැදිලි කරන්නේ “ එය යහපත හා අයහපතෙන් ඔබ්බට තබමින්, තනි ජාතියක් හෝ වෙනත් ඒකකයක් සමඟ තමන් අනන්‍යව සැලකීමේ පුරුද්ද සහ එහි අවශ්යාතා ඉදිරියට ගෙන යාම හැර වෙනත් රාජකාරියක් හඳුනා නොගැනීම” ලෙසයි.
” දේශප්‍රේමය යනු ඔබේම ජනතාවට ආදරය කිරීම පළමුව සලකන විටය; ජාතිකවාදය, ඔබේම නොවන ජනතාවට වෛර කිරීම ප්‍රමුඛ වන විටයි.”
සිය ‘I Have a Dream’ සහ අනෙකුත් කෘතීන් තුළ මාර්ටින් ලූතර් කිං කනිෂ්ඨ ජාතිකත්වය හෙළා දුටු අතර දේශප්‍රේමය දිරිමත් කළේය.

ජාතිකවාදය එදිරිව දේශප්‍රේමය
ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැඟීම සිදු වූයේ දේශප්‍රේමය විකෘති කර ජාතිකවාදය වැළඳ ගැනීමෙනි. දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහිව ‘Free France’ ව්‍යාපාරයට නායකත්වය දුන් සහ පසුව ප්රංශයේ ජනාධිපති බවට පත් චාල්ස් ඩි ගෝල්ට අනුව ” දේශප්‍රේමය යනු ඔබේම ජනතාවට ආදරය කිරීම පළමුව සලකන විටය; ජාතිකවාදය, ඔබේම නොවන ජනතාවට වෛර කිරීම ප්‍රමුඛ වන විටයි.”
නට්සීන්ගේ යුදෙව් සමූලඝාතන ඛේදවාචකය(Holocaust) සමහර ජන කණ්ඩායම් පහත් යැයි ජාතිකවාදී විශ්වාසය තුළ මුල් බැස තිබුණි. හිට්ලර් ඒ සම්බන්ධ විශේෂයෙන් ආන්තික උදාහරණයක්,
මානව හිමිකම් විද්‍යාර්ථියෙකුවන, වෙස්ට්මිනිස්ටර් කොලීජියේ සහකාර මචාර්ය Joshua Holzer ගේ පර්යේෂණවල දී සොයාගෙන ඇත්තේ, සමකාලීන කාලවලදී පවා ජාතිකවාදී නායකයින් සිටින රටවල මානව හිමිකම් නරක වාර්තා අසතුටුදායක වීමට ඇති ඉඩකඩ වැඩි බවයි.
“ජාතිකවාදය යනු දේශප්‍රේමය පාවා දීමකි.”
දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයට පශ්චාත් යුධ ආධාර සපයන මාෂල් සැලැස්ම, ජනාධිපති හැරී ටෲමන් අත්සන් කළේය. වැඩසටහනේ අභිප්රාය වූයේ, පටු ජාතිකවාදයේ ස්වයං-පරාජිත ක්‍රියාවලින් ඉවත් වීම පිණිස යුරෝපීය රටවලට උපකාර කිරීමයි.” ‘ඇමරිකාව පෙරට'(America First) යන්නෙන්, ඇමරිකාව ගෝලීය වේදිකාවෙන් පිටවීම ජාතිකවාදී ක්රිුයාවන් මගින් රට තුළ භේද වැපිරීම සහ ජාතිකවාදී වාචාලකම ප්‍රචලිත කිරීම ටෲමන් අදහස් කළේ නැහ. ඒ වෙනුවට, ඔහු “එක්සත් ජනපදයේ ජනතාවගේ ප්රිධාන සැලකිල්ල” ලෙස සැලකුවේ “ලෝකය පුරා ඩිගු කල්පවතින සාමය සඳහා කොන්දේසි නිර්මානය කිරීම”ය. “දේශප්‍රෙමයෙන් යුතුව තම රටේ අවශ්‍යතාවලට මුල් තැන දීම යනු ජාතිකවාදයට එරෙහිව සටන් කිරීම” ලෙස ඔහු අදහස් කළේය.
මෙම මතය ප්‍රංශ ජනාධිපති Emmanuel Macronගේ අදහසට අනුකූල වේ. “දේශප්‍රේමය යනු ජාතිකවාදයේ සම්පූර්ණ අනික් පැත්තයි” Macron කියා සිටියි, “ජාතිකවාදය යනු දේශප්‍රේමය පාවා දීමකි.”
The Conversation(28th June, 2023) හී පළ වූ What is the difference between nationalism and patriotism? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න