නව අධ්යනයනයකින් හෙළි වී ඇත්තේ සුප්‍රකට “අඩු කරන්න, නැවත භාවිත කරන්න, ප්‍රතිචක්‍රීකරණය කරන්න,” යන ආදර්ශ පාඨයෙහි පළමු “භාවිත දෙක” කෙරෙහි  කෙටියෙන් යොමුවෙමින්, ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි අධික ලෙස අවධාරණය යොමුකිරීම වඩාත් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියකට වල කැපීමක් බවයි.

“අඩු කරන්න, නැවත භාවිත කරන්න, ප්‍රතිචක්‍රීකරණය කරන්න,” (Reduce, Reuse, Recycle,” – 3Rs ) යනු තිරසාරබවෙහි  හුරුපුරුදු ආදර්ශ පාඨයයි. එනමුත් නව අධ්යතයනයකින් පෙනී යන්නේ ආදර්ශ පාඨයේ තේරුම කුමක්ද යන්න හෝ එම අනුපිළිවෙලට එය සැකසී ඇත්තේ  මන්දැයි යන්න ජනයා සැබවින්ම නොදන්නා බවයි. මාර්ගගත සමීක්ෂණයක දී, සහභාගී වූවන් 473 න් අඩකට ආසන්න පිරිසකට 3R ආදර්ශ පාඨයේ වඩාත්ම වැඩිම සිට වඩාත්ම අවම ධරණීය ක්‍රියාව දක්වා නිවැරදි පිළිවෙළට පෙලගැස්වීමට නොහැකි විය.

මහජනතාව, අඩු කිරීම සහ නැවත භාවිතා කිරීම යන තිරසාරබවට වැදගත් ක්‍රියාවන් කෙරෙහි අඩුවෙන් යොමුවෙමින් ප්‍රතිචක්‍රීකරණයට ප්‍රමුඛත්වය දීමට නැඹුරු වන බව මෙකී අධ්යතයනයෙන් හෙළි වන්නේය.

ප්‍රතිචක්‍රීකරණය “අධික ලෙස අවධාරණයට ලක් කර, අධික ලෙස භාවිත කර ඇති අතර, අප වඩාත් තිරසාර උපාය මාර්ග නොසලකා හැරීමට, එනම් ප්‍රථමයෙන් කළ යුතුවන  අපද්‍රව්‍ය අඩුවෙන් නිෂ්පාදනය කිරීම” නොසලකා හැරීමට  හේතු වී ඇතැයි අධ්‍යන කණ්ඩායමේ සාමාජිකයෙකු වන  Michaela Barnett පවසයි. හෙතෙම,  වර්ජිනියා විශ්ව විද්්‍යාලයේ උපාධි ශිශ්‍යයෙකු ලෙස පර්යේෂණ සිදු කළ අයෙකු වන අතර, ටෙනසි හි නොක්ස්විල් හි ශුන්යව අපද්‍රව්‍ය ශූන්‍ය අළෙවි සැලක් වන KnoxFill හි හිමිකාරණියයි.

විවිධ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් ගැන එක්සත් ජනපදයේ වෙසෙන මිනිසුන් සිතන්නේ කුමක්ද, ප්‍රතිචක්‍රීකරණය ගැන ඔවුන් කොපමණ දන්නේද සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම කොතරම් ඵලදායි දැයි ඔවුන් සිතන්නේද යන්න විමර්ශනය කිරීම සඳහා, Barnett සහ ඇයගේ සහයෝගිතාකරුවන් විසින් සබැඳි සමීක්ෂණ දෙකක් නිර්මාණය කරනු ලැබ ඇත. 

සහභාගිවන්නන් 1,321 සම්බන්ධ වූ අධ්‍යන දෙකෙහි දීම, බොහෝ දෙනා ප්‍රකාශ කළේ ප්‍රතිචක්‍රීකරණය වඩාත්ම තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විකල්පය බව පර්යේෂකයෝ Nature Sustainability සඟරාවේ වාර්තා කරති.  

එහෙත්, “අපගේ ප්‍රතිඵලවල බොහෝ ලේශ මාත්‍ර ප්‍රභේද ඇත.” යනුවෙන් බාර්නට් තවදුරටත් පවසන්නීය.  ඉඩම් පිරවීම පිණිස යොදා ගන්නා අපද්‍රව්‍ය  අවම කිරීම සඳහා තමන්ට හෝ වෙනත් ඇමරිකානුවන්ට කළ හැකි වඩාත්ම ඵලදායි දෙය කුමක් දැයි පර්යේෂන වාර්තාවෙහි සඳහන් දෙවන සමීක්ෂණයේදී විමසූ විට, වෙනත් ඕනෑම විකල්පයකට වඩා බොහෝ විට ප්‍රතිචක්‍රීකරණය ගැන මිනිස්සු සඳහන් කළහ. එහෙත්, සාගරයේ ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රම පිළිබඳව විමසූ විට, සහභාගී වූ 848 දෙනාගෙන්  ප්‍රතිචක්‍රීකරණය යයි පිළිතුරු දුන් 40% ට  සාපේක්ෂව ප්ලාස්ටික් නිෂ්පාදන අඩුවෙන් භාවිතා කිරීමට  22.2% ක්ම යෝජනා කර ඇත්තේය..

“ප්‍රතිචක්‍රීකරණය කෙරෙහි නැඹුරුවක් ප්‍රදර්ශනය කළද, ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ ගැටළු පිළිබඳව ජනතාව දැනුවත්ව සිටීම සහ ඒ පිළිබඳව විශ්වාසයක් නොතිබීම ගැන මම පුදුමයට පත් වූවෙමි,” යි බාර්නෙට් පවසයි. එක් සමීක්ෂණයක දී හෙළි වූයේ, මෙතෙක් නිපදවා ඇති ප්ලාස්ටික් වලින් බහුතරය අවසාන වන්නේ කුණු ගොඩවල්වල  හෝ ස්වභාවික පරිසරය තුළ බව සහභාගිවන්නෝ දැන සිටි බවයි.  (ඔවුන් ප්‍රතිචක්‍රීකරණය කර ඇති ප්ලාස්ටික් ප්‍රතිශතය 25%ක් ලෙස අධිතක්සේරු කර ඇතත්, විශේෂඥ ඇස්තමේන්තු අනුව එය 9%ක් පමණ වේ).

අනෙක් සමීක්ෂණයේදී, සහභාගිවන්නන් ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රතිචක්‍රීකරණය බඳුන්වල බහා තැබූ අයිතම ප්‍රතිචක්‍රීකරණය වන බවට විශ්වාස කරන්නේ 50% ක් පමණ  බවයි.

“ප්‍රතිචක්‍රීකරණයේ ගැටළු ගැන මිනිසුන් දැනුවත් විය හැක – නමුත් ඔවුහු තවමත් එය ප්‍රධාන පරිසර හිතකාමී ක්‍රියාව ලෙස සලකති,”යි බාර්නෙට් පවසයි. “මෙයට හේතුව (අපද්‍රව්‍ය) ප්‍රභවයන්  අඩු කිරීම සලකා බැලීමට මිනිසුන් අපොහොසත් වීමයි. අපගේ නාස්තිකාර පද්ධතියෙන් ඉවත් වීම පහසුවෙන් කල හැක්කක් සහ කළ යුත්තක් නොවන ස ලෙස හැඟෙන නිසා විය හැකිය, ප්‍රතිචක්‍රීකරණය ඇත්ත වශයෙන්ම හොඳම විකල්පය නොවන බව මිනිසුන් දැන සිටින්නට පුළුවන. එහෙත් ඔවුන් එය සංජානනය් කර ගන්නේ අඩුම වශයෙන් නරකතම විකල්පය ලෙසය.”

ප්‍රතිචක්‍රීකරණය

අවම වශයෙන් නරකම විකල්පය  යොදා ගැනීම සඳහා ඇති මෙම ආශාව නැතිනම් නැඹුරුව,  “පැතුම් චක්‍රීකරණය”(“wish cycling”) නිරත වීමට මිනිසුන් අතරේ ඇති ප්‍රවණතාවයට යම් සම්බන්ධයක් තිබිය හැකිය. අතථ්‍ය  ප්‍රතිචක්‍රීකරණයට, කොම්පෝස්ට් සහ කසළ බඳුන්වලට බහා ලන විවිධ වර්ගවල අයිතම වර්ග කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේ, එක් සමීක්ෂණයකට සහභාගී වූවන්ගෙන් හතරෙන් එකකට වඩා වැඩි පිරිසක්,  වැරදි ලෙස ‍තෝරා ගත්තේ ප්ලාස්ටික් බෑග්, ඉවත දැමිය හැකි කෝපි කෝප්ප සහ විදුලි බුබුළු වැනි දේ ප්‍රතිචක්‍රීකරණ බඳුනට  එක්කළ යුතු අයිතම ලෙසයි.

අපද්‍රව්‍ය අවම කිරීමට විශාලතම විභවය ඇත්තේ නිෂ්පාදනයේ ජීවන චක්‍රයේ කුමන අවධියදැයි පර්යේෂකයන් මෙම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් විමසූ විට, අඩකට වඩා කියා ඇත්තේ නිෂ්පාදන සැලසුම් අවධිය කියායි. කෙසේවෙතත් අපද්‍රව්‍ය අවම කිරීමට තනි පුද්ගලයන් වශයෙන් තමන්ට වැඩි බලයක් ඇතැයි ඔවුන්ට හැඟෙන්නේ කුමන අවස්ථා වලදීදැයි ඇසූ විට, අතිමහත් බහුතරය ප්‍රතිචාර දැක්වූයේ පරිභෝජන (72.9%) හෝ බැහැර කිරීමේ (23.3%) අදියර — එනම්, යමක් මිලදී ගත යුතුද, කුමක් මිල දී ගතයුතුද යන්න සහ ප්‍රතිචක්‍රීකරණය කළ යුතුද යන අදියරයි.

“සමහර අවස්ථා වලදී, පවතින් ප්‍රවාහයට විරුද්ධ විකල්පයන් හොඳම විකල්පයන් බව මිනිස්සු තේරුම් ගනිති; එහෙත් පරිභෝජන හැසිරීම් සම්බන්ධ නොවන මොනම මට්ටමකින් හෝ පද්ධතිය වෙනස් කිරීමට තරම් ඔවුන් කොහෙත්ම  බලගැන් වී නැතැයි ඔවුනට හැඟී යන්නේ යයි” බාර්නෙට් පවසයි, “වෙනත් වචන වලින් කිවහොත්, විපර්ය කාරකයෙකු වීමට(change agent) ඇති එකම මාර්ගය පාරිභෝගිකයෙකු සහ බැහැර කරන්නෙකු ලෙස මිස පුරවැසියෙකු හෝ උපදේශකයෙකු ලෙස නොවන්නේ යයි මිනිසුන් සිතන බව පෙනේ.”

සවිබල ගැන්වීම පිළිබඳ මෙම සංකල්පය කුතුහලය දනවන සුළුය යි බාර්නට් සිතයි. “අපගේ වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගය, පාරිභෝගිකයන් ලෙස මිස පුරවැසියන් ලෙස නොවන බව අප සිතන්නේ ඇයි?  තනි තනි පුද්ගලයන් ලෙසඅවසානයේ පරිශීලනය කරන්නෙකු වශයෙන් හැසිරීම් පමණක් නොව විපර්ය කාරකයෙකුවෙමින් සහ පද්ධති වෙනස් කරන ධාරිතාවකින් ක්‍රියා කිරීමට අපට මිනිසුන්ව බලගන්වන්නේ කෙසේද?” ඇය ප්‍රශ්න කරයි. “මම මෙම ප්‍රශ්න ගැන විමසිල්ලෙන් සිතමින් සිටින අතර අනාගත ව්‍යාපෘති කිහිපයක් මනසේ  රඳවා ගෙන සිටිමි.”

[මූලාශ්‍රය: Barnett M.J. et al.  “Recycling bias and reduction neglect.” Nature Sustainability 2023]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending