New Mexico State University Molecular Vector Physiology Lab විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී ඇනෝෆිලිස් මදුරුවන් පිරිසක් රුධිර ආහාර වේලක් බුක්ති විඳින ආකාරය. Hansen MVP රසායනාගාරය ජූලි 10

සියලු විකර්ෂක එක සමාන නොවුනත්, මදුරුවන් දෂ්ට කිරීම් වළක්වා ගන්නා ආකාරය

මෙම ගිම්හානයේදී මදුරු විකර්ෂක භාවිතයෙන් ඔබේ සෞඛ්‍යය සහ මානසික ඒකාග්‍රතාව යන දෙකම ආරක්ෂා කර ගත හැකිය.

කරදරකාරී මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ඔබේ සම මත කැසීම ඇති කරන අතරම, ඔවුන් ඔබේ සෞඛ්‍යයට බරපතල හානි, සමහර විට මාරාන්තික අවදානමක් ද පවා  ඇති කළ හැකිය. මදුරුවෙකු ඔබට දෂ්ට කළ විට, මැලේරියාව, ඩෙංගු උණ, සිකා සහ West Nile වැනි භයානක රෝග ඇති කරන්නාවූ හානිකර රෝග කාරක සම්ප්රේ ෂණය කළ හැකිය .

මදුරු දෂ්ඨ කිරීමෙන් වැළකීම

මදුරුවන්ගේ ගැහැනු සතා මිනිසුන් දෂ්ට කරන්නේ අපගේ රුධිරයෙන් අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථ ලබා ගැනීමටය. අනතුරුව ඔවුන් එම පෝෂ්‍ය පදාර්ථ  ඔවුන්ගේ බිත්තර සෑදීමට භාවිතා කරයි. එක් රුධිර ආහාර වේලකින් මදුරු බිත්තර 100 ක් පමණ බිහිවීමට මග පෑදෙන අතර, එම මදුරු බිත්තරවලින් ඔබට දැක පුරුදු දඟලන කීටයන් හට ගනී.

Culex quinquefasciatus larvae මදුරුවන්ගේ කීටයන් පෝෂණය ලබාගන්නේ ජලයෙන් ආහාර පෙරීමෙනි. ගලා නොයන, එක තැන ‍රැඳී තිබෙන ජලය ඉවත් කිරීමෙන් මදුරුවන්ගේ වාසස්ථාන අඩු කර ගත හැකිය. Immo Hansen

මදුරුවන් දෂ්ට කිරීමෙන් වළකින්නට ක්‍රම කිහිපයක් තිබේ, ඒවා අතරට,  දිගු, ලිහිල් ඇඳුම් ඇඳීමේ සිට, එළිමහනේ ගත කරන කාලය සීමා කිරීම සහ ඔබේ ජනේල තිරවලින් වැසීම දක්වා සහ මදුරුවන් බෝවීමට භාවිත කළ හැකි නිසල ජලය ඉවත්කිරීම ඇතුළත්වේ..

කෙසේ වෙතත්, ඔබ මදුරුවන් ගැවසෙන ස්ථානයකට යන විට ඔබට ආරක්ෂා සලසා ගැනීමේ හොඳම ක්‍රමයක් වන්නේ මදුරු විකර්ෂක(mosquito repellents)  භාවිතා කිරීමයි.

අපේ කණ්ඩායම නිව් මෙක්සිකෝ රාජ්‍ය විශ්ව විද්යාලය අණුක රෝගවාහක කායික විද්‍යාගාරඒ සිට්න මේ පර්යේෂක කණ්ඩායම දශකයකට වැඩි කාලයක් විවිධ මදුරු විකර්ෂක වර්ග සහ ඒවායේ කාර්යක්ෂමතාව අධ්‍යයනය කර ඇත. මෙම ගිම්හානයේදී, මදුරු උවදුරෙන් ඔබේ ආරක්ෂාව සලසා ගැනීම පිණිස ඔබ දැනගත යුතු දේ මෙහි පහත දැක්වේ:

විකර්ෂක ගැන දැන ගත යුතු සියල්ල

මදුරු විකර්ෂක භාවිතය ඉතිහාසයේ බොහෝ ඈතට දිව යන්නකි. මදුරු විකර්ෂක, නිසැකව ම ලිඛිත ඓතිහාසික වාර්තාවලට වඩා පෙර කාලයක  පෙර සිට තිබී ඇත. පැරණිතම වාර්තා කිහිපයක් මදුරු විකර්ෂක භාවිතයි මුල, ඊජිප්තු සහ රෝම ඉතිහාසය දක්වා දිව යයි. මෙම කාල වකවානුවේදී මදුරුවන් පලවා හැරීම සඳහා බොහෝ විට දුම් ගසන ගිනි මැල භාවිතා කරන ලදී.

කුමන ආකාරයේ මදුරු විකර්ෂකයක් භාවිතා කළ යුතුද යන්න තෝරාගැනීමේදී අපට අද,  අපගේ මුතුන් මිත්තන්ට වඩා වැඩි විකල්ප තිබේ — ඉන් සමහරක් නම් කරන්නේ නම් ඉසින සහ දියර(sprays and lotions), ඉටිපන්දම්, දඟර සහ වාෂ්පකාරක(coils and vaporizers), සඳහන් කළ හැකිය.

මෙම විකර්ෂක, මදුරුවෙකුට දැනන සුවඳ, රසය හෝ ඒ දෙකම පිළිබඳ හැඟීමට බාධ කළ හැකිය. විකර්ෂකය එක්කො මෙම ඉන්ද්රිුයයන් අවහිර කරයි නැතිනම් උත්තේජනය කරයි. DEET වැනි ඇතැම් විකර්ෂකයන් අණුක මට්ටමේ දී කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න විද්යායඥයින් අවබෝධකරගෙන ඇත. කෙසේවෙතත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, ඒවා මදුරුවන් පලවා හරින්නේ මන්දැයි තවමත් හරියටම නොදනිති.

විකර්ෂක පරීක්ෂාවට ලක් කිරීම

වඩාත් සාර්ථකව ක්‍රියා කරන්නේ කුමක් දයි සෙවීම පිණිස අපි, විවිධ විද්‍යාත්මක රසායනාගාර පරීක්ෂණ සහ ක්ෂේත්‍ර පරීක්ෂණ භාවිතා කළෙමු. සමහර නිෂ්පාදන පරීක්ෂා කිරීම පහසු  කාර්යයක් විය. කළ යුතු වූයේ හුදෙක්, මදුරුවන් 25 ක් සහිත කූඩුවකට ස්වේච්ඡාදායකයෙකුගේ විකර්ෂක ගැල්වූ අත තබා පළමු මදුරුවා දෂ්ට කරන තෙක් බලා සිටීම තරම් සරල දෙයකි.

කූඩුවේ – අත – එබීම පර්යේෂණාත්මක සැකසුම Keyla R. Salas

පැඟිරි යෙදූ ඉටිපන්දම් වැනි අනෙක් ඒවායේ දී අපි භාවිතා කළේ  මන්දගාමී සුළං උමගකි. පුද්ගලයෙකු සහ මදුරුවන්ගේ කූඩුවක් අතර ඉටිපන්දමක් හෝ උපාංගයක් තැබූ විට, උපාංගයේ විකර්ෂක කාර්යක්ෂමතාවය අනුව, මදුරුවෝ පුද්ගලයා දෙසට හෝ ඉවතට පියාසර කරති. අප විසින් සිදු කරන ලද තවත් අත්හදා බැලීමක් වූයේ යූ ටියුබ් වරණ විශ්ලේෂණයයි(Y-tube choice assay ). එහිදී මදුරුවන් යමෙකුගේ අත දෙසට පියාසර කිරීමට හෝ, පලවා හරිනු ලැබුවහොත්, හිස් හෝ හිස් විකල්පය දෙසට පියාසර කිරීමට තීරණය කරයි.

Veritasium YouTube නාලිකාවේ https://youtu.be/38gVZgE39K8  මෙම වීඩියෝව, පර්යේෂක කණ්ඩායම ්‍ය-නල තේරීමේ පරීක්ෂණ අත්හදා බැලීමක් සිදුකරන ආකාරය පෙන්නුම් කරයි.

වැඩ නොකරන මදුරු විකර්ෂක

අත් පළදනා(බ්‍රචෙලෙට්ස්) විකර්ෂක ලෙස සාර්ථක නැත. විශාල සුපිරි වෙළඳ සල් සහ ඔසුසල් දාම විසින් විවිධාකාර අත් පළදනා අලෙවි කරනු ලබයි. ඒවා මදුරු විකර්ෂක සන්නාමය යටතේ වළලු සහ ඔරලෝසු ලෙස වෙළඳ පොලට එයි. තවද, ඒවා තනා ඇති ද්‍රව්‍ය ප්ලාස්ටික් සිට සම් දක්වා වෙනස් විය හැක. ඒවා විකර්ෂක වලින් පුරවා තිබුණත්, ඒවායින්,  ඔබේ මුළු ශරීරයම මදුරුවන් දෂ්ට කිරීමෙන් ආරක්ෂා කළ නොහැක.

අතිධ්වනික විකර්ෂක උපාංග ද සාර්ථකව ක්‍රියා නොකරයි. මේවා, මදුරුවන් වළක්වාලන්නට වවුලන් අනුකරණය කරමින් අතිධ්වනික ශබ්ද නිකුත්කරන බව කියන, විදුලි පද්ධතියට සම්බන්ධ ක්‍රියාකර ක්‍රියාකරන හෝ ස්වාධීනව ක්‍රියා කරණ උපාංග හෝ ඔරලෝසු වැනි උපාංග ලෙස පැමිණේ. කෙසේ වෙතත්, සිදුකරන ලද විද්යාත්මක අධ්යයනවල දී පෙණී ගියේ,  මෙවන් උපාංග මදුරුවන් පලවා හැරීමට අසමත් වූ බවයි. ඇත්ත වශයෙන්ම, පර්යේෂකයන්ගේ රසායනාගාරයේ දී  මෙම උපාංගවලින් එකක් පරීක්ෂා කළ විට පළඳින්නා වෙත මදුරු ආකර්ශනය සුළු වශයෙන් වැඩි වීමක් දැක ගත හැකි විය.

ආහාරමය අතිරේක – විටමින් බී, සුදුළූණු යනාදිය මෙම කාර්යා ඉ‍ටු කරන්නේ නැහැ.  මෙම අතිරේකයන් මදුරු දෂ්ට කිරීමෙන් මිනිසුන් ආරක්ෂා කරන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොපෙන්වයි.

ආලෝකය මත පදනම් වූ විකර්ෂක ද, ක්රියා නොකරයි. මෙම උපාංග වර්ණවත් ආලෝක බල්බ ලෙස පැමිණෙන අතර, ඒවා සුදු ආලෝකය දෙසට පියාසර කරන මදුරු කෘමීන් ආකර්ෂණය නොකරයි. මෙම උපක්‍රමය, සලබයන්, කුරුමිණියන් සහ දුගඳ මකුණන්ට එරෙහිව හොඳින් ක්‍රියා කරන නමුත්,  මදුරුවන් පළවා හැරීමට සමත් නොවේ.

සාර්ථක මදුරු විකර්ෂක

හොඳම විකර්ෂක/ක්‍රියාකාරී අමුද්‍රව්‍ය  වලින් පටන් ගෙන සාර්ථක ක්‍රියාකාරිත්වය පිළිබඳ පර්යේෂකයන්ගේ ශ්‍රේණිගත කිරීම මෙන්න.

1.     DEET සාර්ථකව ක්‍රියා කරයි. DEET, රසායනික නාමය, N,N-diethyl-meta-toluamide වේ. එක්සත් ජනපද හමුදාව විසින් 1950 ගණන් වලදී සංවර්ධනය කරන ලද අතර එය සාර්ථක මදුරු විකර්ෂකයක් ලෙස  විකර්ෂක භාවිතයේ දිගු ඉතිහාසයක් ඇත. විකර්ෂකයේ DEET ප්‍රතිශතය වැඩි වන තරමට ආරක්ෂණ කාලය දිගු වේ – පැය හයක් දක්වා – දිගුවේ.

2.     Picaridin ද සාර්තකව ක්‍රියා කරයි. මෙම කෘතිම විකර්ෂකය, 20% සාන්ද්‍රණයකින් සමන්විත වූ විට  පැය හයක් දක්වා සඳහා ආරක්ෂාව සැලසිය හැක. මෙම විකර්ෂකය,  DEET සඳහා (බලාපොරොත්තු තැබිය හැකි) විකල්පයකි.

3.     ලෙමන්, යුකැලිප්ටස් හෝ OLE තෙල්, සාර්ථකව ක්‍රියා කරයි. PMD යන ක්‍රියාකාරී ද්‍රව්‍ය අඩංගු OLE යනු, DEET සහ picaridin සඳහා ශාක පදනම් වූ විකල්පයකි. එහි විකර්ෂක ගුණය,  පැය හයක් දක්වා පැවතිය හැකිය.

4.     වෙනත් සුගන්ධ තෛල සමහරක් සාර්ථකයි; සමහරක් එතරම් සාර්ථක නැත. පර්යේෂකයෝ 10% සුගන්ධ තෛල දියරයක් ලෙස, විවිධ සුගන්ධ තෙල් 20 ක් ස්වේච්ඡාදායකයන්ගේ සමට ගැල්වූහ. ඔවුන්  සොයාගත් දේ මෙන්න:

කරාබු නැටි තෙල් සාර්ථකව ක්‍රියා කරයි. eugenol නම් ක්‍රියාකාරී ද්‍රව්‍ය සහිත  මෙම තෙල් දියරයේ 10% සාන්ද්ර්ණයකින් මිනිත්තු 90 කට වඩා වැඩි කාලයක් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා විය හැක. කුරුඳු තෙල් සාර්ථකයි.  cinnamaldehyde සහ eugenol යන ක්‍රියාකාරී ද්‍රව්‍ය සහිත මෙම තෙල් දියරයේ 10% සාන්ද්රැණයකින් මිනිත්තු 60 කට වැඩි කාලයක් මදුරුවන් දෂ්ට කිරීමෙන් ආරක්ෂා විය හැක. Geraniol සහ 2-PEP හෝ 2-phenylethyl propionate, දියර 10% ක සාන්ද්‍රණයකින් මිනිත්තු 60 ක් පමණ කාලයක් සාර්ථකව ක්‍රියා කරයි. පැඟිරි තෙල් එතරම් විශිෂ්ට නොවේ. පර්යේෂකයන්ට පෙණී ගියේ පැඟිරි තෙල්, 10% සාන්ද්‍රණයකින්  මිනිත්තු 30ක් පමණ මදුරු දෂ්ටයෙන් ආරක්ෂා වීය හැකි බවයි.

ශාක පදනම් කරගත් ඔබේම මදුරු විකර්ෂක සෑදීමට ඔබ සැලසුම් කරන්නේ නම්, මතක තබා ගත යුතු වැදගත් කාරණාවක් ඇත: සුගන්ධ තෙල් යනු, ඉහළ සාන්ද්‍රණයකින් සමේ උද්දීපකයක්(irritanat) ඇති කළ හැකි ශාකවලින් සාදන ලද රසායනික ද්රව්යවල සංකීර්ණ මිශ්රණයකි.

පර්යේෂකයන්ගේ අධ්යන මත පදනම්ව ඔවුන් සිදු කරන නිර්දේශ මේවායි: ඔබ ජීවත් වන්නේ, එහෙම නැතිනම් වාහක මගින් බෝවන රෝග සම්ප්රේ්ෂණය වීමේ වැඩි අවදානමක් ඇති ප්රීදේශවල ඔබ සංචාරය කරන්නේ නම්, ක්‍රියාකාරී ද්‍රව්‍ය ලෙස DEET සහිත විකර්ෂක භාවිතා කිරීමයි. කෙසේ වෙතත්, ඔබ අවශ්‍ය පරිදි නැවත නැවත් යළි යොදන්නේ නම්, අඩු අවදානම් ප්රිදේශවල කරදරකාරී මදුරු දෂ්ට කිරීම් වැළැක්වීම සඳහා ශාක පදනම් කරගත් විකර්ෂක සාර්ථකව ක්‍රියා කරයි.

The Conversation (July 10th, 2023) හි පළවූ Not all repellents are equal – here’s how to avoid mosquito bites this summer යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending