සඳ මත මිනිසුන් ගොඩ බැසීම කුමන්ත්‍රණයක් යන්න ගැන තාරකා විද්යාඥයින් පවසන්නේ කුමක්ද?
ප්‍රශ්නය අසන්නේ: ඉන්දියාවේ මුම්බායි නුවර, 14 හැවිරිදි Prisha M
පිළිතුරු දෙන්නේ: Rochester Institute of Technologyහී තාරකා විද්යා සහ භෞතික විද්යා මහචාර්යMichael Richmond
1969 දී, ඒ කියන්නේ අඩ සියවසකට මදක් වැඩි කාලයකට පෙර, ඇපලෝ 11 ගගනගාමීන් වන නීල් ආම්ස්ට්රෝං සහ බුස් ඕල්ඩ්රින් යන අය සඳ මත පා තැබූහ. අඩුම වශයෙන් බොහෝ අය සිතන්නේ එලෙසයි. එසේ වුවද, ස්වල්ප දෙනෙකු තවමත් අවධාරනය කර කියා සිටින්නේ මිනිසුන් සඳ මත ගොඩ බැස්සේ නැති බවයි. ඇත්තටම ඉතින්, ඔබ ඔවුන්ව විශ්වාස කළ යුතුද? ගගනගාමීන් ඇත්තටම සඳට ගියා නම් ඒ බව ඔබ දැන ගන්නේ කෙසේද?
මෙම ප්‍රශ්නය, එම වසරේම සිදු වූ තවත් විස්මිත සිදුවීමක් සමඟින් එක පෙළට තබා විසඳා ගනිමු: New York Mets නම් කණ්ඩායම, බේස්බෝල් ලෝක තරඟාවලියේ දි සැවොම පුදුමයට පත් කරමින් Baltimore Orioles පරාජ කර නොසිතූ විරූ ජයග්‍රහණයක් ලබා ගත්තේය. එයද,තරග හතරකට එකක් වශයෙනි.

1969 ලෝක තරඟාවලිය Mets පිළ ජයග්ර හණය කිරීමෙන් පසු Mets ලෝලීහු ක්‍රිඩා පිටිය ආක්‍රමණය කරති. Getty Images හරහා Bettmann
තවත් ආශ්චර්යයක්
ඒත් ඉතින් Mets පිළ ජයගත් බව ඔබ දන්නේ කෙසේද? ඔබට එය නිසැකවම කිව හැක්කේ කෙසේද? ඇත්ත සලකතොත්, 1969 දක්වාම, ඹෙට්ස් කණ්ඩායම සැළකුණේ දුර්වල පිලක් ලෙසටය. ඔවුන් 1967 දී ප්‍රධාන ලීගවල අඩුම තරඟ දිනූ පිළක් වූ අතර, 1968 දී තුන්වැනියට අඩුම තරඟ ජයග්රීහණය කළ කණ්ඩායම විය. ඊළඟ වසරේ දී ඔවුන්ට ශූරතාව දිනා ගැනීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව කාටත් පැහැදිලිව පෙනෙන්නට තිබුනු කාරනාවකි. ඒවා වැරදියි කියලා ඔප්පු කරන්න පුළුවන්ද?
ඉතින් සඳ තරණය සිදුවුණේ නෑ කියනවා වගේ, ලෝක බේස්බෝල් තරඟාවලියේ දී එහෙම දෙයක් සිදුවුනේ නැහැ කියලා කවුරු හරි කියනවා නම්? ඇත්තටම සිදුවුනේ දුර්වල Mets කණ්ඩායම පරදා Orioles පිළ ජයග්‍රහන කිරීම කියල? Mets ජයග්‍රහනය හුදු ප්‍රෝඩාවක්, ගොතපු කතාවක්, ව්‍යාජ මවා පෑමක් කියලා?
ඒ කියන අය වැරදියි කියල ඔප්පු කරන්න පුළුවන් ද? අපි හොයලා බලමු.
රූපවාහිනියෙන් දැකලා තියෙනවා
පළමුවැන්න: මිලියන ගණනක් ඇමරිකානුවෝ රූපවාහිනියෙන් ලෝක බේස්බෝල් තරඟ මාලාව නැරඹූහ. නීල්සන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව, එක් තරඟයක් ආසන්න වශයෙන් මිලියන 11 සිට මිලියන 17 දක්වා නරඹන්නන් පිරිසක නරඹා ඇත. ඒ බොහෝ දෙනෙක් අදටත් ජීවතුන් අතර සිටින අතර Mets ජයග්රීහණය රූපවාහිනියෙන් දකිනවා ඔවුන්ට මතකයි.
ඉතින් ඇයි හැමෝම බොරු කියන්නේ? ඒක විශ්වාස කරන්න අමාරුයි නේ?
දැන් මෙන්න මේ කාරනාව සලකා බලන්න: ලොව පුරා මිලියන 600කට වඩා වැඩි පිරිසක් රූපවාහිනියෙන් සඳ තරණය නැරඹුහ.
ක්‍රීඩාංගණවලදී දැක තිබෙනවා
එහෙත්, සංශයවාදියෙකුට(සැක කරන්නෙකුට) කියන්න පුලුවන් “ඉතින් මොකක්ද?” , ඒකෙන් මොනවකවත් ඔප්පුවෙන්නේ නැහැ කියලා; මන්ද සමහර විට මුළු ලෝක බේස්බෝල් තරඟ මාලාවම කොයි ක්‍රමයකින් හරි, රූපවාහිනී ස්‍ටුඩියෝවක් තුළ අටවා ප්‍රතිනිර්මානය කල එකක් කියලා.
එහෙත් ප්‍රවේශ වාර්තා දක්වන්නේ 250,000කට වඩා වැඩි පිරිසක් පෞද්ගලිකවම පැමිණ තරඟ නැරඹූ බවයි. ඔවුන්ට අමතරව, රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් වාර්තාකරුවන් සහ සහායක පිරිස් ද මෙම ක්‍රීඩා සියැසින් දැක වාර්ත කළ, තරඟ විස්තර ඉදිරිපත් කළ අය වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අදටත් ජීවතුන් අතර සිටින අතර, Mets පිල ජයග්‍රහණය කළ බවට ඔවුන් සෑම කෙනෙක්ම එකඟ වෙති.
මෙහෙම මේ හැමෝම කියන්නේ බොරු ද? ඒක පිලිගන්න අමාරුයි නේ?

දැන් මෙය සලකා බලන්න: ගගනගාමීන් සමඟ විද්යා්ඥයින්, ඉංජිනේරුවන්, පර්යේෂකයන් සහ සහායක කාර්ය මණ්ඩලය වශයෙන්, පුද්ගලයන් 400,000 කට වඩා ඇපලෝ වැඩසටහනට සම්බන්ධව වැඩ කළහ. .
සඳ මත සිට සජීවීව – ජූලි 20, 1969.(මෙතනින් වීඩියෝව නරඹන්න)
විරුද්ධවාදීන් පවා එකඟ වුණා
ඉතින්, නිව් යෝර්ක් මාධ්‍යය හෝ වෙනත් සංයුක්ත ආයතනයක් කිසියම් දුෂ්ට අරමුණක් ඉටුකර ගැනීම සඳහා ව්‍යාජ ප්‍රේකෂකයින් සමගින් ව්‍යාජ විකාශන ඇටවූ යේ යයි සංශයවාදියෙකුට කිව හැකිය. ඒත් ඒ සවොම කිසිවක නොකියා කතා නොකරන්න හේතුව ඇසුවොත්? සමහර විට ඒ සෑම කෙනෙකුටම ගෙවීමක් කරන්නට ඇත යනුවෙන් පිළිතුරු ලැබෙනු ඇත.
නිව් යෝර්ක් පුවත්පත් සහ රූපවාහිනී මධ්‍යස්ථානවලට Mets පිල ජයග්රෙහණය කිරීමට අවශ්ය වූවත්, බැල්ටිමෝර් වාර්තාකරුවන් සහ විකාශකයින් සහ විශේෂයෙන් ක්රීඩකයින් සහ රසිකයන්ට එසේ කිරීමේ අවශ්‍යතාවත් නොවීය.
එහෙත් ඔවුන් සියලු දෙනාම – ක්‍රීඩකයන් පවා – තම කණ්ඩායම පරාජය වූ බව පිළිගත්හ. තරඟ මාලාව ව්‍යාජ එකක් නම්, Mets පිලේ විරුද්ධ වාදීන්ගෙන් එකෙක්වත් වංචාව හෙළි නොකළේ මන්ද?
මෙහෙම මේ හැමෝම කියන්නේ බොරු ද? ඒක පිලිගන්න අමාරුයි නේ?
දැන් මෙය සලකා බලන්න: සෝවියට් සංගමය අභ්යණවකාශ තරඟයේ එක්සත් ජනපදයේ ප්ර්තිවාදියා වූ බව නොරහසකි – සෝවියට දේශයට, සඳ මත පා තැබූ පලමු මිනිසා තම රටෙහි අයෙකු බවට පත්වෙනවා දකින්නට තද බල අවශ්යතාවක් විය. එනමුත් සෝවියට් රජය ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ සහ පුවත්පත් ලිපි මාර්ග්යෙන් 1969 ජූලි මාසයේදී එක්සත් ජනපද ගගනගාමීන් සඳ මත ගොඩ බැස්ස බව එරට පුරවැසියන්ට කීවේය. සෝවියට් ජනාධිපති Nikolai Podgorny, ඔහුගේ සුබ පැතුම් පිරිනමමින්, එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්ට විදුලි පණිවුඩයක් පවා යවා ඇත.
ඔබම බලන්න: 1969 Mets කණ්ඩායම ඇත්තටම ජයග්‍රහණය කළාද? (මෙතනින් වීඩියෝව නරඹන්න)
ලකුණු සටහන් පත් සහ සඳ පාෂාණ
දැන් ඔන්න මෙම අවස්ථාවෙහිදී, උග්‍ර සංශයවාදියෙකුට සිය උපක්රම වෙනස් කළ හැකි අතර, මෙම සාක්ෂි සියල්ලම හුදෙක් කාගෙන් හෝ අසා දැනගත්ආරංචි පමණක්ය, ‘කවුරු, කවුරු හෝ කියන දේවල් සත්‍ය ලෙස විශ්වාස කළ නොහැක’ යයි තර්ක කිරීමට පෙළඹෙන්නට පුළුවන.
එහෙත්, තරඟාවලියට අදාලව, සංරක්ෂණය කර ඇති දෘඩ භෞතික වස්තූන් සලකා බලන්න: නිව් යෝර්ක්, කූපර්ස්ටවුන් හි Baseball Hall of Fame හීදී තරඟාවලියට අදාල ලකුණු කාඩ්පත් සහ වැඩසටහන් පත් මෙන්ම මධ්‍යයේ පන්දු රකින්නා Tommie Agee විසින් පැළඳ සිටි අත්වැසුම් දැක බලා ගත හැකිය . සියලුම වස්තු 1969 වර්ෂයට අයත් බව දින නිර්ණය කළ හැක.
නිසැකවම, මෙය තරමක් දුර්වල සාක්ෂියකි; ලකුණු කාඩ්පත් සහ වැඩසටහන් පත් ව්යාජ මුද්රිත නිෂ්පාදන විය හැකිය. තවද විද්‍යාඥයින් විසින් Tommie Ageeගේ අත්වැසුම් වල DNA හෝඩුවාවන් සොයා ගත්තද, එයින් ඔප්පු වනු ඇත්තේ ඔහු එම වසරේ යම් අවස්ථාවක දී ඒවා පැළඳ සිටි බව මිස Mets පිළ තරඟ මාලාව ජයග්රුහණය කළ බවක් නොවේ.

කෙසේවෙතත්, සඳ ගොඩබැසීම පිළිබඳ භෞතික සාක්ෂි එතරම් පහසුවෙන් ව්‍යාජ ලෙස සකස් කළ නොහැක. ප්‍රථමයෙන්ම, ඇපලෝ ගගනගාමීන් විසින් ආපසු ගෙන එන ලද සඳ පාෂාණ පෘථිවියේ පාෂාණ මෙන් නොවන්නේය. එපමණක් නොව ඒවා සෝවියට් සහ චීන අභ්යවකාශ යානා මගින් පෘථිවිය වෙත ගෙන් ආ චන්ද්ර සාම්පලවලට සමාන වේ. බොහෝ රටවල විද්යාඥයින් විසින් මෙම පාෂාණ පරීක්ෂා කරනු ලැබ ඇති අතර අදටත්. දිගටම අධ්යයනයට ලක්වෙයි.
දෙවනුව ඇපලෝ 11 ගගනගාමීහූ සඳ මත දර්පණ (කැඩපත්) තැබූහ. එක්සත් ජනපදය, ප්රං ශය, ජර්මනිය, දකුණු අප්රිනකාව සහ ඕස්ට්රේමලියාව යන රටවල දුරේක්ෂ මගින් දශක ගණනාවක් තිස්සේ එම දර්පණ අනාවරණය කරගනු ලැබ ඇත. ඩොලර් මිලියන කිහිපයක් ඇති ඕනෑම කෙනෙකුට ඒවා දැකීමට තරම් ප්‍රමාණවත් තරම් විශාල දුරේක්ෂයක් සෑදිය හැකිය.
අප සඳහන් නොකළ සාක්ෂි තවත් තිබේ: ඇපලෝ 11 යානය යැවීමට පෙර, මිනිසුන් රහිත පරීක්ෂණ යානා දුසිම් ගණනක් එක්සත් ජනපදය සහ සෝවියට් දේශය යන දෙරටින්ම සඳ වෙත යවන ලදී; සඳ මත ගොඩ බැස්සවීම සඳහා අවශ්‍ය තාක්ෂණය ගොඩනැගුනේ ඒ ආකාරයෙන්ය. ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද විශාල මුදල එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 49ක් පමණ 1960 සහ 1973 අතර නාසා ආයාතනය මගින් වියදම් කරන ලදී. පසුගිය අර්ධ ශත වර්ෂය පුරාවට ලොව පුරා විද්යා ත්මක හා ශාස්ත්රී ය ආයතන විසින් පොදුවේ එකඟත්වයකට එළඹ ඇත්තේ ඇත්තටම අභ්‍යවකාශගාමීන් සඳ මත ගොඩ බැස්ස බවටයි.
එසේනම්, මිනිසුන් කිසි දිනෙක සඳ මත පා නොතැබූ බව සමහර අය දිගින් දිගටම අවධාරනය කරන්නේ ඇයි? සමහරවිට ඔවුන් සතුව “රහස් දැනුම” ඇති බව සිතීමට ඔවුන් කැමැති වනවා විය හැකිය. එය, අන් සියල්ලන්ට වඩා ඔවුන් තරමක් බුද්ධිමත් බව ඔවුන්ට හැඟීයාමට උපකාරීවේ.. කොහොමටත් ඉතින්, පෘථිවිය පැතලි බව සාවද්‍යව ප්‍රකාශ කරන අයත් තවමත් ඉන්නවා නේ?
හොඳයි දැන් ඔබ සිතන්නේ කුමක්ද? Baltimore Orioles ඇත්තටම 1969 ලෝක තරඟාවලිය ජයග්රනහණය කළාද? ලෝක ව්‍යාප්ත කුමන්ත්රමණයක් මගින් ප්‍රෝඩාව හෙළි කිරීමට මිලියන සංඛ්‍යාත සාක්ෂිකරුවන් ඉදිරිපත් වීම වළක්වා තිබේද? එක්සත් ජනපදයේ පුරවැසියන් මහා මනෝ මායාවකින් පෙළෙන්නෙහි ද?
ඒවා එසේ නොවන්නේ නම් Miracle Mets ඇත්තටම 1969 ලෝක තරඟාවලිය ජයග්‍රහණය කළාද?
සාක්ෂි – සහ ඔබේ තර්ක ශක්තිය මෙන්ම සාමාන්‍ය බුද්ධිය – ඔබගේ හිතට නැගෙන ප්‍රශ්නයන්ට පිළිතුරු සපයා දෙනු ඇත.
Curious Kids(The Conversation) හී පළ වූ What do astronomers have to say about the Moon landing conspiracy theories? යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න