පසුගිය ජූලි 9 වන දින, නිව් යෝක් Highland Falls හරහා ගංවතුර ගලා යාම නිසා මිනිසුන් ගබඩා තුළ සිරවී සිටි අයුරු AP Photo/John Minchillo

අධික වර්ෂාපතනය සහ ගංවතුර ඇති කරමින් දේශගුණික විපර්යාස, ජල චක්‍රය තීව්‍ර කරන ආකාරය. ඊසානදිග එක්සත් ජනපද මහා ගංවතුර හුදෙක් නවතම සිදුවීම පමණයි

2023 ජූලි 9 සහ 10 යන දිනවල එක්සත් ජනපදයේ ඊසානදිගට බලපෑ ප්රබල කුණාටු පද්ධතියක් අඟල් 10කට ආසන්න වර්ෂාපතනයක් හෙළීමෙන් නිව් යෝර්ක් හි පහළ හඩ්සන් නිම්නයේ දිනකට අඩු කාලයකදී කඳුකර ගංගා, ඉවුරු තලා  වර්මොන්ට් හරහා නගරවලට ගලා ගියේ ක්ෂණික ගංවතුර පුලුල්ව පැතිරීමට බලපාමිනි. 2011 දී අයිරින් සුළි කුණාටුව කලාපය තුළ මහත් හානි ඇති කරමින් හමා යාමෙන් පසුව, එවැනි වර්ෂාපතනයක් දැක නැතැයි වර්මොන්ට් ආණ්ඩුකාර ෆිල් ස්කොට් පවසයි.

මෙවැනි ආන්තික ජල විපත් පසුගිය වසර කිහිපය තුළ ඇල්ප්ස් කඳුකරයේ සිට 2022 සහ 2023 දී එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයක් සමග බටහිර යුරෝපය දක්වා පකිස්ථානය, ඉන්දියාව සහ ඕස්ට්රේලියාව ආදී ලොව පුරා රටවල ජන ජීවිතය අඩාල කිරීමට හේතු වී ඇත.

දේශගුණික විපර්යාසවල කාර්යභාරය, මෙවන් මහා ජලගැලීම් වලදී වඩ වඩාත් පැහැදිලි වෙමින් පවතී.

2023 ජූලි 10 වන දින, නිව් යෝක්, West Point හි එක්සත් ජනපද හමුදා ඇකඩමියේ භූමියෙහි  මෝටර් රථ ගංවතුරේ හිරවී ඇති ආකාරය. AP හරහා එක්සත් ජනපද හමුදා ඇකඩමිය

ලොව පුරා විද්‍යාඥයින් විසින් කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ ජල චක්‍රය තීව්‍ර වෙමින් පවතින අතර ග්‍රහලෝකය උණුසුම් වන විට එය තවදුරටත් තීව්‍ර වන බවයි.  දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන්, 2011 දී ලොවෙල් හී මැසචුසෙට්ස් විශ්වවිද්යාලයේ Mathew Barlow සම කතෲත්වය දැරූ  ජාත්යන්තර දේශගුණික තක්සේරුව(International climate assessment) මගින් පර්යේෂණය සමාලෝචනය කර විස්තර ඉදිරිපත් කරන ලදී.

බොහෝ ප්‍රදේශවල වඩාත් අධික වර්ෂාපතනය මෙන්ම මධ්‍යධරණී ප්‍රදේශ, නිරිතදිග ඕස්ට්‍රේලියාව, නිරිතදිග දකුණු ඇමරිකාව, දකුණු අප්‍රිකාව සහ උතුරු ඇමරිකාවේ බටහිර වියළීම ආදී වියළි අන්ත ඇතුළු අන්ත දෙකෙහිම වැඩිවීමක් එකී දේශගුණික තක්සේරුව මගින් ලේඛනගත කරනු ලැබ ඇත. අනාගත උනුසුම් වීමත් සමඟ තෙත් සහ වියලි අන්ත දෙකම අඛණ්ඩව වැඩි වන බව ද ඉන් පෙන්නුම් කෙරේ.

ජල චක්‍රය තීව්‍ර වන්නේ ඇයි?

ජලය, වායුගෝලය, සාගරය, ගොඩබිම සහ මිදුණු ජලයෙන් සමන්විත ජලාශ අතර ගමන් කරමින් පරිසරය හරහා චක්‍රා කාරව ක්‍රියා කරයි. එය වර්ෂාව හෝ හිම ලෙස ඇද හැලෙන්න පුළුවන්, පොළොවට කාන්දු වෙන්න පුළුවන්, ජල මාර්ගයකට ගලායන්න පුළුවන්, සාගරයට එකතු වෙන්න පුළුවන්, මිදෙන්නට පුළුවන් හෝ වාෂ්ප බවට පත්වී නැවත වායුගෝලයට එක් වෙන්න පුළුවන්. මෑත දශක කිහිපය තුළ, වර්ෂණ සහ වාෂ්පීකරණ අනුපාතවල සමස්ත වැඩිවීමක් ඇතිවී තිබේ.

සාධක ගණනාවක් මගින් ජල චක්‍රය තීව්‍ර කරනු ලබන නමුත් වඩාත්ම වැදගත් සාධකයක් වන්නේ වැඩිවන උෂ්ණත්වය, වාතයේ තෙතමන ප්‍රමාණයේ ඉහළ සීමාව ඉහළ නැංවීමයි. එමගින් වර්ෂාව වැඩි වීමේ හැකියාව ඉහළ ගොස් තිබේ.

දේශගුණික විපර්යාසයේ මෙම අංගය අපගේ සියලුම සාක්ෂි මාර්ග හරහා තහවුරු වේ. එය පරිගණක ආකෘති මගින් ප්‍රක්ෂේපණය කරන ලද මූලික භෞතික විද්‍යාවෙන් ද තහවුරු වෙතැයි බලාපොරොත්තු වන අතර, උෂ්ණත්වයන් ඉහළ යාම සමඟ වර්ෂාපතන තීව්‍රතාවයේ සාමාන්‍ය වැඩිවීමක් ලෙස එය දැනටමත් නිරීක්ෂණ දත්තවල පෙන්වයි.

මෙය සහ ජල චක්‍රයේ වෙනත් වෙනස්කම් අවබෝධ කර ගැනීම (ඇතිවිය හැකි) ආපදා සඳහා සූදානම් වීමට වඩා වැදගත් වේ. ජලය, සියලු පරිසර පද්ධති සඳහා සහ මානව සමාජ සඳහා මෙන්ම විශේෂයෙන් කෘෂිකර්මාන්තය සඳහා නැතුවම බැරි සම්පතකි.

අනාගතය සඳහා මෙයින් ඇති කරන බලපෑම කුමක්ද?

තීව්‍ර වන ජල චක්‍රයක් අපට පෙන්නුම් කරන්නේ, තෙත් සහ වියලි අන්ත දෙකම මෙන්ම ජල චක්‍රයේ සාමාන්‍ය විචල්‍යතාවය, ලොව පුරා ඒකාකාරව නොවුනත්, වැඩි වන බවයි.

බොහෝ භූමි ප්‍රදේශවල් දී වර්ෂාපතන තීව්රතාවය වැඩි වෙතැයි අපේක්ෂා කෙරෙන, අතර මධ්‍යධරණී මුහුදු ප්‍රදේශ, නිරිතදිග දකුණු ඇමරිකාවේ සහ උතුරු ඇමරිකාවේ බටහිර ප්‍රදේශ වල වියළි බවේ විශාලතම වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

ග්‍රහලෝකය උණුසුම් වන විට, විශේෂයෙන් ඉහළ අක්ෂාංශවල බොහෝ ප්‍රදේශවල වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත.  IPCC Sixth Assessment Report

ගෝලීය වශයෙන්, දෛනික අධික වර්ෂාපතන සිදුවීම්, ගෝලීය උෂ්ණත්වය ඉහළ යන  සෑම සෙල්සියස් අංශක 1ක්(ෆැරන්හයිට් අංශක 1.8) සඳහාම ආසන්න වශයෙන් 7% තීව්‍ර වනු ඇත.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යන අන්තයන්ට අමතරව, ජල චක්‍රයේ තවත් බොහෝ වැදගත් කරුණු ද වෙනස් වනු ඇත. කඳුකර ග්ලැසියරවල අඩුවීම්, සෘතුමය හිම ආවරණයේ කාලසීමාව අඩුවීම, කලින් හිම දියවීම සහ විවිධ ප්‍රදේශ හරහා මෝසම් වැසිවල ප්‍රතිවිරෝධතා වෙනස්වීම් ඇතුළුව, බිලියන සංඛ්‍යාත ජනතාවගේ ජල සම්පත් කෙරෙහි බලපෑම් ඇති කරන බව වාර්තාව පෙන්වා දෙයි.

කළ හැක්කේ කුමක්ද?

ජල චක්‍රයේ මෙම අංශ හරහා මතුවන එක් පොදු තේමාවක් වන්නේ  හරිතාගාර වායු විමෝචනය වැඩි වීම, විශාල බලපෑම් ඇති කිරීමට මග පාදන බවයි.

දේශගුන විපර්යාස පිළිබඳ අන්තර් රාජ්ය පැනලය(Intergovernmental Panel on Climate Change – IPCC) ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් නොකරයි. එහෙත් ප්‍රතිඵල මගින් විවිධ තේරීම්වල ඇඟවුම් කුමක් විය හැකිද යන්න පෙන්වනු ලබයි.

වාර්තාවේ විද්‍යාත්මක සාක්ෂි ලෝක නායකයින්ට පැහැදිලිවම පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ජාත්‍යන්තර ඉලක්කය වන 1.5 C (2.7 F) වෙත සීමා කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය ක්ෂණික, වේගවත් හා මහා පරිමාණයෙන් අඩු කිරීම අවශ්‍ය වන බවයි.

සාක්ෂි පෙන්නුම් කරන පරිදි, අංශකයක සෑම කොටසක්ම වැදගත් වේ.

 The Conversatio හී ජූලි 11 දා  පළ වූ How climate change intensifies the water cycle, fueling extreme rainfall and flooding යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending